දේවවචනය නිධානයක් | එෆීස 1-3
යෙහෝවා දෙවියන් තම අරමුණ ඉටු කරන්න ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්
ස්වර්ගයේ ඉන්න අයවත් පොළොවේ ඉන්න අයවත් එක්සත් කරන්න යෙහෝවා දෙවියන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.
ඒකෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ ස්වර්ගයේ ඉඳන් දෙවියන්ට සේවය කරන්න අභිෂේක ලත් අයට පුහුණුවක් ලැබෙනවා
ඒකෙන් දේවරාජ්‍යයේ පාලනය යටතේ පොළොවේ ජීවත් වෙන්න යන අයට පුහුණුවක් ලැබෙනවා
යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ එක්සත්කමට දායක වෙන්න මට කරන්න පුළුවන් මොනවාද?