දේවවචනය නිධානයක් | ක්රියා 19-20
“ඔබ ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් සිටින්න”
සභාවේ එක් එක් කෙනාව මිල දී අරන් තියෙන්නේ යේසුස්ගේ රුධිරයෙන් කියලා වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. එයාලා සභාවේ අයව පෝෂණය කරන්නත් ආදරයෙන් රැකබලා ගන්නත් පෙලඹෙන්නේ ඒ නිසයි. පාවුල් වගේ සභාව වෙනුවෙන් ලොකු කැපවීමකින් වැඩ කරන අයව අපි හුඟක් අගය කරනවා. අපි එයාලට ආදරෙයි.