දේවවචනය නිධානයක් | මාක් 5-6
මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලය තියෙනවා
ආදරය කරන කෙනෙක් මැරුණාම අපිට ලොකු දුකක් දැනෙන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය අඩු නිසයි කියලා කියන්න බැහැ (උත් 23:2)
බයිබලේ සඳහන් වෙලා තියෙන නැවත නැඟිටුවීම් සම්බන්ධ වාර්තා ගැන හොඳට හිතද්දී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් වෙනවා
ඔයා හුඟක් ආසාවෙන් බලන් ඉන්නේ පාරාදීසයේදී කවුරු නැවත නැඟිටිනවා දකින්නද?
මරණය නිසා අපෙන් වෙන් වුණු අයව ආයේ දකින්න ලැබෙන මොහොත ගැන ඔයාගේ හිතේ ඇඳෙන්නේ මොන වගේ චිත්රයක්ද?