යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිර්භීතකම
නිර්භීතකම අත්‍යවශ්‍ය ඇයි?
දේශනා කරන්න නිර්භීතකම ඕනේ.—ක්‍රියා 5:27-29, 41, 42
මහත් පීඩාවට හොඳින් මුහුණ දෙන්න නිර්භීතකම ඕනෙමයි.—මතෙ 24:15-21
මිනිසුන්ට බය වුණොත් ඒක විනාශයට මඟ පාදයි.—යෙරෙ 38:17-20; 39:4-7
ඒක ඇති කරගන්නේ කොහොමද?
යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ගලවාගත්ත විදි ගැන හොඳට හිතන්න.—නික් 14:13
නිර්භීතකම ඇති කරගන්න උදව් කරන්න කියලා යාච්ඤා කරන්න.—ක්‍රියා 4:29, 31
යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න.—ගීතා 118:6
සේවයේ යද්දී මං නැති කරගන්න ඕනෙ මොන දේවලට තියෙන බයද?
‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - මිනිසුන්ට බය වීම’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
සේවයේ යද්දී නිර්භීතකම ඕනෙම කරන දෙයක් වෙන්නේ ඇයි?
හිතෝපදේශ 29:25න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අපි දැන් ඉඳන්ම නිර්භීතකම වර්ධනය කරගන්න ඕනෙ ඇයි?