දේවවචනය නිධානයක් | හිතෝපදේශ 12-16
ප්‍රඥාව රනටත් වඩා වටින්නේය
මුද්‍රිත පිටුව
දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව ඒ තරම්ම වටින්නේ ඇයි? කෙනෙක්ව වැරදි මාර්ගවලින් අයින් කරලා එයාගෙ ජීවිතය ආරක්ෂා කරන්න ඒකට පුළුවන්. දෙවි කැමති විදිහට කතා කරන්න, හැසිරෙන්න ඒක උදව් වෙනවා.
උඩඟු නොවී ඉන්න ප්‍රඥාව උදව් වෙනවා
ප්‍රඥාවේ උල්පත යෙහෝවා දෙවි කියලා ප්‍රඥාවන්ත කෙනෙක් තේරුම්ගන්නවා
සාර්ථකත්වය අද්දකින අය, වැඩිපුර වගකීම් භාර දීලා තියෙන අය විශේෂයෙන්ම උඩඟුකමිනුත් අහංකාරකමිනුත් පරෙස්සම් වෙන්න ඕනේ
කතාබහ යහපත්ව තියාගන්න ප්‍රඥාව උදව් වෙනවා
ප්‍රඥාවන්ත කෙනෙක් අනිත් අයගේ හොඳ දැකලා ඒ ගැන කතා කරනවා
ප්‍රඥාවන්ත වදන් මීපැණි වගේ මිහිරියි. හිත රිද්දන්නේ නැහැ. දිරිගන්වනවා