දේවවචනය නිධානයක් | ගීතාවලිය 87–91
දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න
යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” ඉද්දී දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙනවා
යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න නම් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්නම ඕනේ
දෙවි ගැන විශ්වාසයක් නැති අයට ඒ ස්ථානය ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ
යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ඉන්න අය දෙවි ගැන එයාලාට තියෙන විශ්වාසය, ආදරය නැති කරන්න කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් ඉඩ දෙන්නේ නැහැ
“කුරුලු දඩයක්කරු” හදන්නේ අපිව උගුලකට අහු කරගන්නයි
කුරුල්ලන්ව උගුලකට අහු කරගන්න ලේසි නෑ
කුරුලු දඩයක්කරුවෙක් කුරුල්ලන් කරන දේවල් දිහා හොඳට බලන් ඉඳලා උන්ට ගැළපෙන උගුලක් ගැන හිතනවා
සාතනුත් යෙහෝවා දෙවිගේ සෙනඟ දිහා හොඳට බලන් ඉඳලා දෙවිත් එක්ක එයාලාට තියෙන බැඳීම නැති කරන්න උගුල් අටවනවා
සාතන් අටවන ප්‍රධාන උගුල් හතරක්:
මිනිසුන්ට තියෙන බය
ධන සම්පත්වලට තියෙන ආශාව
නුසුදුසු විනෝදාංශ
හිත් රිදවීම්