අත්හදා බැලීමට යෝජනා
මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. අපි අතින් ලොකු වරදක් වුණොත් දෙවියන්ගෙන් ඒකට සමාව ලබාගන්න පුළුවන්ද? ඔයා මොකද හිතන්නෙ?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මැයි 1 මුරටැඹ සඟරාවේ 15වෙනි පිටුවේ තියෙන ලිපිය පෙන්නන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරාව දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ මැයි 1
“මං ආසයි මෙතැන කියලා තියෙන දේ ගැන ඔයාගේ අදහස් දැනගන්න. [1 යොහන් 4:8 කියවන්න.] හුඟක් අය කියනවා මේක ඇත්තක් කියලා. ඒ වුණාට සමහර අය කියනවා දෙවියන් මහ නපුරු කෙනෙක් වෙන්න ඇති, ඒකනෙ ස්වාභාවික විපත් සිද්ධ වෙන්න ඉඩ හරින්නෙ. ඔයා මොනවද ඒ ගැන හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවෙ පෙන්නනවා, ඒ විදිහට දෙවියන් ගැන හිතන එක වැරදියි කියලා කියන්න සාධාරණ හේතු.”
පිබිදෙව්! මැයි
“අද හැමෝම කතා කරන දෙයක් ගැන අපි කතා කෙරුවා. අපි කතා කෙරුවේ අද හැම තැනම වෙන අපරාධ ගැන. සමහරු කිව්වෙ පොලීසියේ අය තව හිටියා නං හොඳයි කියලා. ඔයා මොකද හිතන්නෙ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔයා දන්නවද බයිබලේ කියනවා අපරාධ නැති වෙනවා කියලා? [ගීතාවලිය 37:10, 11 කියවන්න.] මේ සඟරාවේ ඒ පොරොන්දුව ගැනත් අපි ආරක්ෂා වෙන්න මොන වගේ පියවර ගන්න ඕනෙද කියලත් පෙන්නනවා.”