අනාගතවක්තෘ යෝනා අපිට ආදර්ශයක්!
1. යෝනා කොයි වගේ කෙනෙක්ද?
1 යෝනා කිව්ව ගමන්ම සමහර අයට හිතෙන්නෙ ඔහු බියගුළු, හිතක් පපුවක් නැති කෙනෙක් කියලා. ඒත් යෝනා කියන්නෙ නිහතමානී, නිර්භීත, ආත්ම පරිත්‍යාගශීලී කෙනෙක්. ඔහුට තිබුණ ඒ හොඳ ගතිගුණ “ආදර්ශයට ගන්න” අපිට පුළුවන් කොහොමද?—යාකො. 5:10.
2. යෝනාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
2 නිහතමානිකම: යෝනා යෙහෝවා දෙවි යන්න කිව්ව දිහාවට මුලින්ම ගියේ නෑ. නොගිය එක පුදුමයකුත් නෙමෙයි. මොකද නිනිවය හැඳින්නුවේ “ලේ පිපාසිත නගරය” කියලා. (නාහු. 3:1-3) ඇසිරියානුවනුත් හරිම දුෂ්ටයි. දෙවි යෝනාව හික්මවලා තවත් අවස්ථාවක් දුන්නා. මේ වතාවෙ යෝනා නිහතමානී වෙලා පැවරුම පිළිගත්තා. (හිතෝ. 24:32; යෝනා 3:1-3) මුලින් බැහැ කිව්වත් පස්සෙ දෙවි කිව්ව දේ කෙරුවා. (මතෙ. 21:28-31) අපිටත් හික්මවීම් ලැබෙන්න පුළුවන්. පීඩා දුෂ්කරතා තියෙන පළාතක දේශනා කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි යෝනාව ආදර්ශයට ගන්නවද?
3. දේවසේවයේදී නිර්භීතකම සහ ආත්ම පරිත්‍යාගශීලීකම පෙන්වන්න ඕන වෙන්නෙ මොන අවස්ථාවලදීද?
3 නිර්භීතකම සහ ආත්ම පරිත්‍යාගශීලීකම: තමන්ගෙ මුරණ්ඩුකම නිසා නැවේ හිටපු අයගේ ජීවිතවලටත් අනතුරක් වෙලා කියලා යෝනාට තේරුණාම භය නැතුව මැරෙන්න වුණත් ඉදිරිපත් වුණා. (යෝනා 1:3, 4, 12) නිනිවයට ගියාට පස්සෙත් ඔහු නගරය ඇතුළට සෑහෙන දුරක් ඇවිදගෙන ගියා. එහෙම ගියේ විනාශය ගැන කියන්න සුදුසු තැනක් හොයාගන්න. යෝනා බියගුළු කෙනෙක් නම් ඒ වගේ දේවල් කරයිද? ඇත්තෙන්ම ඔහු නිර්භීත අනාගතවක්තෘවරයෙක්! (යෝනා 3:3, 4) අපි කොයි වගේ අයද? අපිට විරුද්ධවාදිකම් එද්දී භය නැතුව දිගටම දේශනා කරන්න නම් දෙවිගේ බලය තුළින් ලැබෙන නිර්භීතකම අවශ්‍යයි. (ක්‍රියා 4:29, 31) ඒ වගේම අපේ කාලය සහ වෙනත් දේවල් දේවසේවය වෙනුවෙන් කැප කරන්න ආත්ම පරිත්යාශීලීකමත් අවශ්‍යයි.—ක්‍රියා 20:24.
4. අනාගතවක්තෘවරුන් තබපු ආදර්ශ ගැන හොඳට හිතලා බලන්න ඕනෙ ඇයි?
4 අනාගතවක්තෘවරුන් ගැන තියෙන වාර්තා කියවද්දී ඒ සිද්ධීන් හිතින් මවාගන්න. ‘මං එදා හිටියා නං මම මොනා කරයිද? එයාගෙ ගුණාංග මං ආදර්ශයට ගන්නෙ කොහොමද?’ (හෙබ්‍රෙ. 6:11, 12) ඒ වගේ ප්‍රශ්න අපි හිතලා බැලුවොත් අපිට හුඟක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් වෙයි. ඉදිරි රාජ්‍ය සේවාවලත් අනාගතවක්තෘවරුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් තවත් වටිනා පාඩම් ගැන සලකා බලනවා.