යාච්ඤාව හා ගැඹුරින් කල්පනා කිරීම අත්‍යවශ්‍යයි
1. ශුභාරංචිය ප්‍රකාශ කරන්න පූර්ණ අවධානයක් දීමට යේසුස්ට උපකාරවත් වුණේ කුමක්ද?
1 දිනක් යේසුස් රෝගීන්ව සුව කරමින්, භූතයන්ව දුරු කරමින් සවස් වරුව ගත කළා. පසු දිනයේදී ඔහු වෙතට පැමිණි ගෝලයෝ ඔහුට මෙසේ පැවසුවා. “සියලුදෙනාම ඔබව සොයනවා.” ඔවුන්ට අවශ්‍ය වුණේ යේසුස් එදිනත් බලවත් ක්‍රියා කරනවාටයි. නමුත් යේසුස් තම ප්‍රධාන කාර්යය වන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බාධා වෙන්න ඒ කිසි දේකට ඉඩ දුන්නේ නැහැ. ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “අපි වෙන තැනකට යමු. අනික් ගම්බද පළාත්වල ඇති නුවරවලත් මට දේශනා කරන්න අවශ්‍යයි. මම ආවේ ඒ කාර්යය සඳහායි.” එම කාර්යයට පූර්ණ අවධානයක් දීමට යේසුස්ට උපකාරවත් වුණේ කුමක්ද? හිමිදිරියේම නැඟිට යාච්ඤා කිරීම හා ගැඹුරින් කල්පනා කිරීමයි. (මාක් 1:32-39) අපටත් උද්යෝගයෙන් සේවය කිරීමට යාච්ඤාව හා ගැඹුරින් කල්පනා කිරීම උපකාරවත් වන්නේ කොහොමද?
2. සේවයට ඇති උද්යෝගය දිගටම පවත්වාගැනීමට කුමන දේවල් ගැන කල්පනා කිරීම උපකාරවත් වෙයිද?
2 ගැඹුරින් කල්පනා කළ හැකි දේවල්: එදා සිටි ජනයා “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” බව යේසුස් දුටුවා. (මතෙ. 9:36) අද දිනත් ශුභාරංචිය අසන්න නොලැබුණු කොතරම් පිරිසක් සිටිනවාද යන්න ගැන අපට කල්පනා කළ හැකියි. එසේ කිරීම මොන තරම් හදිසි කාර්යයක්ද කියා ගැඹුරින් කල්පනා කරන්නද පුළුවන්. (1 කොරි. 7:29) යෙහෝවා දෙවිගේ අගනා ගුණාංග ගැන, ඔහුගේ සාක්ෂිකරුවෙක් වීමේ වරප්‍රසාදය ගැන හා බොහෝදෙනෙක් නොදන්නා, දෙවිගැන අප ඉගෙනගෙන ඇති වටිනා සත්‍යයන් ගැන ගැඹුරින් කල්පනා කරන්න අපට පුළුවන්.—ගීතා. 77:11-13; යෙසා. 43:10-12; මතෙ. 13:52.
3. ගැඹුරින් කල්පනා කිරීමට යොදාගත හැකි අවස්ථා මොනවාද?
3 සුදුසු අවස්ථා: යේසුස් කළා හා සමානව සමහරුන් ගැඹුරින් කල්පනා කිරීමට හිමිදිරි උදෑසන අවදි වෙනවා. තවත් අය නින්දට යෑමට පෙර එසේ කිරීමට තෝරාගන්නවා. (උත්. 24:63) අප කොතරම් කාර්යබහුල වුණත් ඒ සඳහා කාලය සොයාගත හැකියි. සමහර අය ගමන්බිමන් යන අතරතුර, තවත් අය රැකියා ස්ථානයේ කෑම පැයේදී ඒ සඳහා කාලය සොයාගන්නවා. බොහෝදෙනෙක් දේවසේවයේ හවුල් වීමට පෙර විනාඩි කිහිපයකට හෝ ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගන්නා අතර එය ඔවුන්ට ඉතා උද්යෝගයෙන් හා නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරන්න උපකාරවත් වෙනවා.
4. ගැඹුරින් කල්පනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
4 අප ගැඹුරින් කල්පනා කරන විට දෙවිට සේවය කිරීමට වූ අපගේ ආශාව තවත් වැඩි වෙනවා. නමස්කාරයට මුල් තැන දෙන්න එය උපකාරවත් වෙනවා. නොකඩවා ශුභාරංචිය දේශනා කිරීමට වූ අපගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙනවා. යේසුස් ගැඹුරින් කල්පනා කිරීමට කාලය ගැනීමෙන් ප්‍රයෝජන ලැබුවා හා සමානව අපටත් එය ප්‍රයෝජනවත් වන බව ස්ථිරයි.