නොවැම්බර් 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 29න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 10වන පරි. 9-15 ඡේ. සහ 130වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 6-9
අංක 1: 2 ලේකම් 6: 12-21
අංක 2: පොළොව: පොළොව කිසිදා විනාශ වන්නේ නැත (17ආ බයිබල් විෂයන්)
අංක 3: ‘දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කළ’ හැකි ක්‍රම (රෝම 12:21)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන
විනා. 10: “යාච්ඤාව හා ගැඹුරින් කල්පනා කිරීම අත්‍යවශ්‍යයි.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ගැඹුරින් කල්පනා කිරීම සඳහා සබයේ සිටින අය යොදාගන්නා වේලාවන් ගැන විමසන්න.
විනා. 10: සතුටු සිතින් දෙවිට පරිත්‍යාග කරමු. වර්ෂ 2010 නොවැම්බර් 15වන මුරටැඹ කලාපයේ 20-21 දක්වා පිටු මත පදනම් වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: දෙසැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කර පෙන්වන්න.