මැයි 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 10න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
lv 1වන පරි. 10-18 ඡේ. සහ 15වන පිටුවේ කොටුව
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 4-8
අංක. 1: 2 සාමුවෙල් 6:1-13
අංක. 2: ජීවිතය: සදාකාල ජීවනය ලැබෙන්නේ කීකරු අයටය (8අ බයිබල් විෂයන්)
අංක. 3: කෑදරකමෙන් කටයුතු කිරීම රූප වන්දනාවට සමාන වන්නේ කෙසේද? (එෆී. 5:5)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 200
විනා. 5: නිවේදන.
විනා. 10: ප්රායෝගික උපකාර ලබා දෙන්න. සේවා පාසැල පොතේ 188වන පිටුවේ 4වන ඡේදයේ සිට 189වන පිටුවේ අවසානය දක්වා සබය සමඟ සාකච්ඡාවක්. අන් අයගේ පෞද්ගලික උනන්දුව නිසා ප්රගතියක් ලැබූ කෙනෙක්ව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
විනා. 10: පිරිසිදු රාජ්ය ශාලාවක් දෙවිට ගෞරවය ගෙන දෙයි. වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්. යෙහෝවා ශුද්ධ දෙවි කෙනෙක්. එමනිසා ඔහුගේ සෙනඟ ශාරීරිකව පිරිසිදුව සිටිය යුතුයි. (නික්. 30:17-21; 40:30-32) අපේ නමස්කාර ස්ථානය හොඳින් නඩත්තු කර පිරිසිදුව තබාගැනීමෙන් අපි යෙහෝවා දෙවිට ගෞරවය ලබා දෙනවා (1 පේතෘ. 2:12) සභාවේ පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ සැලැස්ම සංවිධානය කරන සහෝදරයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. රාජ්ය ශාලාවේ මනා පෙනුම නිසා ජනයාට සාක්ෂි දැරීමට ලැබුණු අවස්ථා ගැන සභාවේ හෝ ප්රකාශනයක සඳහන් අද්දැකීම් පවසන්න. රාජ්ය ශාලාව හොඳ තත්වයෙන් පවත්වාගෙන යෑමට සියලුදෙනාවම දිරිගන්වන්න.
විනා. 10: ‘මේ ශුභාරංචිය දේශනා කරනු ලබයි’! ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 155