ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/07 12 පි.
  • අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සංචාරක අවේක්ෂකයෝ—සත්‍යය තුළ හවුල් වැඩකරුවෙ
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සංචාරක අවේක්ෂකයන් විශ්වාස ගබඩාකාරයන් හැටියට සේවය කරන අන්දම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 අපගේ රාජ්‍ය සේවාව
km 10/07 12 පි.

අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්

1. සංචාරක අවේක්ෂකයන් සභා බැහැදැකීමට පැමිණෙන විට විවෘත වන විශේෂ ප්‍රස්තා මොනවාද?

1 පාවුල් රෝමයේ පිහිටි සභාවට මෙසේ ලිව්වා. “ඔබ ස්ථිර වන පිණිස ඔබට යම් ආත්මික දීමනාවක් දීම සඳහා ඔබව දැකගැනීමට දැඩි ආශාවෙන් සිටිමි. එපමණක්ද නොව, ඔබෙත් මගෙත් ඇදහිල්ල මාර්ගයෙන් අප එකිනෙකා අතරේ අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ඇති වනු ඇත.” (රෝම 1:11, 12) මේ කාලයේ සංචාරක අවේක්ෂකයන් සභාවලට පැමිණෙන විටද අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ලබන්න ප්‍රස්තා විවෘත වෙනවා.

2. චාරිකා අවේක්ෂකගේ පැමිණීම කලින්ම නිවේදනය කරන්නේ ඇයි?

2 සභාව: චාරිකා අවේක්ෂක සභාවලට පැමිණෙන සතිය සාමාන්‍යයෙන් මාස තුනකට කලින් නිවේදනය කරනවා. මේ නිසා එම සතියෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීමට ඇති තරම් කාලය ලැබෙනවා. (එෆී. 5:15, 16) ඔබ රැකියාවක් කරනවා නම්, ඒ සතියේ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා නිවාඩු ගැනීමටත් ඇති තරම් කල් තිබෙනවා. ඒ මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කරන්න සමහරුන් සැලසුම් කරනවා. ඒ සතියේදී ඔබ දවස් කිහිපයකට වෙනත් ගමනක් යන්න සැලසුම් කර තිබෙනවා නම් එය වෙනස් කරගන්න පුළුවන්ද?

3. චාරිකා සතියේදී දිරිගැන්වීමක් ලබාගැනීමට පෞද්ගලිකව කළ හැකි දේවල් මොනවාද?

3 චාරිකා අවේක්ෂක සභාවට පැමිණීමේ එක් මූලික පරමාර්ථයක් වන්නේ පෞද්ගලිකව දිරිගැන්වීම් ලබා දීම හා ක්ෂේත්‍ර සේවයේදී ප්‍රචාරකයන්ව පුහුණු කිරීමයි. ඔහු සමඟ හෝ ඔහු විවාහක නම් ඔහුගේ භාර්යාව සමඟ සේවයේ හවුල් වන්න ඔබ කැමති බව ඔහුට දන්වන්න පුළුවන්. සේවයේ අද්දැකීම් අඩු අය හෝ තමන් සේවය කරන ආකාරය තව දියුණු කරගැනීමට කැමති අය ඇතුළුව විවිධ ප්‍රචාරකයන් සමඟ සේවයේ හවුල් වන්න ඔහු කැමතියි. ඔහු සාක්ෂි දරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් හා ඔහු දෙන යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් සියලුදෙනාටම ඔහුගෙන් ඉගෙනගත හැකියි. (1 කොරි. 4:16, 17) ඔහුට ආහාර වේලකට ආරාධනා කිරීමෙන් දිරිගන්වනසුලු ඇසුරක් භුක්ති විඳිය හැකියි. (හෙබ්‍රෙ. 13:2) ඔහු ඉදිරිපත් කරන කතා සභාවේ අවශ්‍යතාවන්ට අනුව සකස් කර තිබෙන නිසා ඒවාට හොඳින් සවන් දෙන්න.

4. අපේ චාරිකා අවේක්ෂකව දිරිගැන්විය හැක්කේ කොහොමද?

4 චාරිකා අවේක්ෂක: පාවුල් සේවය කළ ප්‍රදේශවල සිටි සහෝදරයන් මෙන් ඔහුද දුෂ්කරතා හා ගැටලු අද්දැක්කා. මේ නිසා ඔහුටත් දිරිගැන්වීම් අවශ්‍ය වුණා. ඔහුට ලැබුණු දිරිගැන්වීම් ඔහු බොහෝ සේ අගය කළා. (2 කොරි. 11:26-28) සිරකරුවෙකුව සිටි පාවුල් රෝමයට පැමිණෙන බව එහි තිබූ සභාවේ අය දැනගත් විට ඔවුන්ගෙන් සමහරු කිලෝමීටර් 74ක් දුර ගෙවා ඔහුව හමුවීමට අපියුස්ගේ වෙළඳාම්පළ දක්වා ගමන් කළා. “පාවුල් ඔවුන්ව දැක දෙවිට ස්තුති කොට ධෛර්යය උපදවාගත්තේය” කියා වාර්තා කර තිබෙන්නේ එමගින් ඔහු දිරිගැන්වුණු නිසයි. (ක්‍රියා 28:15) ඒ හා සමානව ඔබේ චාරිකා අවේක්ෂකවත් දිරිගන්වන්න ඔබට පුළුවන්. චාරිකා සතියේ ක්‍රියාකාරකම්වල උද්‍යෝගයෙන් හවුල් වීමෙන් ඔහුට “දෙගුණයක් ගෞරවය” පෙන්වන්න. (1 තිමෝ. 5:17) ඔබ වෙනුවෙන් ඔහු දරන වෑයම් ඔබ අවංකව අගය කරන බව වචනවලින් මෙන්ම ක්‍රියාවලින්ද පෙන්වන්න. ඔහුත් ඔහුගේ භාර්යාවත් ඔබේ ඇදහිල්ල, ප්‍රේමය හා විඳදරාගැනීම දකින විට ප්‍රීති වෙයි.—2 තෙස. 1:3, 4.

5. මේ කාලයේ අපි සියලුදෙනාටම දිරිගැන්වීම් අවශ්‍ය වන්නේ ඇයි?

5 “කටයුතු කිරීමට අසීරු” මේ කාලයේ දිරිගැන්වීම් අවශ්‍ය නැත්තේ කාටද? (2 තිමෝ. 3:1) චාරිකා සතියේ සභා ක්‍රියාකාරකම්වල පූර්ණ ලෙස හවුල් වීමට දැන්ම තීරණය කරන්න. අප සංචාරක අවේක්ෂකයන් වේවා ප්‍රචාරකයන් වේවා අපි සියලුදෙනාටම එකිනෙකාව දිරිගැන්වීමෙන් මහත් ප්‍රීතියක් ලැබිය හැකියි. මෙසේ “එකිනෙකාව සනසවමින්ද එකිනෙකාව ගොඩනංවමින්ද සිටින්න” අපිට හැකි වෙනවා.—1 තෙස. 5:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න