සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! අප්රි.
“දෙවිව අදහන බොහෝදෙනෙක් කියනවා කුරුසිය මගින් දෙවියන්ට ළං වෙන්න තමාට පුළුවන් කියලා. නමුත්, මෙහෙම හිතන්න. යේසුස්ව මරණයට පත් කරන්න පාවිච්චි කළ දෙයකට ගෞරවය දක්වන එක හරිද? අනික, ඇත්තටම යේසුස් මැරුණේ කුරුසියක් මතද? මේ සඟරාවේ 12වන පිටුවේ තිබෙන ලිපියේ මේ ගැන කතා කරලා තියෙනවා.” ක්රියා 5:30 කියවන්න.
මුරටැඹ මැයි 1
“අද බොහෝදෙනෙක් ජීවත් වෙන්නේ දුප්පත්කමේ අඩියේ. ඔබට හිතෙන හැටියට ඔවුන්ට උපකාර කරන්න පුළුවන් කොහොමද? [පිළිතුරට ඉඩහරින්න. පසුව 1 පේතෘස් 2:21 කියවන්න.] යේසුස් දුප්පත් අයට හුඟාක් සැලකුවා. මේ සඟරාවේ පෙන්වලා තියෙනවා අපිටත් එහෙම කරන්න පුළුවන් කොහොමද කියලා.”
පිබිදෙව්! මැයි
අපි මහලු වෙලා මැරිලා යන්නේ ඇයි කියලා ඔයා කවදාහරි සිතුවද? [පිළිතුරට ඉඩහරින්න.] අපි මහලු වෙන්නේ ඇයි කියන එක ගැන බයිබලයේ විස්තර කරලා තියෙනවා. ඒ ගැන දැනගත්තාම අපිට පේනවා දෙවි අපිව මැව්වේ සදාකාලයක් ජීවත් වෙන්නට හැකියාව ඇතුව කියලා.” මේ බලන්න. [යෙසායා 25:8 කියවන්න.] මේ පිබිදෙව්! සඟරාවේ පෙන්වලා තියෙනවා මහලු වීම ගැන අලුතෙන්ම සොයාගත් තොරතුරු කිහිපයක්.”
මුරටැඹ මැයි 15
“මේ වචනවලින් විස්තර කරන විදිහේ තත්වයක ජීවත් වෙන එක ගැන ඔබ මොකක්ද හිතන්නේ? [2 පේතෘස් 3:13 කියවා, පිළිතුරට ඉඩහරින්න.] අලුත් අහස සහ අලුත් පොළොව කියන්නේ මොකක්ද කියලා මේ සඟරාවේ පෙන්වලා දෙනවා. ඒ වගේම දෙවි අරමුණු කළ තත්වයට පොළොව වෙනස් වුණාම ජීවිතය කොච්චර ලස්සනද කියලා මෙහි කතා කරනවා.”