බයිබලයේ ඉගැන්වීම් පොත —අපේ මූලික බයිබල් පාඩම් පොතයි
1 පසුගිය “දෙවිට කීකරු සේවකයෝ” දිස්ත්‍රික් සමුළුවේදී බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත මුදාහරිනවා දැකීම අපට මොන තරම් සතුටක් වූවාද! සෙනසුරාදා වැඩසටහනෙන් පසුව අපට පෞද්ගලික පිටපතක් ලැබුණා. අප ඒ ගැන කොච්චර සන්තෝෂ වුණාද! අප මෙය පාවිච්චි කරන්නේ කොහොමද? මෙය සැලසුම් කර තිබෙන්නේ බයිබලය පාඩම් කිරීමට ආධාරක පොතක් හැටියටයි. මෙම පොත පළමු වතාවට මාර්තු මාසයේදී සේවයේ බෙදා දීමට නියමිතව තිබුණත්, දැන් මෙය යොදා ගෙන බයිබල් පාඩම් පැවැත්වීමට ප්‍රචාරකයන්ට දිරිගන්වා තිබෙනවා.
2 දැනට කරන බයිබල් පාඩම්: දැනුම පොතෙන් හෝ ඕනෑ කරන්නේ විවරණිකාවෙන් දැනට බයිබල් පාඩම් පවත්වන අය මෙම අලුත් පොත යොදාගන්නේ කෙසේද සහ කොයි අවස්ථාවේදී යන්න ගැන හොඳින් අවබෝධ කරගත යුතුයි. එම පොත්වලින් පාඩමක් පටන් ගත්තේ මෑතකදී නම්, ඒවා නවත්වා මෙම අලුත් පොතෙන් පාඩම පටන්ගත හැකියි. දැනුම පොතේ යම් දුරක් ගොස් තිබේ නම්, බයිබල් ඉගැන්වීම් පොතේ ඊට සමාන පරිච්ඡේදයකින් පටන්ගන්න පුළුවන්. දැනුම පොතේ අවසාන හරියේ පාඩම කරමින් සිටිනවා නම්, එම පොත අවසන් කිරීම හොඳයි.
3 මෙම බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩම් කිරීමෙන් බොහෝදෙනෙක් මහත් ප්‍රයෝජන ගනු ඇති බව අපට නිසැකයි. මෙයින් බයිබල් පාඩමක් පටන්ගැනීමට කැමතිද කියා හමුවන අයගෙන් අසන්න. උදාහරණයකට, ඕනෑ කරන්නේ විවරණිකාවෙන් හෝ දැනුම පොතෙන් හෝ පාඩමක් කළ නමුත් කැපවී බව්තීස්ම වන තත්වයට දියුණු වුණේ නැති කෙනෙක් සමඟ මෙම පොතෙන් අලුත් පාඩමක් පටන්ගත හැකියි. දෙමාපියන්ට දරුවන් සමඟත් මේ පොතෙන් පාඩමක් පටන් ගෙන දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙන්නට පුළුවන්.—කොලො. 1:9, 10.
4 දෙවෙනි පොතක් පාඩම් කිරීම: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත පාඩම් කළායින් පසුව කෙනෙකුට දෙවෙනි පොතකින් පාඩමක් කළ හැකිද? ඔව්. ශිෂ්‍යයා හෙමින් නමුත් යම් ප්‍රගතියක් දක්වයි නම්, ඉගෙනගන්නා දේ අගය කරයි නම්, එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න පොතෙන් පාඩමක් කළ හැකියි. අප මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කරද්දී මෙම බයිබල් ඉගැන්වීම් පොත ප්‍රබල ආධාරකයක් වන බවට අපට ස්ථිරයි.—මතෙ. 28:19, 20.