යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න
1. දිස්ත්‍රික් සමුළුවලදී අප අපේ හැසිරීම ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වන්නේ මන්ද?
1 විශාල සංඛ්‍යාවක් දිස්ත්‍රික් සමුළුවලට එක්රැස් වන අවස්ථාවලදී අප ක්‍රියා කරන ආකාරය හා අප අනිත් අයට සලකන ආකාරය බලා සිටින්නන්ගේ විශේෂ අවධානයට ලක් වේ. මේ නිසා අප සෑම කෙනෙකුම බයිබලයේ දී තිබෙන මෙම උපදේශය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. “හොඳ සිහිකල්පනාවෙන් යුක්තව සිටින්න. . . . සියල්ලෙහිදී ඔබ යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් බව පෙන්වන්න.” (තීත. 2:6, 7, NW) ‘අපේම කාරණා ගැන පමණක් නොව අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දැක්වීම’ සඳහා අමතර වෑයමක් දැරීම අවශ්‍ය විය හැකියි. (පිලි. 2:4, NW) ඉදිරියේදී පැවැත්වීමට නියමිත “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුවේදී මෙම දිරිගැන්වීම අපට අදාළ කරගත හැකි සමහරක් පැති සලකා බලමු.
2. කාමර සැලසුම් කිරීම සම්බන්ධයෙන් අප මතක තබාගත යුත්තේ කුමක්ද?
2 කාමර සැලසුම් කිරීම: අප ආගන්තුකයන් වශයෙන් අපේ සහෝදරයන්ගේ නිවෙස්වල නවාතැන් ගන්න විට යහපත් ක්‍රියා පෙන්වීම සඳහා අපට කදිම ප්‍රස්තාවක් උදා වෙයි. නවාතැන් ගන්න නිවසේ තිබෙන ගෘහ භාණ්ඩවලට, එහි බිමට හෝ වෙනත් ඕනෑම දෙයකට හානි නොවන ආකාරයෙන් හැසිරීමට වගබලා ගන්න. ප්රවාහණය සඳහා යම් සැලසුම් සකස් කර තිබෙනවා නම් නියමිත වේලාවට පැමිණෙන්න. මෙසේ නොකළොත් ඔබ සමඟ ගමන් කරන අනිත් අයටද ප්‍රමාද වීමට සිදු වේ. මේ අයට සමුළුවේ වගකීම් තිබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංගීතය ආරම්භ කිරීමට කලින් හැකි තරම් වේලාසනින් ආසනවල අසුන්ගෙන වැඩසටහනට සවන් දීම සඳහා සූදානම් වෙන්න ඔවුන්ට අවශ්‍ය විය හැකියි. හොඳ ප්‍රබෝධමත් ගතියකින් සිටීමටත් ඊළඟ දවසේ වැඩසටහන සඳහා සූදානම් වීමටත් හැකි වන පරිදි ආගන්තුකයන් මෙන්ම ඔවුන්ට සත්කාර කරන්නන්ද රාත්‍රියේ හොඳ නින්දක් ගැනීම අවශ්‍යයි. අනිත් අය සමඟ කටයුතු කරද්දී ඔවුන් ගැන සැලකිලිමත් වීමට ක්‍රිස්තියානි ප්‍රේමය අපව පොලඹවනු ඇත. අප දෙවිගේ ආත්මයේ පල විදහා පෙන්වනවා නම් එය පැසසුමට ලක් වනු ඇත. (ගලා. 5:22, 23) උදාහරණයක් හැටියට, අපේ ඕනෑ එපාකම්වලට සරිලන විදිහටම නවාතැනක් ලබාගැනීමට නොහැකි විය හැකියි.
3. අප නතර වන නිවසේදී ‘සියල්ලන්ටම යහපත කරන්න’ අපට හැක්කේ කෙසේද?
3 ආහාර පාන සම්බන්ධයෙන් තිබෙන සැලසුම්වලදී අප අනිත් අය කෙරෙහි පෞද්ගලික සැලකිල්ල විදහා පෙන්විය යුතුයි. ඔබට නවාතැන් සපයන්නා බලාපොරොත්තු වන්නේ ඔබ ඔහුගේ හෝ ඇගේ නිවසේදී ආහාර පිළියෙළ කරගැනීමද? නැත්නම් රාත්‍රි ආහාරය සඳහා යමක් මිල දී ගෙන එය නිවසට ගෙන ඒමද? එහෙමත් නැත්නම් ආහාර පානාදිය මිල දී ගෙන ඒවා දහවල් ආහාරය සඳහා ඔතාගෙන යෑම වඩාත් හොඳයි කියා එම තැනැත්තා සිතනවාද? හොඳින් අදහස් හුවමාරු කරගැනීමෙන් හා ප්‍රේමය පෙන්වීමෙන් අවශ්‍ය කටයුතු හොඳින් කරගැනීමට හැකි වේ. මේ ආකාරවලින් අපි ‘සියල්ලන්ටම යහපත කරමු.’ එමගින් අනිත් අයට කදිම සාක්ෂියක්ද දරමු.—ගලා. 6:10.
4, 5. යෙහෝවාට ප්‍රශංසා කිරීමට දරුවන්ට හැක්කේ කෙසේද? මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට තිබෙන වගකීම කුමක්ද?
4 දෙමාපියන් සහ දරුවන්: දරුවන් බොහෝදෙනෙකු තුළ යහපත් ආචාර ධර්ම දක්නට නොමැති ලොවක අපේ දරුවන් වෙනස් බව කාගෙත් අවධානයට ලක් වේ. එමගින් යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් ප්‍රශංසාව ලැබෙයි. කෙසේවෙතත්, සමහර අවස්ථාවලදී දරුවන්ව නිසි ලෙස බලා නොගන්න විට ගැටලු පැන නැඟී තිබේ. (හිතෝ. 29:15) නවාතැන් ගන්න නිවසේදී මෙන්ම සමුළු භූමියේදීද දෙමාපියන් තම දරුවන් කෙරෙහි නිතරම අවධානය දිය යුතුයි.
5 දරුවන් හැසිරිය යුත්තේ කෙසේද කියා සමුළුවට කලින් දෙමාපියන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතිඵලදායක බව ඇතැම් දෙමාපියන් සොයාගෙන තිබේ. (එපී. 6:4) සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමය ‘අවිනීතව හැසිරෙන්නේ නැති’ බවත් ‘තමන්ගේම කාරණා සොයන්නේ නැති’ බවත් තේරුම්ගැනීමට එවැනි දෙමාපියෝ දරුවන්ට උපකාර කරති. (1 කොරි. 13:5, NW) දිස්ත්‍රික් සමුළුව සඳහා වෙන් කර තිබෙන කාලය යෙහෝවා විසින් උගන්වනු ලැබීමට වෙන් කර තිබෙන කාලයකි. සමුළු භූමියේදී මෙන්ම වෙනත් ඕනෑම තැනකදී හැසිරෙන ආකාරයෙන් එම විධිවිධානයට තමන් ගරු කරන බව පෙන්වීමට දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හැකියි.—යෙසා. 54:13.
6. අපේ යහපත් හැසිරීම මගින් අනිත් අය කෙරෙහි ඇති කළ හැකි බලපෑම කුමක්ද?
6 අප ගැන මිනිසුන් තුළ තිබෙන වැරදි වැටහීම් නැති කිරීමට අපේ යහපත් හැසිරීම බොහෝදුරට ඉවහල් වන අතර එමගින් ඔවුන් සැබෑ නමස්කාරයටද ආකර්ෂණය විය හැකියි. (මතෙ. 5:16; 1 පේතෘ. 2:12) අප ක්‍රියා කරන ආකාරයෙන් හා අප ඔවුන්ට සලකන ආකාරයෙන් දිස්ත්‍රික් සමුළුවේදී අපට හමු වෙන සෑම කෙනෙකුටම අපි කදිම සාක්ෂියක් දෙමු. මෙසේ කිරීමෙන් ‘අපි යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් බව පෙන්වන්නෙමු.’ එමෙන්ම යෙහෝවාවද මහිමවත් කරන්නෙමු.—තීත. 2:7, NW.
[Box on page 4]
අනිත් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න
▪ ඔබ නවාතැන් ගන්න නිවසේ බඩු මුට්ටු පරෙස්සමින් පාවිච්චි කරන්න
▪ ප්රවාහණය සඳහා බස් රථයක් සූදානම් කර තිබේ නම් වේලාවට පැමිණෙන්න
▪ ආහාර පාන සපයාගැනීමේදී කළ යුතු දේවල් සම්බන්ධයෙන් හොඳ අදහස් හුවමාරුවක් තබාගන්න
▪ ඔබේ දරුවන් හැසිරෙන ආකාරය ගැන සැලකිලිමත් වන්න
▪ ඔබට ආගන්තුක සත්කාර පිරිනැමූ අයට ඔබේ අගය පෙන්වන්න