විශේෂ වූ අන්‍යොන්‍ය දිරිගැන්වීමක් ලබමු
1 යෙහෝවාගේ ජනයාගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් නොවී නිමා වන දිනක් නැත. යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කලක් බව දන්නා නිසා, යෙහෝවා කෙරෙහි තිබෙන අපගේ අඛණ්ඩතාව බිඳ දැමීමට අවසාන ප්‍රහාරයක් එල්ල කරයි. (එළි. 12:12) “නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්ටත් පුළුවන් වන පිණිස” “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලවත්කමෙහිද” දිගටම බලවත් වීම අත්‍යවශ්‍යය.—එපී. 6:10, 13.
2 බලවත් වීමට උපකාරයක් වශයෙන් යෙහෝවා අපට දී ඇති සැපයුමක් නම්, සෙසු ඇදහිලිවන්තයන් සමඟ රැස්වීමේ ප්රස්තාවයි. මෙහි වැදගත්කම සම්බන්ධයෙන් අගයක් ප්‍රේරිත පාවුල්ට තිබිණ. සිය ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ ඇසුරු කිරීමට ඔහු දැක්වූයේ දැඩි ආශාවකි. ඒ ‘අන්‍යොන්‍ය දිරිගැන්වීමක්’ ලබමින් ‘ශක්තිමත් වන පිණිසය.’ (රෝම 1:11, 12 NW) දේවකැමැත්ත කිරීමට වූ අපගේ අදිටන ශක්තිමත් කිරීම සඳහා, අන්‍යොන්‍ය දිරිගැන්වීමක් තුළින් ප්‍රයෝජන ලබාගැනීමට ප්‍රස්තාවක් පාලක මණ්ඩලය අප සඳහා ප්‍රේමනීයව සලසා ඇත. එය නම්, ළඟදීම බලාපොරොත්තු විය හැකි “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවයි.
3 ප්‍රයෝජන ලබාගැනීම සඳහා පැමිණ සිටිමු: දින තුනටම පැමිණ සිටීම ඔබේ ඉලක්කය කරගන්න. මුල් ගීතිකාවට පෙරාතුව පැමිණීමෙන් හා අවසන් යාච්ඤාවේදී හදපත්ලෙන්ම “ආමෙන්” කියා පවසන තෙක් රැඳී සිටීමෙන් අපි ‘ප්‍රයෝජන ලබන්නෙමු.’ (යෙසා. 48:17, 18) දින තුනටම පැමිණීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා, බොහෝදෙනෙකුට තම රැකියාවේ වැඩ කටයුතු සංවිධානය කරගැනීමට සිදු වනු ඇත. ඔබේ ස්වාමියාගෙන් නිවාඩු ඉල්ලාගැනීම එතරම් පහසු කාර්යයක් නොවිය හැක. එනමුත් සිය කැමැත්ත කිරීමට අපට උපකාර කරන බව යෙහෝවා සහතික වශයෙන් අපට පොරොන්දු වී තිබේ. (1 යොහ. 5:14, 15) ප්රවාහණය සහ නවාතැන් ගැනීමේ කටයුතු සූදානම් කිරීම සුදුසුය. තවමත් එසේ කර නැත්නම්, අවසාන මොහොත වන තෙක් බලා සිටිනවා වෙනුවට, දැන් සිටම ඒ සඳහා සැලසුම් යෙදිය යුතුය. දින තුනටම පැමිණීම සඳහා අප දරන සෑම වෑයමකටම යෙහෝවා ආශීර්වාද කරන බවට අපට නිසැක විය හැක. —හිතෝ. 10:22.
4 දිරිගැන්වීම අපේක්ෂාවෙන් සිටිමු: “සමුළුව නම් හොඳට තිබුණා!” ඔබ කෙදිනක හෝ දිස්ත්‍රික් සමුළුවකින් පසුව මෙවැන්නක් පවසා ඇද්ද? එවන් හැඟීමක් ඇති වූයේ මක්නිසාද? අපි අසම්පූර්ණ මනුෂ්‍යයන් වන හෙයින් ක්‍රමානුකූලව විඩාවට පත් වෙමු. එමනිසා අපට ආත්මික දිරිගැන්වීමක් අවශ්‍ය වේ. (යෙසා. 40:30) එක් සහෝදරියක නිරීක්ෂණය කළේ මෙසේය. “මේ ක්රමයේ බලපෑම් නිසා මට ලොකු වෙහෙසක් දැනෙනවා. ඉතින්, සමුළු මට ආත්මික වශයෙන් හොඳ තල්ලුවක් දෙමින්, මගේ ආත්මික දෘෂ්ටිය නැවත සකස් කරගැනීමට පිටුවහලක්. මම නිතරම අද්දැක ඇති දෙයක් නම්, ලැබෙන දිරිගැන්වීම නියම වේලාවට එන බවයි.” ඔබටත් ඒ හා සමාන හැඟීම් ඇති.
5 අප දිරිගැන්වීමක් ලබන්නේ අසන්නට ලැබෙන කතා හා සම්මුඛ සාකච්ඡා තුළින් පමණක් නොව, අපගේ සමුළුවල දක්නට ලැබෙන වෙනත් අනගි සැපයුම්ද ඊට දායක වේ. එක් සහෝදරයෙකුගේ මෙම අදහස් සලකා බලන්න. “මම ඇත්තටම අගය කරන දෙයක් නම්, බයිබල් ප්‍රතිපත්ති පැහැදිලිව හා ප්‍රායෝගිකව අදාළ වන ආකාරය පැහැදිලි කර දීමයි. අතීතයේ ආදර්ශ මෙන්ම අවාදර්ශවලින් අපට ප්‍රයෝජන ගත හැකි ආකාරය පෙන්නුම් කිරීමට නාට්‍යවලින්ද වටිනා කාර්යයක් ඉටු වෙනවා. මම හරිම ආශාවකින් බලා සිටින දෙයක් නම්, අලුත් පොත් පත් ආදිය මුදාහැරීමයි. ගෙදර ගියායින් පසු ඒවා කියවීමෙන් මම ඉමහත් තෘප්තියක් ලබනවා.”
6 මෙම ‘අන්තරා සහිත කාලවලදී’ යෙහෝවාගෙන් ලැබෙන වටිනා සැපයුමකි සමුළු. (2 තිමෝ. 3:1) “අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වන්න” නමැති දේවානුභාවය ලත් උපදෙසට අවනත වන්නට ඒවා ඉමහත් රුකුලක් වේ. (1 කොරි. 16:13) එසේ නම්, සෑම සැසිවාරයකටම සහභාගි වන්නට අදිටන් කරගනිමු. ඔව් අපගේ “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවෙන් හොඳ අන්‍යොන්‍ය දිරිගැන්වීමක් භුක්ති විඳිමු!
[Box on page 3]
දින තුනටම සහභාගි වන්නට සැලසුම් යොදන්න
■ රැකියා ස්ථානයෙන් නිවාඩු ඉල්ලන්න.
■ සමුළුව පවත්වන නගරයෙන්ම නවාතැන් පහසුකම් සලසා ගන්න.
■ සමුළුවට ප්‍රවාහණ පහසුකම් සලසා ගන්න.