ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 8-9 පි.
  • 4 සැක දුරු කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4 සැක දුරු කරගන්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 8-9 පි.

4 සැක දුරු කරගන්න

“ඇදහිල්ල හීන තැනැත්ත, ඔබ තුළ සැකයක් ඇති වීමට ඉඩ දුන්නේ මන්ද?”—මතෙව් 14:31.

සැක දුරු කරගැනීමට තිබෙන අභියෝගය: දිගින් දිගටම අප සැකයට ඉඩහැරියොත් එය ‘අපව පහසුවෙන් හසු කරගන්නා පාපයක්’ බවට පත් විය හැකියි කියා බයිබලයේ පවසනවා. (හෙබ්‍රෙව් 12:1) සැක මතු වෙන්නේ විශ්වාසය අඩු වන විටයි. යේසුස්ගේ ගෝලයන් පවා සමහර අවස්ථාවලදී විශ්වාස කළ යුතු දේවල් අවිශ්වාස කළා. (මතෙව් 14:30; ලූක් 24:36-39; යොහන් 20:24, 25) “සියල්ලන්ටම ඇදහිල්ල නැත” කියා පාවුල්ද පැවසුවේ බොහෝදෙනා විශ්වාසය ගොඩනඟා ගැනීමට වෑයමක් දරන්නේ නැති නිසයි. (2 තෙසලෝනික 3:2) එහෙත් අපි හරි දෙය දැනගෙන එය විශ්වාස කිරීමට වෑයමක් දරනවා නම් දෙවි අපට උපකාර කරනවා.

අභියෝගය ජයගැනීම: යම් දෙයක් විශ්වාස කිරීමට බැරි ඇයි කියා මුලින්ම සොයා බලන්න. උදාහරණයකට යේසුස් නැවත නැඟිටුණු බව ඔහුගේම ගෝලයෙක් වූ තෝමස් විශ්වාස කළේ නැහැ. වෙනත් අය නැවත නැඟිටි යේසුස්ව දුටුවත් තෝමස් පැවසුවේ ඔහුගේම ඇස් දෙකෙන් දකින තුරු එය විශ්වාස කරන්නේ නැහැ කියායි. එමනිසා යේසුස් තෝමස්ට සාක්ෂි දකින්න සැලැස්සුවා.—යොහන් 20:24-29.

අපට යම් සැක තිබෙනවා නම් ඒ සැක දුරු කරගැනීමට දෙවි බයිබලය මාර්ගයෙන් උපකාර කරනවා. උදාහරණයකට බොහෝදෙනෙක් දෙවිව විශ්වාස නොකරන්නේ යුද්ධ ඇතුළු සෑම ගැටලුවකටම වග කිව යුත්තේ දෙවියි කියා සිතන නිසයි. නමුත් මේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

මිනිස් ආණ්ඩු මගින් දෙවි මිනිසුන්ව පාලනය කරන්නේ නැහැ. සාතන් නමැති නොපෙනෙන පුද්ගලයාව යේසුස් හැඳින්වූයේ “ලෝකයේ පාලකයා” ලෙසයි. (යොහන් 14:30) ඔහු යේසුස්ට පැවසුවේ ඔහුට වරක් නමස්කාර කළොත් මේ ලෝකය “කෙරෙහි සම්පූර්ණ අධිකාරියද ඒවායේ තේජසද දෙන්නෙමි. මන්ද ඒවා මට දී ඇති හෙයින් මා කැමති කෙනෙකුට ඒවා දෙන්නෙමි” කියායි. “‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය’ කියා ලියා තිබේ” යයි පවසමින් යේසුස් ඊට පිළිතුරු දුන්නා. (ලූක් 4:5-8) සාතන්ට එවැනි අධිකාරියක් තිබෙන බව ප්‍රතික්ෂේප නොකර යේසුස් එය පිළිගැනීමෙන් පැහැදිලි වන්නේ මේ පොළොවේ පවතින ගැටලුවලට වග කිව යුත්තේ සාතන් හා ඔහු යටතේ සිටින මිනිස් පාලකයන් බවයි.—එළිදරව් 12:9, 12.

යෙහෝවා දෙවි ළඟදීම සියලු දුක් වේදනා ඉවත් කරනවා. මිනිස් වර්ගයාව පාලනය කිරීමට දෙවි දැනටමත් ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. එහි පාලකයා දෙවිගේ පුත්‍රයා වන යේසුස්. (මතෙව් 6:9, 10; 1 කොරින්ති 15:20-28) බයිබලයේ කල්තියාම පවසා තිබූ ආකාරයට මේ රාජ්‍යය ගැන ශුභාරංචිය ලොව පුරා දැන් දේශනා කරමින් තිබෙනවා. (මතෙව් 24:14) නුදුරු අනාගතයේදී දේවරාජ්‍යය මගින් එහි සියලු සතුරන්වත් මිනිසාගේ සියලු දුක් වේදනාත් මුළුමනින්ම නැති කර දමනවා.—දානියෙල් 2:44; මතෙව් 25:31-33, 46; එළිදරව් 21:3, 4.

විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන: ස්ථිර විශ්වාසයක් නැති කෙනෙක් ඇත්තටම “මිනිසුන්ගේ ප්‍රයෝගවලින් හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින්” ඔබ මොබ විසි වෙන මුහුදු රළ වගෙයි. (එෆීස 4:14; 2 පේතෘස් 2:1) එහෙත් වෙහෙස වී සිතේ තිබෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් සොයන අයට “ඇදහිල්ලේ ස්ථිරව සිටින්න” හැකි වෙයි.—1 කොරින්ති 16:13.

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනඟා ගැනීමටත් ඒ ගැන ඔබට තිබෙන අභියෝග ජයගැනීමටත් උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතාම කැමතියි. ඔවුන්ව මුණගැසී ඔවුන් විශ්වාස කරන දේවල් සොයා බැලීමට අප ඔබට ආරාධනා කරනවා. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇති කරගැනීමට ඔබටත් හැකි වෙයි.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “දේවරාජ්‍යය යනු කුමක්ද” යන 8වන පරිච්ඡේදයත් “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි” යන 11වන පරිච්ඡේදයත් බලන්න.a

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[9වන පිටුවේ පින්තූරය]

සැකයෙන් තොර විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි වන්නේ සාක්ෂි සොයන අයටයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න