ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 7-8 පි.
  • 3 යේසුස් ගැන ඇත්ත දැනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 යේසුස් ගැන ඇත්ත දැනගන්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ පළමු ගෝලයෝ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ගේ මුල්ම ගෝලයන්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ ගෝලයන් වුණු අය
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වූ බවට සාක්ෂි
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 7-8 පි.

3 යේසුස් ගැන ඇත්ත දැනගන්න

“දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

ඇත්ත දැනගැනීමට තිබෙන අභියෝගය: සමහරුන් යේසුස් කියා පුද්ගලයෙක් සිටි බව පිළිගන්නේ නැහැ. යේසුස් කියා හොඳ මිනිසෙක් සිට ඇතත් දැන් ඔහු මිය ගොස් සිටින නිසා ඔහුගෙන් අපට වැඩක් නැහැයි කියා පවසන පිරිසක්ද සිටිනවා.

අභියෝගය ජයගැනීම: යේසුස්ගේ අනුගාමිකයෙක් වූ නතානියෙල්a කළ දෙය කිරීමට අපටත් හැකියි. නතානියෙල්ගේ මිත්‍රයා වූ ෆිලිප් ඇවිත් ‘නාසරෙත්හි යේසුස්’ නමැති ගැලවුම්කරුව තමන්ට හමු වූ බව ඔහුට පැවසුවා. නමුත් නතානියෙල් එකපාරටම එය විශ්වාස කළේ නැහැ. ඒ වෙනුවට ඔහු මෙසේ ඇසුවා. “නාසරෙත් නුවරින් කිසි යහපතක් පැමිණිය හැකිද?” කෙසේවෙතත් “ඇවිත් බලන්න” කියා ෆිලිප් කළ ආරාධනාව නතානියෙල් පිළිගත්තා. (යොහන් 1:43-51) අපිත් යේසුස් ගැන ඇත්ත දැනගැනීමට සාක්ෂි සලකා බලමු.

යේසුස් සැබෑ පුද්ගලයෙක් බවට තිබෙන සාක්ෂි. ජොසිෆස් හා ටැසිටස් පළමුවෙනි ශතවර්ෂයේ සිටි පිළිගත් ඉතිහාසඥයන්. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තියානීන් නොවුණත් යේසුස්ව සැබෑ පුද්ගලයෙක් ලෙස පිළිගත්තා. ක්‍රිස්තු වර්ෂ 64දී රෝමය ගිනි ගත් අවස්ථාවේ රෝම පාලකයා වූ නීරෝ ඒ සම්බන්ධයෙන් වරද පැටෙව්වේ එදා සිටි ක්‍රිස්තියානීන්ටයි. ඒ ගැන ටැසිටස් වාර්තා කරන්නේ මෙසේයි. “නීරෝ, ක්‍රිස්තියානීන් කියා හැඳින්වූ සමාජයෙන් කොන් කළ පිරිස මත වරද පටවා, අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන්ට හැකි තරම් අමානුෂික ලෙස වධ හිංසා කළා. මේ ක්‍රිස්තියානීන්ගේ නායකයා වන ක්‍රිස්තුස්ව රෝම පාලකයා වූ ටයිබීරියස්ගේ කාලයේදී අපේ ආණ්ඩුකාරයෙක් වූ පොන්තියුස් පිලාතුස්ගේ අණ පරිදි මරණයට පත් කළා.”

යේසුස් ගැනත් ක්‍රිස්තියානීන් ගැනත් එම ඉතිහාසඥයන් වාර්තා කළ දෙය පිළිබඳව එක්තරා විශ්වකෝෂයක මෙසේ විස්තර කරනවා. “මෙවැනි වාර්තාවලින් එක දෙයක් පැහැදිලි වෙනවා. එනම් ක්‍රිස්තු ධර්මයට විරුද්ධ අය පවා යේසුස් ක්‍රිස්තුස් නමැති පුද්ගලයෙක් සිටි බව පිළිගැනීමයි. යේසුස් ගැන සැක මතු කිරීමට පටන්ගත්තේ 18වන සියවසේ අග භාගයේ සිට 20වන සියවසේ මුල් භාගය දක්වා කාලයේදීයි. එහෙත් එවැනි සැක මතු කිරීමට ඇත්තෙන්ම කිසි හේතුවක් තිබුණේ නැහැ.” (Encyclopædia Britannica, 2002 මුද්‍රණය) තවත් සඟරාවක සඳහන් වුණේ මෙසේයි. “විශාරදයෙකු හෝ දෙදෙනෙකු හැර පොදුවේ බොහෝදෙනා පිළිගන්නේ නාසරෙත්හි යේසුස් කියා සැබෑ පුද්ගලයෙක් සිටි බවයි.”—The Wall Street Journal.

යේසුස් මරණයෙන් නැවත නැඟිටි බවට තිබෙන සාක්ෂි. යේසුස්ව අත්අඩංගුවට ගත් විට ඔහු ළඟ සිටි ඔහුගේ මිත්‍රයන් පලා ගියා. ඒ අවස්ථාවේදී පේතෘස් පවා භය වී යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පැවසුවා. (මතෙව් 26:55, 56, 69-75) ඒ සිද්ධියෙන් පසුව යේසුස්ගේ අනුගාමිකයන් විසිරී ගියා. (මතෙව් 26:31) එහෙත් භයෙන් පෙළුණු එම ගෝලයන් වැඩි කල් නොගොස් උද්‍යෝගයෙන් කටයුතු කරන්න පටන්ගත්තා. යේසුස්ව මරණයට පත් කළ අය පේතෘස්ට හා යොහන්ට චෝදනා කළ විට ඔවුන් නිර්භීත ලෙස ඊට මුහුණ දුන්නා. එමෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් තමන්ගේ ජීවිත පරදුවට තබා රෝම අධිරාජ්‍යය පුරා යේසුස් ගැන සාක්ෂි දරන්නත් පටන්ගත්තා.

මෙතරම් විශාල වෙනසක් සිදු වීමට ප්‍රධාන හේතුව වූයේ මළවුන්ගෙන් නැවත නැඟිටවනු ලැබූ යේසුස්ව ඔවුන් දැකීමයි. යේසුස් “සීෆස්ටද, ඉන්පසුව දොළොස්දෙනාටද පෙනුණු බව” පාවුල් පැවසුවා. ඉන්පසු යේසුස් “සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩිදෙනෙකු ඉදිරියේ එක විටම පෙනී සිටි” බවත් ඔහු සඳහන් කළා. පාවුල් ඒ ගැන වාර්තා කරන විට ඒ 500දෙනාගෙන් වැඩිදෙනෙක් ජීවතුන් අතර සිටියා. (1 කොරින්ති 15:3-7) නැවත නැඟිටවනු ලැබූ යේසුස්ව දුටුවේ එක්කෙනෙක් හෝ දෙදෙනෙක් නම්, සැක මතු වීමට ඉඩ තිබුණා. (ලූක් 24:1-11) නමුත් 500කට වඩා වැඩිදෙනෙක් යේසුස්ව දුටු නිසා ඔහුව මළවුන්ගෙන් නැඟිටවනු ලැබූ බවට කිසිම සැකයක් නැහැ.

ඇත්ත දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: යේසුස්ව විශ්වාස කරමින් ඔහු උගන්වා තිබෙන දෙය පිළිපදින අයට තමන්ගේ වැරදිවලට සමාව ලබාගන්න අවස්ථාව ලැබෙනවා. එවිට පිරිසිදු සිතින් දෙවිගේ කැමැත්ත කරන්න ඔවුන්ට හැකි වෙයි. (මාක් 2:5-12; 1 තිමෝති 1:19; 1 පේතෘස් 3:16-22) ඔවුන් මිය ගියත් “අන්තිම දවසේදී” යේසුස් ඔවුන්වත් මළවුන්ගෙන් නැඟිටුවනවා කියන පොරොන්දුව ගැන අපට නිසැක විය හැකියි.—යොහන් 6:40.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද” යන 4වන පරිච්ඡේදයත් “දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග” යන 5වන පරිච්ඡේදයත් බලන්න.b

[පාදසටහන්වල]

a මතෙව්, මාක් හා ලූක් යන බයිබල් ලේඛකයන් නතානියෙල්ව අමතන්නේ බාතොලමෙව් කියායි.

b යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[7වන පිටුවේ පින්තූරය]

නතානියෙල් මෙන් ඔබත් යේසුස් පිළිබඳ සාක්ෂි සොයන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න