ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 10/1 3-4 පි.
  • කාලය මෙතරම් අඩු මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාලය මෙතරම් අඩු මන්ද?
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කාලය උපරිමයෙන්
  • කාලය එන්න එන්නම අඩුයි
  • කාලය අඩුවීම සම්බන්ධයෙන් අපි තනි වී නැහැ
  • අපට දැන් තිබෙන කාලය ඥානවන්ත ලෙස යොදාගැනීම
  • අපේ දවස් ගණින්න යෙහෝවා අපට උගන්වයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කාලය සහ සදාකාලය අප ඒවා ගැන හරියටම දන්නේ මොනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සමඟ ඇවිදීම—සදාකාලය දෘෂ්ටියේ තබාගෙන
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සදාකාල රජාණන්ට ප්‍රශංසා කරන්න!
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 10/1 3-4 පි.

කාලය මෙතරම් අඩු මන්ද?

කාලය. එය හරියට නිර්වචනය කිරීම අපට අපහසු විය හැකියි. නමුත් අපට කාලය මදියි කියලා නම් නිතරම පාහේ දැනෙනවා. එය ඉක්මනින්ම ගෙවී යනවා කියාත් අපි දන්නවා. ඇත්තෙන්ම, “කාලය හරියට ඉගිළෙනවා වගේ” කියා අපි නිතරම කනගාටුව ප්‍රකාශ කරනවා.

කොහොම නමුත්, ඉංග්‍රීසි ජාතික කවියෙක් වන ඔස්ටින් ඩොබ්සන් කාරණය වඩාත් නිවැරදි ලෙස වටහාගත් බව පෙනී යනවා. ඔහු 1877දී මෙසේ විස්තර කළා: “කාලය යනවා කියාද ඔබ සිතන්නේ? කාලය එහෙම්මමයි, යන්නේ අපි!” වර්ෂ 1921දී ඩොබ්සන් මියගොස් දැන් අවුරුදු 80ක් විතර ගත වී තිබෙනවා. නමුත් කාලය දිගටම පවතිනවා.

කාලය උපරිමයෙන්

මිනිසාගේ මැවුම්කරු ගැන බයිබලය පවසන්නේ මෙහෙමයි: “කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ [දෙවිය].” (ගීතාවලිය 90:2) එහෙමත් නැත්නම් නව යෙරුසලම් බයිබලය (ඉංග්‍රීසියෙන්) පවසන ආකාරයට, “අනන්තයෙන් අනන්තයට ඔබ දෙවිය.” ඒ නිසා දෙවි පවතින තාක් කල් කාලයත් පවතිනවා. ඒ කියන්නේ සදාකාලයටම!

සදාකාලය තමා සතුව තිබෙන දෙවිට හාත්පසින්ම වෙනස්ව මනුෂ්‍යයන් ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා: “අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් [කනට කර කියූ රහසක්, NW] මෙන් කෙළවරකරමුව. අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.”—ගීතාවලිය 90:9, 10.

මිනිසා සදාකල් ජීවත් වීම දෙවිගේ අරමුණ බව බයිබලයේ පැහැදිලි ලෙස උගන්වා තිබුණත්, අදදින ජීවිතය මෙතරම් කෙටි වන්නේ ඇයි? (උත්පත්ති 1:27, 28; ගීතාවලිය 37:29) දෙවි අරමුණු කළ පරිදි මනුෂ්‍යයා අසීමිත ජීවිතයක් ගත කරනවා වෙනුවට, හොඳම තත්වයන් යටතේ පවා දවස් 30,000ක්වත් ජීවත් නොවන්නේ ඇයි? මනුෂ්‍යයන්ට කාලය මෙතරම් අඩුවීමට හේතුව මොකද්ද? එමෙන්ම මෙම දුක්ඛදායක තත්වයට වග කිව යුත්තේ කවුද? එසේත් නැත්නම් මොකද්ද? බයිබලය පැහැදිලි මෙන්ම සෑහීම ගෙන දෙන පිළිතුරු සපයයි.a

කාලය එන්න එන්නම අඩුයි

මෑත දශකවල සිට මිනිසුන්ගේ ජීවන රටාව එන්න එන්නම වේගවත් වී තිබෙන බව මහලු අය පවසාවි. පත්‍ර කලාවේදිනියක් වන මහාචාර්ය සිබිල් ෆ්‍රිච් පෙන්වා දුන් ආකාරයට, සතියකට වැඩ කරන කාලය පසුගිය අවුරුදු 200 තුළ, පැය 80 සිට 38 දක්වා පහත බැස තිබෙනවා. “එහෙම වෙලත් කාලය නැහැ කියලා අප නිතරම කන්කෙඳිරි ගානවා.” තත්වය තවදුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ කියනවා: “අපට කාලය මදි; කාලය හරියට මුදල් වගෙයි; මේ කාර්ය බහුල ජීවිතයේ කාලය සොයාගන්න අපි දත කනවා.”

නූතන සොයාගැනීම් මගින්, පසුගිය පරම්පරාවල ජීවත් වූ ජනයා නොසිතූ විරූ ආකාරයේ ප්‍රස්තා විවෘත වී තිබෙනවා. නමුත් නානාවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්න තිබෙන ප්‍රස්තාවන් වැඩි වෙත්ම, ඒවාට දෙන්න තරම් කාලය නොමැති වීමෙන් ඇති වන කලකිරීමද වැඩි වෙනවා. අදදින බොහෝ රටවල නියමිත දිනයක් හෝ වේලාවක් අනුව වැඩ කිරීමට වෙර දරන ජනයා, කාලය සමඟ නිරන්තර සටනක යෙදී සිටිනවා. තාත්තා උදේ 7ට ගෙදරින් පිටත් වෙන්න ඕනේ; 8 වෙද්දී අම්මා දරුවන්ව ඉස්කෝලේට ගිහින් දාන්න ඕනේ; 9:40ට සීයාව දොස්තර ගාවට ගෙනියන්න තියෙනවා; අපි ඔක්කොමලා අද හවස 5:30ට වැදගත් රැස්වීමකට යන්නත් ඕනේ. අදදින බොහෝදෙනෙකුගේ සාමාන්‍ය දිනචර්යාව මේ හා සමානයි. වෙලාවට වැඩ කරගන්න යෙදෙන නිරන්තර සටනේදී, විවේකය සඳහා ඉතුරු වන කාලය ඉතා අල්පයි. ඒ වගේම, අපේ නීරස, වෙහෙසකාරි හා තරඟකාරි දිනචර්යාව ගැනත් අපි නිතරම මැසිවිලි නඟනවා.

කාලය අඩුවීම සම්බන්ධයෙන් අපි තනි වී නැහැ

මනුෂ්‍යවර්ගයාගේ ආයුෂ කෙටි වී ඇත්තේ දෙවිගේ සතුරා වන සාතන් නමැති යක්ෂයාගේ කුමන්ත්‍රණයන් හේතුවෙනි. කෙසේවෙතත්, දැන් සාතන් පවා තමාගේම කෲරත්වයේ ගොදුරක් බවට පත් වී සිටිනවා. (ගලාති 6:7, 8 සසඳන්න.) අප තුළ බලාපොරොත්තු ජනිත කරවමින්, එළිදරව් 12:12 ස්වර්ගයේ මෙසියානු රාජ්‍යයේ උපත ගැන මෙසේ පවසනවා: “ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.”—ඇල අකුරු අපේය.

අප දැන් ජීවත් වන්නේ එම ‘ස්වල්ප කාලයේ’ අවසාන අදියරේ බව, විශ්වාසවන්ත බයිබල් කාල ගණිතය මෙන්ම බයිබල් අනාවැකිවල ඉටුවීම තුළින් අපට පෙනී යනවා. ළඟදීම සාතන්ගේ කාලය සම්පූර්ණයෙන්ම ඉකුත් වෙලා යන බව දැනගැනීම මොනතරම් ප්‍රීතියක්ද! ඔහුව පාතාලේ හිර කළායින් පසුව, කීකරු මනුෂ්‍යයන්ව නැවත පරිපූර්ණත්වයට ගෙන ඒමට යන අතර, යෙහෝවා මුලදී අරමුණු කළ ආකාරයටම ඔවුන්ට සදාකාල ජීවනය අත් කරගත හැකියි. (එළිදරව් 21:1-4) ආයෙත් කිසිදාක කාලයේ ඌනතාවක් ඇති වෙන්න යන්නේ නැහැ.

සදාකාල ජීවනය අත් කරගැනීම, ඒ කියන්නේ නිමක් නැති ජීවිතයක් අත් කරගැනීම මොන වගේ අද්දැකීමක් වේවිද කියා ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? කාලය නොමැති වීම හේතුවෙන් වැඩ අවසන් කරගැනීමට නොහැකි තත්වයක් ආයෙත් කිසි දිනක ඇති වෙන්න යන්නේ නැහැ. දේවල් කිරීමට තව කාලය අවශ්‍ය නම්, හෙට, එන සතිය එහෙමත් නැත්නම් එන අවුරුද්ද වුණත් තියෙනවා. ඇත්තෙන්ම ඔබ ඉදිරියේ අනන්තය පවා තියෙන්න යනවා!

අපට දැන් තිබෙන කාලය ඥානවන්ත ලෙස යොදාගැනීම

මනුෂ්‍යයන් මත බලපෑම් ඇති කරන්න තමාට තිබෙන කාලය ඉතා කෙටි බව දන්නා සාතන්, පිහිටුවන ලද දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචියට ඇහුම්කන් දීමට තරම් කාලය නැහැයි කියා ජනයාට හැඟෙන්න සලස්වනවා. එමනිසා, අප මෙම දිව්‍ය ආඥාවට අවනත වීම සුදුසුයි: “ඒ නිසා නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න [කාලය මිල දී ගන්න, NW]. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, [යෙහෝවාගේ] කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න [වටහාගනිමින් සිටින්න, NW].”—එපීස 5:15-17.

නිකම්ම තාවකාලික ප්‍රයෝජන අත් කර දෙන නිෂ්ඵල දේවල් වෙනුවෙන් කාලය අපතේ යවනවා වෙනුවට, වඩා වැදගත් දේවල් සඳහා එය ඥානවන්ත ලෙස යොදාගැනීම මොනතරම් වැදගත්ද! මෝසෙස්ට තිබූ ආකල්පයම අපත් වර්ධනය කරගත යුතුයි. ඔහු මුළු හදවතින්ම යෙහෝවාට මෙසේ අයැදුවා: “ඥානවන්ත සිතක් [හෘදයක්, NW] ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.”—ගීතාවලිය 90:12.

අදදින ලෝකයේ හැම කෙනෙක්ම කාර්ය බහුල බව ඇත්තයි. කොහොමවුණත්, දෙවිගේ රාජ්‍යය යටතේ සදාකාල ජීවනය භුක්ති විඳීම සඳහා දෙවි අපෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද කියා ඉගෙනගැනීමට, ඔබගේ වටිනා කාලයෙන් ටිකක් යොදාගන්නා මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබගෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා. බයිබලය විධිමත් ලෙස ඉගෙනගැනීම සඳහා සතියකට පැයක් යොදාගැනීම, ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට’ හා මතු දැක්වෙන පොරොන්දුවේ ඉටුවීම පෞද්ගලිකව අද්දැකීමට ඔබට මඟ පෑදිය හැකියි. එය මෙසේ පවසයි: “නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:27, 29.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ, 6වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න