ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 7/1 25 පි.
  • “දවස්පතා වෙළඳාම්පළේදී”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දවස්පතා වෙළඳාම්පළේදී”
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාව හා සැලකිල්ල ලබමින්
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රමයත් අත්හදා බලන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමේ කදිම ක්‍රමයක්!
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 7/1 25 පි.

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

“දවස්පතා වෙළඳාම්පළේදී”

ප්‍රේරිත පාවුල් රාජ්‍ය පණිවුඩය පතළ කිරීම සඳහා සෑම ප්‍රස්තාවක්ම යොදාගත්තා. සුදුස්සන් සෙවීම සඳහා, ඔහු “සිනගෝගයේදී යුදෙව්වරුන් . . . සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද” තර්කණයේ යෙදුණා.—ක්‍රියා 17:17.

එවන් ජ්වලිතය, පො.යු. පළමු සියවසේ සිට යෙහෝවාගේ සැබෑ නමස්කාරකයන්ගේ විශේෂ ලක්ෂණයක්ව තිබුණා. (මතෙව් 28:19, 20) අදදින, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවංක හෘද ඇති අයට සත්‍යය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමට ජ්වලිතව උපකාර කරද්දී විවිධ ක්‍රම යොදාගන්නවා. (1 තිමෝති 2:3, 4) ඕස්ට්‍රේලියාවේ සිදු වූ මතු අද්දැකීම මෙය නිරූපණය කරයි.

සෑම සතියකම දවස් පහක්, වාර ගනිමින් සිඩ්නිවල දුම්රිය ස්ථානයක් අසලදී සිඩ් හා හැරල්ඩ් සුළු පරිමාණයෙන් බයිබල් පොත් පත් විදහා දැක්වූ ලෑල්ලක් බලාගත්තා. ඔවුන් මේ විදිහට මේ දක්වා අවුරුදු පහක් පමණ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගනිමින් සිටිනවා. අනූපස් හැවිරිදි සිඩ් මෙසේ පැහැදිලි කරයි: “මට 87ක් වුණහම මට තවදුරටත් කාර් එක එළවන්න බැරුව ගියා. ඒකෙන් මාව අධෛර්යයට පත් වුණා; මොකද මම ප්‍රසිද්ධ දේශනා වැඩයෙන් ආස්වාදයක් ලැබුව නිසා. දිනක් කාටූම්බහි සංචාරකයන් ගැවසෙන එකෝ පොයින්ට් නම් ප්‍රසිද්ධ ස්ථානයක් ළඟදී, චිත්‍රශිල්පියෙක් භූදර්ශන පින්තූරු විකුණනවා මම දැක්කා. පින්තූරු දෙස විමසිල්ලෙන් බලලා මම මෙහෙම හිතුවා, ‘මේවාවලට වඩා හොඳ පින්තූරු මගේ දේශනා මල්ලේ තියෙනවා—අනික ඊට වඩා ගානත් අඩුයි!’ ඒ නිසා පොඩියට පොත් පත් ලෑල්ලක් හදලා, සෙනඟ ගැවසෙන ප්‍රසිද්ධ තැනක ඒක දාන්නත්, ඒක පහු කරගෙන යන අයට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලස්සනට නිදර්ශනය කරලා තියෙන බයිබල් පොත් පත් ඉදිරිපත් කරන්නත් මම තීරණය කළා.

“අවුරුදු හතරකට ඉස්සෙල්ලා, මම ලෑල්ල සිඩ්නිවලට අරගෙන ගියා; හැරල්ඩ් මට හවුල් වුණා. ලෑල්ල බලාගැනීමේදී හා අපේ ප්‍රාදේශීය සභා එක්ක වැඩ කරද්දී අපි වාර ගන්නවා.” දැන් වයස 83ක්ව සිටින හැරල්ඩ් මෙසේ පවසයි: “සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් ගෙවල්වල ඉන්නේ බොහොම ටිකදෙනයි. ඒ නිසා මේ විදිහට රාජ්‍ය පණිවුඩය බෙදාගැනීමෙන් අපව සෙනඟ ඉන්න තැන්වලට යොමු කරවනවා. සාමාන්‍යයෙන්ම, අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අපේ පොත් පත් බෙදා දීම මේ රට සඳහා ඉතා විශිෂ්ටයි.”

“පහුගිය වසර කීපය තුළදී අපි තැන් හතර පහකම හිටියත් අපි කවුද කියන එක දැනගන්න වැඩි කල් යන්නේ නැහැ” කියා සිඩ් පවසයි. “සමහරු පොත් පත් ඉල්ලගෙන අපි ළඟට එනවා. වෙන අයට උත්තර ඕනෑ කරන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සමහරුන්ට ඕනෙ නිකම් අපි එක්ක කතා කරන්න විතරයි. මගේ නැවත බැලීම් මා ළඟට එන එකම වතාව මේකයි” කියා ඔහු සිනාසෙයි.

“හුඟදෙනෙක් බයිබලය ගැන ඇත්තෙන්ම උනන්දුවක් දක්වනවා” කියා හැරල්ඩ් ඊට එකතු කරයි. “අපෙන් අරගත්ත පොත් පත් නිසා සහ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර දෙන්න අපිට පුළුවන් වුණ නිසා, එක මාසයකදී හතරදෙනෙක් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ වගේ අද්දැකීම් අපිව හුඟාක් දිරිගන්වනවා.”

සිඩ්, හැරල්ඩ් මෙන්—හා ප්‍රේරිත පාවුල් මෙන්—යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම තැනකදීම තම වැදගත් පණිවුඩය පතළ කිරීමට හැකි සෑම මාධ්‍යයක්ම යොදාගනියි. මෙලෙස, “ශුභාරංචිය” නොකඩවාම “ලොව මුළුල්ලේ” දේශනා කෙරෙමින් පවතියි.—මතෙව් 24:14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න