ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
ඊසාක්ට බිරිඳක් සෙවීම
ළිඳ ළඟ ඉඳගෙන සිටින වයස්ගත මිනිසා අතිශයින් විඩාවට පත්ව සිටියි. බෙයර්-ෂෙබා පෙදෙසේ සිට කිලෝමීටර් 800කට වඩා වැඩි දුරක් ගෙවා උතුරු මෙසපොතේමියාව දක්වා තම සේවකයන්ද, බඩු පටවා ගත් ඔටුවන් දසදෙනෙකුද සමඟ ඔහු පැමිණ සිටියි.a දැන් ඔවුන් ඔවුන්ගේ ගමනාන්තය කරා පැමිණ සිටින නිසා, මෙම වෙහෙසට පත් මඟියා තමන්ට ඇති දුෂ්කර මෙහෙවර ගැන මොහොතකට මෙනෙහි කිරීමට නවතී. මෙම මිනිසා කවරෙක් වූවාද? එමෙන්ම ඔහු එවන් අසීරු ගමනක් භාරගත්තේ මන්ද?
මොහු ආබ්‍රහම්ගේ සේවකයා, එනම් “ගෙදර වැඩිමහල් මෙහෙකරුවා” විය. (උත්පත්ති 24:2) වාර්තාවේ ඔහුගේ නම සඳහන් කර නැතත්, පෙනෙන විදිහට ඔහු එලියේසර්ය; වරක් ආබ්‍රහම් විසින් ඔහුව ‘තමාගේ ගෙදර උපන් කෙනෙකු’ ලෙසත් ‘තමාගේ උරුමක්කාරයා’ වීමට සිටි තැනැත්තා ලෙසත් හඳුන්වනු ලැබීය. (උත්පත්ති 15:2, 3) ඒ එසේ වූයේ, ආබ්‍රහම් සහ සාරාට දරුවන් නැතුව සිටි අවස්ථාවේදී බව නොකිවමනාය. මේ වන විට ඔවුන්ගේ පුත්, ඊසාක්ට වයස අවුරුදු 40කි; එලියේසර් තවදුරටත් ආබ්‍රහම්ගේ ප්‍රධාන උරුමක්කාරයා නොවේ; එහෙත් තවමත් ඔහුගේ මෙහෙකරුවෙකි. එබැවින් ආබ්‍රහම් අභියෝගාත්මක ඉල්ලීමක් කළ විට ඔහු කැමැත්තෙන් එකඟ විය. එය කුමක් වූවාද?
අභියෝගාත්මක දූත මෙහෙවරක්
ආබ්‍රහම්ගේ දවසේදී, විවාහය බලපෑවේ පවුලට පමණක් නොව, නමුත් මුළු ගෝත්‍රයටම හෝ පිතෘ මූලක ප්‍රජාවටමයි. එනිසා තම දරුවන්ට සහකරුවෙකු හෝ සහකාරියක සොයා දීම දෙමව්පියන්ගේ සිරිත විය. කොහොමවුණත්, තම පුතු ඊසාක්ට බිරිඳක සෙවීමේදී ආබ්‍රහම් අසීරු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. අභක්තික මාර්ග අනුගමනය කළ දේශයේ විසූ කානානිවරුන්ට තමන්ගේ කෙනෙකුව විවාහ කර දීම සිතාගත නොහැකි තරම්ය. (ද්විතීය කථාව 18:9-12) එමෙන්ම තමන්ගේම ගෝත්‍රයේ කෙනෙකු සමඟ විවාහ වීම සිරිත වුවත් ආබ්‍රහම්ගේ නෑයන් විසුවේ, කිලෝමීටර සිය ගණනක් එපිටින් වූ උතුරු මෙසපොතේමියාවෙයි. ඊසාක්ව එහි ගෙන යෑමට පවා නොහැකි වූයේ, යෙහෝවඃවහන්සේ ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු වී තිබූ නිසයි: “මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි;” එනම් කානාන් දේශයයි. (උත්පත්ති 24:7) මේ නිසා ආබ්‍රහම් එලියේසර්ට කියන්නේ: “මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක්” ගෙනෙන්න කියාය.—උත්පත්ති 24:4
දිගු ගමන අවසන් කර, ළිඳ ළඟ විවේක ගන්නාවූ එලියේසර්, ඔහුගේ මෙහෙය ගැන කල්පනා කළේය. වැඩි වේලාවක් යන්ට මත්තෙන් රාත්‍රියට අවශ්‍ය කරන වතුර අදින්ට ස්ත්‍රීන් ළිඳ දෙසට ඇදී එන බව ඔහු දැන සිටියේය. එබැවින් ඔහු යෙහෝවඃවහන්සේගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “මට බොන පිණිස නුඹේ කළය පහත්කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමි.”—උත්පත්ති 24:14
ඔහු යාච්ඤා කරමින් සිටියදීම, රෙබෙකා නම් ප්‍රියකරු තරුණියක් ළඟා වූවාය. “නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්ට දෙන්න” එලියේසර් ඇයට කීය. රෙබෙකා එසේ කර, ඔහුට කියන්නී: “ඔබගේ ඔටුවන්ද බී නිමවන තෙක් උන්ටත් ඇද දෙන්නෙමි.” මෙය ත්‍යාගශීලී පිරිනැමීමක් වූයේ ඇයිද කිව්වොත්, වතුර ලීටර 95ක් දක්වා බීමට පිපාසිත ඔටුවෙකුට ගත වන්නේ, විනාඩි දහයක් තරම් සුළු කාලයක්! එලියේසර්ගේ ඔටුවන්, එපමණ පිපාසිතව සිටියා හෝ නැතා, තමන් කරන්ට ඉදිරිපත් වූ වැඩය මහත් වෙහෙසකර එකක් බව රෙබෙකා දැන සිටියා විය යුතුයි. සැබවින්ම, “ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය.”—උත්පත්ති 24:15-20.
යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම ලැබී ඇති බව හැඟීගියෙන්, එලියේසර් අද වටිනාකමේ හැටියට එ.ජ. ඩොලර් 1,400ක් වටිනා රන් නාසාභරණයක්ද, රන් අත්පළඳනා දෙකක්ද රෙබෙකාට දුන්නේය. ඇය ආබ්‍රහම්ගේ සහෝදර වූ නාහොර්ගේ මිනිපිරියක බව රෙබෙකා එලියේසර්ට කී විට, ඔහු දෙවියන්වහන්සේට ස්තුති යාච්ඤාවක් කළේය. ඔහු මෙසේ කීවේය: “ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවූ සේක.” (උත්පත්ති 24:22-27) එලියේසර්ව රෙබෙකාගේ පවුලේ උදවිය වෙත ගෙන යනු ලැබිණ. කාලයාගේ ඇවෑමෙන්, රෙබෙකා ඊසාක්ගේ බිරිය බවට පත් වූ අතර, යේසුස් වන මෙසියස්ගේ මිත්තනියක බවට පත්වීමේ වරප්‍රසාදයද ඇයට ලැබිණ.
අප සඳහා පාඩම්
ඊසාක්ට දේවභයැති සහකාරියක සෙවීමේ එලියේසර්ගේ යාච්ඤාපූර්වක වෑයමට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කළසේක. කෙසේවෙතත්, මතක තබාගන්න: ඊසාක්ගේ විවාහය, ආබ්‍රහම් තුළින් වංශයක් බිහි කිරීමට වූ දෙවියන්වහන්සේගේ අරමුණ හා කෙළින්ම බැඳී තිබිණ. එබැවින් සහකරුවෙකු හෝ සහකාරියක වෙනුවෙන් යාච්ඤා කරන සෑම කෙනෙකුටම, ආශ්චර්යවත් ලෙස කෙනෙකු ලැබෙන බව නිගමනය කිරීමට මෙම වාර්තාව අපව මඟ නොපෙන්විය යුතුය. එහෙත්, අපි යෙහෝවඃවහන්සේගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටිනවා නම්, අප විවාහ වුවත් තනිකඩව සිටිතත්, ජීවිතයේ ඒ ඒ තත්වයන්ට අදාළ අභියෝග විඳදරාගැනීමට උන්වහන්සේ ශක්තිය ලබා දෙනු ඇත.—1 කොරින්ති 7:8, 9, 28; සසඳන්න පිලිප්පි 4:11-13.
යෙහෝවඃවහන්සේගේ ක්‍රමයට දේවල් කිරීම සඳහා, එලියේසර්ට දැඩි පරිශ්‍රමයක් දරන්ට සිදු විය. යෙහෝවඃවහන්සේගේ ප්‍රමිතීන් පිළිපැදීම කොයි වෙලේත් පහසු නොවන බව, අපටත් දැනෙනවා විය හැකියි. උදාහරණයක් වශයෙන්, දිව්‍යාණ්ඩු ක්‍රියාකාරිත්වයන් අඩපණ නොකරන රැකියාවක්, දේවභයැති කලත්‍රයෙකු, ගොඩනංවනසුලු ආශ්‍රිතයන් හා නීච නොවූ විනෝදාස්වාදය වැනි දේ සොයාගැනීම දුෂ්කර විය හැකියි. (මතෙව් 6:33; 1 කොරින්ති 7:39; 15:33; එපීස 4:17-19) එහෙත්, බයිබල් ප්‍රතිපත්ති පාවා දීම ප්‍රතික්ෂේප කරන අයව උසුලන්ට යෙහෝවඃවහන්සේට හැකියි. බයිබලය මෙසේ පොරොන්දු වෙයි: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.
[පාදසටහන]
a ඔටුවන්ගේ සාමාන්‍ය වේගය සලකා බලද්දී, ගමන සම්පූර්ණ කිරීමට දින 25කට වැඩියෙන් ගතවන්ට ඇත.