යුද්ධයට වගකිව යුත්තේ කවුද?
මිනිසුන් විසින් කර ඇති යුද්ධවලට දෙවියන්වහන්සේ වගකිව යුතුද? “නැහැ, දෙවියන්වහන්සේට යුද්ධ ඕනෑ නැහැ.” දෙවන ලෝක මහා යුද්ධයේ අවසන් වීමත් සමඟම ඇසූ එම ප්‍රශ්නයට ජර්මානු ජාතික ප්‍රසිද්ධ රෙපරමාදු පූජක, මාර්ටින් නෙමර්ලර් උත්තර දුන්නේ එලෙසිනි. වර්ෂ 1946දී ප්‍රකාශිත ආච් ගොට් ෆොම් හිමල් සී ඩාරීන්—සෙක්ස් ප්රෙඩිග්ටන් (අහෝ දෙවියනි, ස්වර්ගයේ සිට බැලුව මැනවි—දේශනා හයක්) යන පොතේ ඔහුගේ අදහස් පළ කෙරිණ.a එම පොතෙහි මෙසේ සඳහන් වේ:
“[යුද්ධ] සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට දොස් කියන ඕනෑම අයෙකු, දේවවචනය දන්නේ නැත; ඒ ගැන දැනගන්ට ඔවුන්ට ඕනකමකුත් නැත. ඇත්තෙන්ම, අප ක්‍රිස්තියානීන් හැටියට, නිරන්තරව පැවති යුද්ධ සම්බන්ධයෙන් බොහෝ සේ වගකිව යුතුයි කියන එක, වෙනම දෙයකි. ඒ වගේම ඒකෙන් බේරෙන එකත් අපට පහසු දෙයක් වන්නේද නැත. . . . ක්‍රිස්තියානි පල්ලි දීර්ඝ කාලයක් පුරා, යුද්ධවලට, භට සේනාංකවලට සහ ආයුදවලට ආශීර්වාද කිරීමෙහිලා නැවත නැවතත් නිරත වී ඇති ආකාරය පැහැදිලිව සිහියට නැඟිය හැක; එමෙන්ම යුද්ධයේදී තම සතුරන්ව විනාශ කිරීම සඳහා ඉතා දරුණු ලෙස ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට පටහැනි අන්දමින් ඔවුන් යාච්ඤාද කර ඇත. එයට වැරදිකරුවන් වන්නේ අප සහ අප පියවරුන් වන අතර, දෙවියන්වහන්සේ කොහෙත්ම වගකිව යුතු නොවේ. එමෙන්ම යුද සේවයෙන් වැළකී සිටීම නිසාත්, මිනිසුන්ට වෙඩි තැබීමට ප්‍රතික්ෂේප කිරීම නිසාත් වධක ගාල් කඳවුරුවල තපින්ට මෙන්ම මරණය පවා විඳින්ට සිදු වූ, අවංක බයිබල් ශිෂ්‍යයන් [යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්] ලෙස හඳුන්වා ගන්නා නිකායට අයිතිවුන් ඉදිරියේ අදදින, ක්‍රිස්තියානීන් හැටියට අපි, ලජ්ජාවට පාත්‍ර වී සිටින්නෙමු.”
අද, එනම් IIවන ලෝක මහා යුද්ධයෙන් වසර 50කට පමණ පසුව, නෙමර්ලර්ගේ වදන් සාමයට ප්‍රිය කරන ජනයාට පරෙස්සමින් සිතා බැලීමට යමක් සපයයි. නැහැ, ජාතීන්ගේ ලේ වැගිරීම් වෙනුවෙන් දෙවියන්වහන්සේට කොහෙත්ම දොස් පවරන්න බැහැ! ඇත්තෙන්ම, දෙවියන්වහන්සේ ලෝකයේ යුද්ධවලට සම්බන්ධ නොවී සිටින තම සැබෑ නමස්කාරකයන් ලවා, සියලුම යුද්ධ ඉතා ඉක්මනින් අවසන් වීමට යන බව ප්‍රකාශ කරමින් සිටිනසේක.—ගීතාවලිය 46:9; යොහන් 17:16.
[පාදසටහන]
a මාර්ටින් නෙමර්ලර්ගේ දේශනා පසු කලකදී ඉංග්‍රීසි බසින් ඔෆ් ගිල්ට් ඇන්ඩ් හෝප් (වරදසහිතබව හා බලාපොරොත්තුව පිළිබඳව) යන පොතේ පළ වුවත්, ඉංග්‍රීසි අනුවාදය මුල් ජර්මානු පිටපතට වඩා වෙනස් බැවින්, මෙම උපුටා දැක්වීම ජර්මානු පොතෙන් කෙළින්ම පරිවර්තනය කර ඇත.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
USAF photo