ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 8/15 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔබ සමඟ යන්න අපි සතුටුයි’
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 8/15 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සිහිකිරීමේ සංකේතයන්හි පංගුකාරයන් වන අයගේ සංඛ්‍යාව මදක් වැඩි වී තිබෙන බව වසර කිහිපයක වාර්තා පෙන්නුම් කරයි. ශුද්ධාත්මය මගින් බොහෝ අයව අලුතින් ආලේප කරනු ලබන බව මෙය අඟවයිද?

ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව වන 1,44,000 දශක ගණනාවකට පෙර සම්පූර්ණ වූ බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ.

එම සීමිත කණ්ඩායමේ පළමු අය ගැන ක්‍රියා 2:1-4හි අපට මෙසේ කියවීමට තිබේ: “පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.”

ඉන්පසුව, යෙහෝවඃවහන්සේ වෙනත් අයව තෝරා, ස්වකීය ශුද්ධාත්මයෙන් ඔවුන්ව ආලේප කළසේක. ක්‍රිස්තියානි ධර්මයේ මුල්ම වසර තුළදී තවත් දහස් ගණන් අයව මෙයට එකතු කරන ලදි. අපගේ කාලයේ සිහිකිරීමේ උත්සවවලදී, ආලේප ලත් අය ‘පුත්‍රකමේ ආත්මයක් ලබාගන්නා’ බවට රෝම 8:15-17හි සඳහන් වන ප්‍රේරිත පාවුල්ගේ වචනවලට කථිකයා බොහෝවිට අවධානය යොමු කරවයි. ‘ඔවුන් දෙවියන්වහන්සේගේ දරුවන් බවත්, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයන් බවත්, ශුද්ධාත්මය ඔවුන්ගේ ආත්මය හා එක්ව සාක්ෂි දෙන’ බවත් පාවුල් තවදුරටත් සඳහන් කළේය. මෙසේ සැබවින්ම ආත්මයෙන් ආලේප කරනු ලැබූ අය එය ස්ථිරවම දනිති. එය නිකම්ම කැමැත්තක් නැතහොත් ඔවුන් ගැන තිබෙන චිත්තවේගීය මෙන්ම යථාර්ථ නොවන දෘෂ්ටියක් පිළිබිඹු කිරීමක් නොවේ.

අඳුරු යුගය නමින් හැඳින්වූ කාලය තුළදී, ආලේප ලත් අය ස්වල්පදෙනෙකු පමණක් සිටි කාලවල් තිබෙන්ට ඇති මුත්, ස්වර්ගික කැඳවීම මෙම ශතවර්ෂ ගණනාව පුරා නොකඩවා පැවති බව අපට පැහැදිලිය.a පසුගිය ශතවර්ෂයේ අවසානයට ආසන්න කාලයේදී සැබෑ ක්‍රිස්තියානි ධර්මය නැවත පිහිටුවීමත් සමඟම තවත් අයව කැඳවා තෝරාගන්නා ලදි. එහෙත් 1930 ගණන්වල මැදභාගයේදී 1,44,000දෙනාගේ මුළු සංඛ්‍යාව මූලිකවම සම්පූර්ණ වූ බව පෙනේ. එහෙයින් භූමික බලාපොරොත්තුවක් ඇති පක්ෂපාත ක්‍රිස්තියානීන් කණ්ඩායමක් මතුවන්ට පටන්ගත්තේය. අනුමැතිය ලැබූ එක රැළක් ලෙස ආලේප ලත් අය සමඟ නමස්කාරයේ එක්සත් වන එවන් අයව යේසුස්වහන්සේ ‘වෙනත් බැටළුවන්’ වශයෙන් හැඳින්වූසේක.—යොහන් 10:14-16.

ආලේප ලත් අයගේ කැඳවීම සම්පූර්ණ වූ බවත්, “මහත් පීඩා[වෙන්]” ගැළවීමට අපේක්ෂා කරන වර්ධනය වන්නාවූ “මහත් සමූහය” මත යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද තිබෙන බවත්, පසුගිය දශක ගණනාව තුළ සිදු වූ සිද්ධීන්වලින් පිළිබිඹු වේ. (එළිදරව් 7:9, 14) නිදසුනක් වශයෙන්, 1935දී පැවති සිහිකිරීමේ උත්සවයට 63,146දෙනෙකු පැමිණි අතර, තමන් ආලේප ලත් අයයයි සහතික කිරීමක් වශයෙන් සංකේතවලට පංගුකාරයන් වූ අයගේ සංඛ්‍යාව 52,465ක් විය. වසර 30කට පසුව, නැත්නම් 1965දී, පැමිණි අයගේ සංඛ්‍යාව 19,33,089ක් වූ අතර, පංගුකාරයන්ගේ සංඛ්‍යාව 11,550 දක්වා අඩු විය. වසර 30ක් ඉදිරියට පැමිණෙත්ම, එනම් 1995දී, පැමිණ සිටි අයගේ සංඛ්‍යාව 1,31,47,201 දක්වා ඉහළ නැඟි මුත්, රොටි සහ මුද්‍රිකපානයට පංගුකාරයන් වූයේ 8,645දෙනෙකු පමණි. (1 කොරින්ති 11:23-26) දශක ගණන් පසු වනවාත් සමඟම, ඉතිරි කොටසේ අය ලෙසට ප්‍රකාශ කර සිටි අයගේ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු වූ බව පැහැදිලිය—එනම් 1935දී ආසන්න වශයෙන් 52,400කි; 1965දී 11,500කි; 1995දී 8,600කි. කෙසේවෙතත්, භූමික බලාපොරොත්තු තිබෙන අය ආශීර්වාද ලැබ තිබෙන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී තිබේ.

වඩාත්ම මෑතකදී ප්‍රකාශයට පත් වූ වාර්තාව 1995 වර්ෂය සඳහාය, පැමිණ සිටි අය හා සසඳන කළ පංගුකාරයන්ගේ අනුපාතය සැබවින්ම පහත වැටුණත්, කලින් වසරට වඩා පංගුකාරයන් 28දෙනෙකු වැඩියෙන් සිටි බව එය පෙන්නුම් කරයි. සියල්ල සලකා බලද්දී, වැඩිපුර කිහිපදෙනෙකු සංකේතවලට පංගුකාරයන් වීමට තීරණය කිරීම අපට කලබල වීමට හේතුවක් නොවේ. පසුගිය වසර ගණනාව පුරා, අලුතින් බව්තීස්ම වූ අය පවා හිටිහැටියේම පංගුකාරයන් වීමට පටන්ගෙන ඇත. බොහෝ අවස්ථාවලදී යම් කාලයක් ගත වූවාට පසුව මෙය වරදක් බව ඔවුන් පිළිගෙන ඇත. ඔවුන් පංගුකාරයන් වූයේ යම් ශාරීරික හෝ මානසික පීඩනයක් නිසා ඇති වූ චිත්තවේගීය ප්‍රතිචාරයක් නිසා බව සමහරු අවබෝධ කරගෙන ඇත්තාහ. එහෙත් සැබවින්ම ඔවුන්ව ස්වර්ගික ජීවිතයකට කැඳවනු නොලැබූ බව ඔවුහු අවසානයේදී තේරුම්ගත්හ. තමන්ව දයානුකම්පිත ලෙස තේරුම්ගන්නා මෙන් ඔවුහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. පොළොව මත සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව ඇති කදිම, පක්ෂපාත ක්‍රිස්තියානීන් ලෙස ඔවුහු නොකඩවා උන්වහන්සේට සේවය කරමින් සිටිති.

පුද්ගලයෙකු සංකේතවලට පංගුකාරයෙකු වීමට පටන්ගත් විට හෝ එසේ කිරීම නැවැත්වූ විට හෝ ඒ පිළිබඳව අපගෙන් කිසිවෙකු කලබල වීමට අවශ්‍ය නැත. කෙනෙකු ආලේප කරනු ලැබ ස්වර්ගික ජීවිතයට කැඳවනු ලැබ තිබෙනවාද නැද්ද කියා නිශ්චය කිරීම අපගේ වගකීම නොවේ. යේසුස්වහන්සේගේ ස්ථිර සහතිකය සිහියට නඟන්න: “මම යහපත් බැටළු එඬේරාය; . . . මම මාගේ බැටළුවන් අඳුනමි.” ආත්මික පුත්‍රයන් වීමට තමන්වහන්සේ තෝරාගෙන තිබෙන්නාවූ අයව යෙහෝවඃවහන්සේ ඊට සමාන ස්ථිරත්වයකින් යුක්තව දන්නාසේක. වයස්ගත වීම හා බලාපොරොත්තු නොවූ සිදුවීම්වලින් ඔවුන්ගේ භූමික ජීවිතය අවසන් වනවාත් සමඟම, ආලේප ලත් අයගේ සංඛ්‍යාව නොකඩවා අඩු වන බවට විශ්වාස කිරීමට හොඳ හේතු තිබේ. ඒ කෙසේවෙතත්, ජීවනයේ ඔටුන්න ලබාගැනීමේ අපේක්ෂාව ඇතුව මෙම සැබෑ ආලේප ලත් අය මරණය දක්වා විශ්වාසවන්තව සිටින අතර, තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ රුධිරයෙන් සෝදාගත් වෙනත් බැටළුවන්ට, ළං වෙමින් පවතින මහත් පීඩාවේදී ගැළවීම අපේක්ෂා කළ හැක.—2 තිමෝති 4:6-8; එළිදරව් 2:10.

[පාදසටහන]

a වර්ෂ 1965 මාර්තු 15 ද වොච්ටවර් කලාපයේ 191-2 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න