විශේෂඥයෝ රුධිරය සඳහා විකල්ප සලකා බලති
එක්සත් ජනපදය අවට සිටින විශේෂඥයන් 200දෙනෙක් පමණ, වෛද්‍ය ක්ෂේත්රයට වඩාත් උනන්දුව ගෙන දෙන විෂයක් වන රුධිරය නොමැති ඖෂධ හා ශල්‍යකර්ම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, 1995 ඔක්තෝබර් 7වන සෙනසුරාදා ක්ලීව්ලන්ඩ් ඔහයියෝහි රැස්වූහ.
අභියෝගාත්මක තත්වයන් කිහිපයක් සාකච්ඡා කරනු ලැබීය. නිදසුනක් වශයෙන්, රෝගියෙකු උග්‍ර නීරක්තියකින් පීඩා විඳින්නේ නම් කුමක් කළ හැකිද? නියම කාලයට බොහෝ කලින් ඉපදෙන බිළිඳෙකුට රුධිරය නොමැතිව ප්‍රතිකාර කළ හැකි වන්නේ කෙසේද? ප්‍රවේශන නොමැතිව හෘද ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කළ හැකිද? එනම් බොහෝවිට ශරීරයටම එහි රුධිර සැපයුම වර්ධනය කරගැනීම සඳහා උපකාර කරන ක්‍රම යොදාගෙන සිදු කරනු ලබන රුධිරය නොමැති ශල්‍යකර්ම, මෙම තත්වයන් සියල්ලේදීම, මේ වන විටත් හොඳ ප්‍රතිඵල සහිතව උපයෝගී කරගෙන තිබීම සිත්ගන්නා කරුණකි.a
රුධිර ප්‍රවේශන සඳහා විකල්පවල අවශ්‍යතාවක් තිබෙන්නේ මන්ද? “රුධිර ප්‍රවේශන මගින් රෝග, විශේෂයෙන්ම හෙපටයිටිස් පැතිරෙන බව අප ඉගෙනගෙන තිබෙනවා,” කියා ක්ලීව්ලන්ඩ්හි ශාන්ත වින්සන්ට් පුණ්‍යාධාර රෝහලේ, රුධිරය නොමැති ප්‍රතිකාර හා ශල්‍යකර්ම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරිය වන ෂැරන් වර්නන් පවසයි. ඈ තවදුරටත් මෙසේ පවසයි: “රුධිරයෙන් ආසාදනයක් ඇති නොකරන අවස්ථාවලදී පවා, එයට රෝගියාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මැඩපවත්වන්ට පුළුවන්.” රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් රෝගය පැතිරීම අඩු කර තිබුණත්, එවැනි පරීක්ෂණ මගින් අනාවරණය නොවන තවත් බොහෝ රෝග තිබිය හැක. තවද, බොහෝ පෙර සූදානමක අවශ්‍යතාවක් තිබුණත්, රුධිරය නොමැති ශල්‍යකර්ම සිදු කිරීම රෝහල් සඳහා මූල්‍යමය වශයෙන් වාසියක් බවට ප්රත්යක්ෂය. එසේ වන්නේ රෝගීන් දූෂිත වූ රුධිරය ලබාගැනීමෙන් ප්‍රතිඵල විය හැකි නීතිමය ගැටලු එය ඉවත් කරන බැවිනි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා රුධිරය ලබාගැනීමෙන් වැළකී සිටීමට ඊටත් වඩා වැදගත් හේතුවක් තිබේ: එනම් දේවනීතිය එය තහනම් කිරීමයි. (ක්‍රියා 15:28, 29) එහෙත්, ලබාගත හැකි හොඳම වෛද්‍ය ප්‍රතිකාරය ලබාගැනීමට ඔවුන්ට වුවමනාය. මෙසේ, රුධිරය නොමැති වෛද්‍යමය ප්‍රතිකාර සොයන පර්යේෂණයන්හි පෙරමුණ ගන්නා වෛද්‍යවරුන් සමඟ ඔවුන් සහයෝගයෙන් කටයුතු කර තිබේ. මෙවැන්නකින් ප්‍රයෝජන ලබාගන්නේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් නොව, නමුත් රුධිර ප්රවේශනවල ඇති අන්තරාව සම්බන්ධයෙන් සැලකිල්ල දක්වන වෙනත් බොහෝදෙනෙකුටද එය ප්‍රයෝජනවත් වේ.
[පාදසටහන]
a එක්දහස් නවසිය අනූහතරේ පෙබරවාරි 8, පිටු 24-7 සහ 1996 අප්‍රියෙල් 8, පිටු 31 යන පිබිදෙව්! කලාප බලන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
WHO photo by P. Almasy