දීමේ ස්වභාවය ඔබට තිබේද?
දීම සඳහා ජනයාව පොලඹවන ස්වභාවයන් එකකට වඩා තිබෙන බව ඔබ නිරීක්ෂණය කර තිබේද? තෑග්ගක් ප්‍රේමයේ, ත්‍යාගශීලිත්වයේ, අගය කිරීමේ ප්‍රකාශයක් විය හැක. අනුග්‍රහය ලැබීමට පුද්ගලයෙකුගේ තිබෙන ආශාව නිසා තෑග්ගක් දෙනවා විය හැකි බවද ඔබේ අවධානයට ලක් වී නැද්ද? නැතහොත් එය දෙන්නේ හුදෙක් යුතුකමක් ඉටු කිරීමේ හැඟීමකින් හෝ දෙන තැනැත්තාට යළි යමක් ලබාගැනීමට වුවමනා නිසා විය හැක.
තෑග්ග අලංකාර රිබන් පටියකින් ගැට ගැසූ පාර්සලයක් විය හැක. එහෙත් මල් පොකුරක්ද, කෑම දීසියක්ද නැතහොත් කරුණාවන්ත ක්‍රියාවක්ද කදිම තෑග්ගක් වන බව සැබෑවක් නොවේද? ඇත්තෙන්ම, ඉතා ගැඹුරෙන්ම අගය කෙරෙන තෑගිවලට බොහෝවිට තමාවම දීම ඇතුළත් වේ.
ඔබ යමෙකුගේ අනුග්‍රහය දිනාගැනීමට සොයමින් සිටින්නෙහිද?
අනුග්‍රහය දිනාගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු වෙත තෑග්ගක් දීම පුද්ගලයෙකුට අසාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් රටවල විවාහ අපේක්ෂිත මණාලියකගේ හෘදය දිනාගැනීමට සොයන යෞවන පුරුෂයෙකු ඇයට මල් ගෙනෙනවා විය හැක. එහෙත් ඥානවන්ත ස්ත්‍රිය තෑග්ගට ඔබ්බෙන් බලයි. යෞවන පුරුෂයාගේ තෑග්ග පිටුපස ඇති ස්වභාවය, ඔහුව හොඳ ස්වාමිපුරුෂයෙකුද කරන ප්‍රේමනීය එකක්දැයි ඈ සලකා බලයි. එය දේවභක්තික ස්වභාවයක් පිළිබිඹු කරනවා නම්, එවන් තෑග්ගක් දෙන්නා සහ ලබන්නා යන දෙදෙනාටම ඉමහත් සතුටක් ගෙන දිය හැක.
නාබල්ගේ භාර්යාව වන අබීගායිල්, අනාගතයේ ඉශ්‍රායෙල්හි රජවීමට දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබූ තැනැත්තා දාවිත් බව වටහාගෙන, ඔහු සඳහා විගස ත්‍යාගශීලී තෑග්ගක් සූදානම් කළ අවස්ථාවක් ගැන බයිබලය පවසයි. ඈද අනුග්‍රහය සෙව්වාය. ඇගේ ස්වාමිපුරුෂයා දාවිත්ව හෙළාදැක, දාවිත්ගේ මිනිසුන්ට බැණවදිමින් තරවටු කළේය. යුද අවි රැගත් මිනිසුන් 400කින් පමණ සමන්විත කණ්ඩායමක පෙරටුව ගනිමින්, දාවිත් නාබල්ව සහ ඔහුගේ නිවැසියන්ව විනාශ කිරීමට සැරසී සිටියේය. දාවිත්ගේ මිනිසුන් සඳහා දාවිත්ට ත්‍යාගශීලීව ආහාර ප්‍රමාණයක් එවමින් අබීගායිල් විගස මැදිහත් වූවාය. තෑග්ග එවා, ඇයද ඉන්පසු පැමිණ, සිය ස්වාමිපුරුෂයා කර තිබෙන දේ සඳහා යටහත් පහත්ව සමාව ඉල්ලීමෙන් පසු, දාවිත්ට හේතු දැක්වීමේදී විචාර බුද්ධිය තිබෙන බවට මැනවින් සාක්ෂිදැරුවාය.
ඇගේ පරමාර්ථය උසස් එකක් වූ අතර, එහි ප්‍රතිඵලය යහපත් එකක් විය. දාවිත් ඇගේ තෑග්ග පිළිගෙන, ඇයට මෙසේ පැවසීය: “නුඹේ ගෙදරට සමාදානයෙන් පලයන්න; මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමි.” පසුව, නාබල් මියගිය පසු, දාවිත් අබීගායිල්ව විවාහ කරගැනීමට පවා යෝජනා කළ අතර ඈ සතුටෙන් එය පිළිගත්තාය.—1 සාමුවෙල් 25:13-42.
කෙසේවුවද, සමහර අවස්ථාවලදී, පුද්ගලයෙකු පතන උපකාරයට පක්ෂවාදීකම පෙන්වීම, යුක්තිය පෙරළීම පවා ඇතුළත් විය හැක. එවැනි අවස්ථාවකදී, තෑග්ග අල්ලසකි. දෙන තැනැත්තා සිතන්නේ ඔහුට වාසියක් වේයයි කියාය, නමුත් ඔහුට සිය මනසේ සාමය අහිමි වෙයි. අනික් අය දැනගනියි, ඔහුට ගණන් දීමට සිදු වෙයි යන අනතුර සැමවිටම පවතියි. පැතූ උපකාරය ලැබුණත්, එය ලබාගත් තැනැත්තා තමා ප්‍රසිද්ධ වී සිටින්නේ සැකකටයුතු චේතනා ඇති කෙනෙකු හැටියට බව දැනගන්නවා විය හැක. දේවප්‍රඥාව විදහාපෙන්වමින්, බයිබලය එවැනි තෑගිවලට විරුද්ධව අවවාද කරයි.—ද්විතීය කථාව 16:19; දේශනාකාරයා 7:7.
තෑග්ග දෙන්නේ හෘදයෙන්මද?
ඒ ගැන කිසි සැකයක් නැත—ඔබ දිය යුතුයයි අන්‍යයන් විසින් ඔබට හැඟීමට සැලැස්වීම නිසා දෙනු ලබනවාට වඩා, ඔබට එසේ කිරීමට වුවමනා නිසා ඔබ ප්‍රේම කරන කෙනෙකුට දීමෙන් වඩා වැඩි ප්‍රීතියක් ලැබේ.
ද්‍රව්‍යමය ලෙස අවශ්‍යතාවෙන් සිටි සෙසු ක්‍රිස්තියානීන් සඳහා සහනාධාර එකතු කිරීම සම්බන්ධයෙන්, ප්‍රේරිත පාවුල් දේවභක්තික දීමේ යම් විශිෂ්ට ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළේය. “මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ” යයි ඔහු ලීවේය. ඔහු මෙසේද පැවසීය: “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.” (2 කොරින්ති 8:12; 9:7) මෙබැවින්, මෙම කාරණය වැඩිදුරට රඳා පවතින්නේ ඔබ මතයි. අතදිගහැර තෑගි දීමෙන් ණය වෙනවා වෙනුවට, ඔබට තිබෙන ප්‍රමාණය අනුව ඔබ දෙන්නෙහිද? මූලික ලෙස සමාජීය හෝ වාණිජමය පීඩනය හේතුවෙන් දියයුතුයයි හැඟීමක් ඇති කරගන්නවාට වඩා, ඔබේ හෘදයෙන් නියම කරගත් ලෙස ඔබ දෙන්නෙහිද? එවැනි දේව ප්‍රතිපත්ති අදාළ කරගත් මුල් ක්‍රිස්තියානීන් ගැන පාවුල් මෙසේ ලීවේය: “ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය.”—2 කොරින්ති 8:4.
ඊට පටහැනිව, 1994 නොවැම්බර්/දෙසැම්බර්වල රෝයල් බෑන්ක් ලෙටර්හි නත්තලට පෙර සති සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් මිල දී නොගන්නා දේවල් ගැනීමට පෙලඹීම සඳහා ව්‍යාපාරික වාසි ලැබීම කරණකොටගෙන පුබුදුවාලනු ලබන කෘත්‍රිම උද්‍යෝගයකින් යුත් තත්වයක් වශයෙන් මෙම සමය සැලකිය හැක.” මිල දී ගැනෙන්නේ ණයට නම්, ණය ගෙවීමට සිදු වන විට, තෑගි දීමෙන් ලැබෙන මොන යම් අයුරක හෝ තෘප්තිය හදිසියෙන්ම පහවී යා හැක.
ඔබේ මූලික සැලකිල්ල—අවස්ථාව වෙතද? නැතහොත් ප්‍රේමයේ ප්‍රකාශයක් වෙතද?
වැඩි වශයෙන්ම ඔබ තෑගි දෙන්නේ එය අවශ්‍යයයි පෙනෙන්ට තිබෙන අවස්ථාවලදී බව ඔබට හැඟේද? එසේනම්, කැමැත්තෙන්ම දීම මගින් ගෙනා හැකි ප්‍රීතිය ඔබෙන් ගිලිහී යනවා විය හැක.
විශේෂ දිනයන්හි තෑගි දීමේ ප්‍රතිඵලවලට ප්‍රසන්න නොවන බොහෝදෙනෙක් සිටිති. තෑගි අපේක්ෂා කළ දිනය ළඟාවූ විට තම දරුවන් තුළ ගිජුකම දකින්ට තිබූ බව ලේඛිකාවක වූ මවක් පිළිගත්තාය. ඇය වෙනත් යමක් බලාපොරොත්තුවෙන් සිටි නිසා, අලංකාර තෑග්ගකින් තමන්ටම ආස්වාදයක් ලැබීම වැළකී ගිය බව ඈ පිළිගත්තාය. උත්සව මෙන්ම තෑගි හුවමාරු කිරීම ඇතුළත් වන නිවාඩු දින, ඉමහත් චිත්තවේගීය විෂාදය හා මත්පැනට ඇබ්බැහි වීම ඇති වන අවස්ථාද වන බව වාර්තා ගණනාවක්ම පවසයි.
ද නිව් යෝර්ක් ටයිම්ස්හි උපුටා දක්වා තිබෙන පරිදි, නිවාඩු කාලයේ තෑගි දීම මත කෙරෙන අවධාරණය, සමහරවිට දරුවන් කෙරෙහි නරක අතට බලපාන බව නිරීක්ෂණය කළ මනෝවිද්‍යාඥ වෛද්‍ය විශේෂඥයෙක් මෙසේ නිර්දේශ කරයි: “දැඩි පීඩනය අඩු කිරීමේ මාර්ගයක් ලෙස වෙනත් දිනවල යම් යම් තෑගි දීම ගැන සලකා බලන්න.” එය හොඳ බලපෑමක් ඇති කරයි කියා ඔබ සිතන්නෙහිද?
නත්තල සහ උපන්දින උත්සව නොපවත්වන නිවසක සිටින 12-හැවිරිදි ටැමි මෙසේ ලීවාය: “බලාපොරොත්තු නොවන අවස්ථාවකදී ඔබට තෑග්ගක් ලැබෙන විට එයින් වැඩි සතුටක් ලැබේ.” අවුරුද්දකට වතාවක් හෝ දෙවතාවක් තෑගි දෙනවා වෙනුවට, ඇගේ දෙමව්පියන් ඇයට හා ඇගේ සහෝදරයාට මුළු අවුරුද්දේ ඕනෑම දිනක එවැනි තෑගි දෙන බව ඈ පැවසුවාය. එහෙත් ඇයට එම තෑගිවලට වඩා වැඩි යමක් වැදගත් වේ. ඈ මෙසේ පවසන්නීය, “මට ඉතාමත්ම සන්තෝෂවත් පවුල් ජීවිතයක් තිබෙනවා.”
සීක්‍රට්ස් ඔෆ් ස්ට්‍රෝං ෆැමිලීස් පොත අවංකවම මෙසේ ප්‍රකාශ කරයි: “අප ප්‍රේම කරන අය සඳහා උපන්දිනවලට, සංවත්සරවලට හෝ නිවාඩුදිනවලට සුදුසු තෑගි තේරීමට අපගෙන් වැඩිදෙනෙක් අවුරුද්දකට කීපවතාවක්ම කාලය හා මුදල් වැය කරති. සියල්ලටම වඩා හොඳම තෑග්ගට මුදල් අවශ්‍ය නොවේ. එමෙන්ම ඔබට එය එතීමට අවශ්‍ය නොවනු ඇත. වැඩිදෙනෙකු මෙන්, දිය හැකි වටිනාම වස්තුව ඔබේ ජීවිතය බව ඔබ විශ්වාස කරන්නෙහි නම්, ඔබට දීමට තිබෙන ඔබේ ඉතාමත්ම අගනා තෑග්ග වනාහි ඔබේ ජීවිතයෙන් කොටසකි. අප එම අගනා තෑග්ග දෙන්නේ අපගේ ප්‍රේමනීයයන් වෙනුවෙන් අපගේ කාලය දීමෙනි.”
ඔබේම පවුලෙන් ඔබ්බට එම දීම ගලායෑමට ඔබට සැලැස්විය හැක. වෙනත් අයට තිබෙන පැහැදිලි අවශ්‍යතාවක් සැපිරීමට කැමැත්තෙන්ම දීම මගින් විශේෂ තෘප්තියක් ගෙන දිය හැක. දුගී, කොර සහ අන්ධ අය වෙත එවැනි ප්‍රේමනීය සැලකිල්ලක් පෙන්වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපෙන් උදක්ම ඉල්ලා සිටි අතර, මෙසේද පැවසූසේක: “නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද [සන්තෝෂය, NW] ලැබෙන්නේය.”—ලූක් 14:12-14.
එවැනි ආකාරයක දීමේ ආදර්ශයක් රොක්ලන්ඩ් ජර්නල්-නියූස් (අ.එ.ජ.) මෑතකදී වාර්තා කළේය. වයසක අන්ධ ස්ත්‍රියකගේ නිවස කඩාවැටුණ විට, මිත්‍රයෝ ඇයට නව නිවසක් තනා දුන්හ. ප්‍රාදේශීය වෙළඳ ව්‍යාපාරයන් කීපයක් මගින් පරිත්‍යාගයන් කරනු ලැබූ අතර, ප්‍රාදේශීය ආණ්ඩු ආයතනයකින් මූල්‍යමය ආධාරයක් ලබා දිණ. “එහෙත්, වඩාත්ම වැදගත් දෙය නම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හැවර්ස්ට්‍රො සභාවට පැමිණෙන අයගෙන් වැඩිදෙනෙකු, එනම් 150ක් හෝ එවැනි සංඛ්‍යාවක් නිවස තැනීමට කාලය පරිත්‍යාග කිරීමයි,” යනුවෙන් පුවත්පත පැවසීය.
ලිපිය තවදුරටත් මෙසේ පැවසීය: “ඉදි කිරීමේ භූමිය තුළ ආහාරවලින් පිරි මේසවලට එහායින් අමුද්‍රව්‍ය ගොඩ ගසා තිබිණ. වැඩකරුවෝ දවස් දෙකකින් තට්ටු තුනක් උසැති, ද්වි-පවුල් නිවසක් තැනූහ. . . . යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කඩිනමින් ගොඩනැඟිලි තැනීමට හැකියාව ඇති අය වශයෙන් ප්‍රසිද්ධය. . . . කෙසේවෙතත්, මෙය කඩිනමින් කළත් ඔවුන්ගේ මෙහෙයෙන් අත්වන දිගුකාලීන ප්‍රතිඵලය වෙනස්ය: එනම් ප්‍රේමයෙන් පෙලඹෙන ක්‍රියාවක් තුළින් ස්ථිරසාරභාවයක් සැපයීමයි. බ්ලේක්ලි මහත්මියට ඇගේ නව නිවස දැකීමට නොහැකි වනවා විය හැක, නමුත් ඇගේ අත්වලින් ඇයට එය දැනිය හැකි අතර, මෙම පරාර්ථකාමී ක්‍රියාවෙන් ඇය තුළ ඇති වූ බලවත් හැඟීම් ගැන ඇගේ හෘදය දනියි.”
වසර-පුරා පරිත්‍යාගශීලිත්වයේ ස්වභාවයක්
සැබවින්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් ඇති අය විශේෂ දින පැමිණෙන තෙක් බලා නොසිටිති. ඔවුන්ගේ ජීවිත ආත්මාර්ථකාමී ලෙස ගොඩනඟාගෙන නැත. ඔවුහු යම් හොඳ දෙයක් ලබන විට, එය අන් අය සමඟ හවුලේ බෙදාගැනීමේ ප්‍රීතිය භුක්තිවිඳිති. ඔවුන් අනිවාර්යයෙන්ම තෑගිදෙන්නන්යයි මෙයින් අදහස් නොකෙරේ. ඔවුන්ගේ පවුල්වලට සියල්ල අහිමි වන තරමටම ඔවුන් දෙන බවක් මින් අදහස් නොකෙරේ. ලබන්නාට එය බලපාන ආකාරය ගැන කිසි වගවිභාගයකින් තොරව ඔවුන් දෙනවා යන්නද ඉන් අදහස් නොකෙරේ. එහෙත්, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට ඉගැන්නුවාක් මෙන්, ඔවුහු ‘දීම පුරුද්දක් ලෙස කරන’ අය වෙති.—ලූක් 6:38, NW.
ඔවුහු වයසක මෙන්ම රෝගී මිත්‍රයන්ගේ හා අසල්වාසීන්ගේ එසේ නැතහොත් වෙන යම් හෙයකින් දිරිගැන්වීමේ අවශ්‍යතාව ඇතුව සිටින අයගේ තත්වයන් පිළිබඳවද, සාවධානව සිටිති. කඩේට ගොස් බඩු රැගෙන ඒම හෝ ගෙදර දොරේ වැඩ කර දීම ඔවුන්ගේ “තෑග්ග” විය හැක. එය දර කැපීම හෝ හිම ඉවත් කිරීමද විය හැක. එය සූදානම් කළ කෑම පිඟානක් හෝ බැහැදැකීමට සහ එක්වී කියවීමට ගත කරන පැයක කාලයක් විය හැක. ඔවුන්ම කාර්යබහුලව සිටිය හැකි නමුත් උපකාර නොකිරීමට තරම් කාර්යබහුලව නොසිටිති. “ලැබීමට වඩා දීමෙහි සන්තෝෂයක් තිබේ,” යන්න සැබවින්ම ඔවුන් අද්දැකීමෙන්ම ඉගෙනගෙන ඇත.—ක්‍රියා 20:35, NW.
සැබවින්ම, සියල්ලන්ටම වඩා උතුම් දෙන්නා අපගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේය. උන්වහන්සේ “සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.” (ක්‍රියා 17:25) දුෂ්ටකම, අසනීප සහ මරණය කෙළවර කිරීම මෙන්ම මේ පොළොව පාරාදීසයකට පරිවර්තනය කිරීම සඳහා උන්වහන්සේගේ අරමුණ සම්බන්ධයෙන්, උන්වහන්සේ අපට තීක්ෂ්ණ බුද්ධියද ලබා දෙනසේක. (ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:4, 5) මෙය ඉගෙනගෙන තිබෙන ත්‍යාගශීලී ස්වභාවයක් ඇති අය, තමන්ටම එම ශුභාරංචිය තබා නොගනිති. අන්‍යයන් සමඟ එය හවුලේ බෙදාගැනීම ඔවුන්ගේ ඉමහත්ම සන්තෝෂයන්ගෙන් එකකි. ඔවුන්ගේ දීමේ ස්වභාවය වනාහි ඇත්තෙන්ම දේවභක්තික එකකි. ඔබ වර්ධනය කරමින් සිටින්නේ එම ස්වභාවයමද?
[7වන පිටුවේ පින්තූර]
ඉතාමත්ම අගනා තෑගිවලින් සමහරකට මුදලක් වැය නොවේ