ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 10/1 5-7 පි.
  • යුද්ධයෙන් තොර ලොවක්—කවදාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද්ධයෙන් තොර ලොවක්—කවදාද?
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආගම—මහත් බාධකයක්
  • ආගමෙහි අනාගතය
  • අසම්පූර්ණ මිනිස් ස්වභාවය
  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—සාමාදානයේ කුමාරයා
  • පනස් වසරක නිෂ්ඵල වෑයම්
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
    ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?
  • ආගම්වලට මොකක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • මහා බැබිලෝනියේ විනාශය
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 10/1 5-7 පි.

යුද්ධයෙන් තොර ලොවක්—කවදාද?

වර්ෂ 1945 ඔක්තෝබර් 24දා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීමට පටන්ගැනිණ. එය මිනිසුන් විසින් කවදා හෝ ලෝක සාමය ගෙන ඒමට සවිස්තර උපායමාර්ගය සමඟින් සැලසුම් කරන ලද්දකි. එක්සත් ජාතීන් සිය මුල් සාමාජික රටවල් 51 සමඟින් ලෝක ඉතිහාසයෙහි විශාලතම ජාත්‍යන්තර සංවිධානය බවට පත්විය. එමෙන්ම, එදා මෙදා තුර පළමු වතාවට, සාමය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා, එමෙන්ම යුද්ධයෙන් තොර ලොවක් බිහි කිරීම සඳහා, ජාත්‍යන්තර සංවිධානයකට හමුදාවක් සතුව තිබෙනු ඇත.

අදදින, සාමාජික රටවල් 185ක් සමඟින්, එක්සත් ජාතීන් කෙදිනකටත් වඩා ශක්තිමත්ය. එසේනම්, ඉතිහාසයේ වඩාත්ම බලවත් ජාත්‍යන්තර සංවිධානය සිය උදාර පරමාර්ථ ඉටු කරගැනීමට මුළුමනින්ම අසමත් වී ඇත්තේ මන්ද?

ආගම—මහත් බාධකයක්

එක ප්‍රධාන ගැටලුවක් වනාහි ලෝක කටයුතු සම්බන්ධයෙන් ආගම රඟන භූමිකාවය. එක්සත් ජාතීන්ගේ ආරම්භයත් සමඟ ලෝකයේ ප්‍රධාන ආගම් එම සංවිධානයට සිය සහයෝගය දෙන බවට ප්‍රතිඥා දී ඇති බව සැබෑය. එක්සත් ජාතීන්ගේ 50වන සංවත්සරයට යොමු දක්වමින්, IIවන ජුවාම් පාවුලු පාප් ඒ ගැන පැවසුවේ “සාමය වැඩිවර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට අතිවිශිෂ්ට මෙවලමක් වශයෙනි.” සමස්ත ලෝක ආගමික ප්‍රජාවම ඔහුගේ අදහස්වලට එකඟ වෙති. එහෙත් ආගම එක්සත් ජාතීන්ට බාධාවක් හා හිරිහැරයක් වී ඇතැයි යන සත්‍යය සැඟවීමට, ආගම සහ රජය අතර තිබෙන මෙම උපායශීලී බැඳීමට නොහැක.

ජාතිවාදී වෛරය, යුද්ධ සහ ජාති ඝාතනවලට දිරි දීමේදී හෝ ඒවාට අනුබල දීමේදී ශතවර්ෂ ගණනාවක් පුරා ආගම ප්‍රධාන භූමිකාවක් රඟපා ඇත. මෑත වර්ෂවලදී, ආගමික උමතු වේශය යටතේ අසල්වාසීන් එකිනෙකාව ඝාතනය කර ඇත. බෝල්කන් අර්ධද්වීපයෙහි යුද්ධ සම්බන්ධයෙන් “වාර්ගික ශෝධනය” යන යෙදුම පුළුල් ලෙස යොදා තිබේ. කෙසේවුවත්, ඔවුන්ගෙන් වැඩි හරියකට එකම වාර්ගික මූලාරම්භයක් තිබෙන බැවින්, එහි බොහෝදෙනෙකුට එකිනෙකා කෙරෙහි වෛරය පදනම්ව ඇත්තේ, ජාතියට වඩා ආගමික සම්බන්ධකම් මතය. එසේය, පෙර යුගෝස්ලාවියාවේ රුධිරය වැගිරීම සඳහා ආගම වගකීමෙන් වැඩිකොටසක් පිළිගත යුතුය, එය නැවැත්වීමට එක්සත් ජාතීන්ට හැකිවී නැත.

“ආගමික සටන්කාමීන් වැඩිවන ශීත-යුද්ධයකින් පසු ලෝකයක, ආගම හා ජාති ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම අසීරුතාවකට දායක වුවත්, එය අප ප්‍රමුඛතාව දිය යුතු වඩාත් වැදගත් දේවලින් එකක් විය හැකි” යයි ආගම පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු මෑතකදී ප්‍රකාශ කළේ යෝග්‍ය ලෙසිනි. ආගම ලෝක සාමය සඳහා වෑයම් වළක්වන ආකාරය පිළිබඳ නව දැනුවත්කමක් අදදින දක්නට තිබේ.

වර්ෂ 1981දී එ.ජා. ප්‍රකාශයක් මෙසේ ප්‍රකාශ කළේය: “තවමත් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල පැහැදිලිව දක්නට ලැබෙන, ආගම හෝ විශ්වාසය පිළිබඳ කාරණාවලදී නොඉවසීමේ පිළිබිඹු වීම් මගින් හා වෙනස්කම් පැවතීම මගින් සැලකිලිමත් වී, එවැනි නොඉවසීමේ සියලු ආකාරයන් හා පිළිබිඹු වීම් ශීඝ්‍රයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රම අත්හදාබැලීමට හා ආගම හෝ විශ්වාසය මත පදනම්ව ඇති වෙනස් ලෙස සැලකීම වැළැක්වීමට මෙන්ම ඉවත් කිරීමට පරිශ්‍රමයක් දැරීමට අධිෂ්ඨාන කරමු.”

එක්සත් ජාතීන් සිය ප්‍රකාශයට එකඟව, 1995 ඉවසිලිවන්තකම සඳහා වර්ෂය වශයෙන් ප්‍රකාශ කර තිබේ. එහෙත්, යථාර්ථානුරූපීව කතා කරනවා නම්, ආගම මගින් බෙදුණු ලෝකයක සාමය හා සුරක්ෂිතභාවය අත් කරගැනීමට කවදා හෝ හැකිවනු ඇද්ද?

ආගමෙහි අනාගතය

බයිබලයේ එළිදරව් පොතෙහි අනාවැකියක් පිළිතුර සපයයි. එය “පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන,” “රැජිනක්” ලෙස වාඩි වී සිටින සංකේතවත් “මහා වේශ්‍යාව[ක්]” ගැන කතා කරයි. මෙම වේශ්‍යාව “සැප ජීවිකා[වක්]” ගත කරන අතර ලෝක ආණ්ඩු සමඟ සබඳතා පවත්වයි. මෙම ආණ්ඩු දක්වා තිබෙන්නේ, වේශ්‍යාව විසින් සැපපහසුවෙන් මෙහෙයවන “රතු ම රතු මෘගයෙකු” වශයෙනි. (එළිදරව් 17:1-5, 18; 18:7, නව අනුවාදය) “මහා බබිලෝනිය” වශයෙන් ප්‍රසිද්ධ මෙම බලවත් හා දුරාචාර ස්ත්‍රිය, රූප නමස්කාරක ආගමේ මූලාරම්භය වන පුරාණ බබිලෝනියේ නමින්ම හඳුන්වනු ලැබේ. යෝග්‍ය ලෙස, අදදින මෙම වේශ්‍යාව, ආණ්ඩුවල කටයුතුවලට මැදිහත් වී ඇති සියලු ලෝක ආගම් නියෝජනය කරයි.

කල් යත්ම, දෙවියන්වහන්සේ වනමෘගයාගේ යුදකාමී සංයුක්ත කොටස්වල හෘද තුළට, ක්‍රියාත්මක වීම සඳහා අදහස දමනු ඇතැයි වාර්තාවේ පැවසේ. මොවුන් “වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:16)a මෙබැවින් බොරු ආගම ඉවත් කිරීමේ කටයුත්ත තුළට බලවත් ජාතීන් මෙහෙයවීමට මූලික පියවර ගෙන තිබෙනු ඇත්තේ යෙහෝවඃ දෙවියන්වහන්සේමය. සුඛෝපභෝගී ආගමික පල්ලි මෙන්ම සිද්ධස්ථාන සමඟින් ලෝක ව්‍යාප්ත ආගමික ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ. සාමය හා සුරක්ෂිතය පිහිටුවීමට තිබෙන ආගමික බාධකය එවිට තවදුරටත් නොතිබෙනු ඇත. එහෙත් එවිට පවා පොළොව මත සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය තිබෙනු ඇද්ද?

අසම්පූර්ණ මිනිස් ස්වභාවය

ආගම තුරන් කිරීමෙන් යුද්ධයෙන් තොර ලෝකයක් සැබවින්ම ඇතිවේය යන්න ගැන කිසියම් සහතිකයක් තිබේද? නැත. එක්සත් ජාතීන් දිගටම ව්‍යාකූල කරවන තත්වයකට මුහුණදෙනු ඇත. එක් අතකින් ජනයාට සාමය සහ සුරක්ෂිතය අවශ්‍යය. එහෙත්, අනික් අතට, සාමයට සහ සුරක්ෂිතයට විශාලතම තර්ජනය ඉදිරිපත් කරන්නේ ජනයාමය. වෛරය, උඩඟුකම, මමත්වය, ආත්මාර්ථකාමිත්වය සහ නූගත්කම සියලු සටන් සහ යුද්ධවල ආරම්භයෙහි පවතින මිනිස් ගති ලක්ෂණ වේ.—යාකොබ් 4:1-4.

අපගේ කාලයේ මිනිස්සු “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව” සිටිනු ඇතැයි බයිබලය පුරෝකථනය කළේය.—2 තිමෝති 3:1-4.

“බොහෝ සමාජවල අතිවිශාල ප්‍රමාණයකින් යුත් සමාජ හා සදාචාර අර්බුදයකින් ලෝකය පෙළෙන බව” මහලේකම් බූට්‍රොස් බූට්‍රොස්-ඝාලි පිළිගත්තේය. අසම්පූර්ණ මිනිස් ස්වභාවයේ හානිකර ගති ලක්ෂණ මර්දනය කිරීමට කිසිම රාජතන්ත්‍රික පුහුණු කිරීමකට නොහැක.—සසඳන්න උත්පත්ති 8:21; යෙරෙමියා 17:9.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—සාමාදානයේ කුමාරයා

පැහැදිලිවම, ලෝක සාමය ගෙන ඒමට එක්සත් ජාතීන්ට හැකියාවක් නැත. එහි සාමාජිකයන් සහ සහායකයන්ට, උසස් ඉලක්ක තිබෙනවා වුවත් ඔවුන් සියල්ලන්ම අසම්පූර්ණය. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති [නැත] . . . ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත,” යයි බයිබලය පවසයි. (යෙරෙමියා 10:23) තවදුරටත්, දෙවියන්වහන්සේ මෙසේ අවවාද දෙනසේක: “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.”— ගීතාවලිය 146:3.

යෙහෝවඃවහන්සේ “සමාදානයේ කුමාරයා” වන ස්වකීය පුත්‍රයා මාර්ගයෙන් ඉටු කරන දෙය බයිබලයේ පුරෝකථනය කෙරේ. යෙසායා 9:6, 7 මෙසේ පවසයි: “අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”

ලෝකයේ ජාතීහු වසර 50ක නිෂ්ඵල වෑයම්වලින් වෙහෙසට පත්ව සිටිති. වැඩි කල් නොගොස් ඔවුන් වේශ්‍යාවක බඳු ආගමික සංවිධාන විනාශ කරනු ඇත. ඉක්බිතිව ‘රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේ,’ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේද, සිය ස්වර්ගික යුධ හමුදාවද සියලු මිනිස් ආණ්ඩු ඉවත් කර, දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව මරණයට පත් කරනු ඇත. (එළිදරව් 19:11-21; සසඳන්න දානියෙල් 2:44, 45.) මෙමගින් යෙහෝවඃ දෙවියන්වහන්සේ යුද්ධයෙන් තොර ලොවක් බිහි කරනු ඇත.

[පාදසටහන්වල]

a මහා බබිලෝනිය සම්බන්ධයෙන් එළිදරව් අනාවැකිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1988දී ප්‍රකාශිත එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! පොතේ 33 සිට 37 පරිච්ඡේද බලන්න.

[7වන පිටුවේ කොටුව]

එක්සත් ජාතීන් පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය

බයිබල් අනාවැකිවල, මිනිස් ආණ්ඩු බොහෝවිට සංකේතවත් කරනු ලබන්නේ වනමෘගයන් මගිනි. (දානියෙල් 7:6, 12, 23; 8:20-22) මෙබැවින්, දශකයන් බොහොමයක් පුරා, මුරටැඹ සඟරාව, එළිදරව් 13වන සහ 17වන පරිච්ඡේදවල වනමෘගයන්ව අදදින ලෞකික ආණ්ඩු ලෙස හඳුන්වා තිබේ. මෙයට එක්සත් ජාතීන් ඇතුළත් වන අතර, එය එළිදරව් 17වන පරිච්ඡේදයෙහි දක්වා තිබෙන්නේ, හිස් සතක් සහ අං දසයක් ඇති රතුම රතු වනමෘගයෙකු වශයෙනි.

කෙසේවුවද, මෙම ශුද්ධ ලියවිලිමය ස්ථාවරය, ආණ්ඩු හෝ එහි බලධාරීන් කෙරෙහි මොනයම් හෝ ආකාරයක අගෞරවය දැක්වීමකට ඉඩ නොදේ. බයිබලය පැහැදිලිවම මෙසේ ප්‍රකාශ කරයි: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ. එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.”—රෝම 13:1, 2.

මේ අනුව, දේශපාලනික මධ්‍යස්ථභාවය තදින්ම පවත්වන්නාවූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, මිනිස් ආණ්ඩුවලට ඇඟිලි නොගසති. ඔවුන් කිසිදා ආණ්ඩු විරෝධී විප්ලව ඇති කරන්නේ හෝ ආණ්ඩු විරෝධී ක්‍රියාවල හවුල්වන්නේ හෝ නැත. ඒ වෙනුවට, මිනිස් සමාජයේ නීතිය හා විනය පැවැත්වීමට යම් අන්දමක ආණ්ඩුවක් අවශ්‍ය බව ඔවුහු වටහාගනිති.—රෝම 13:1-7; තීතස් 3:1.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකන්නේ ලෝකයේ වෙනත් ආණ්ඩුමය කණ්ඩායම්වලට සලකන ආකාරයෙනි. එක්සත් ජාතීන් දිගටම පවතින්නේ දෙවියන්වහන්සේගේ අවසරයෙන් බව ඔවුහු පිළිගනිති. බයිබලයට එකඟව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලු ආණ්ඩුවලට දිය යුතු ගෞරවය දෙන අතර, එවැනි කීකරුවීමක් සඳහා දෙවියන්වහන්සේට විරුද්ධව පව් කිරීමක් අවශ්‍ය නොවීමේ කොන්දේසිය මත ඔවුහු ඒවාට කීකරුවෙති.—ක්‍රියා 5:29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න