පාඨකයන්ගෙන් ප්‍රශ්න
මුල් පාලක මණ්ඩලය සඳහා එකම වාර්ගික හා ජාතික පසුබිම තිබූ, සියල්ලන්වම යුදෙව්වන් ගෙන් තේරීමේදී—දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටිසේක්ද?
නැත, සහතිකවම උන්වහන්සේ එසේ කටයුතු කළා නොවේ. යේසුස්වහන්සේ පළමුකොට ගෝලයන් හැටියට කැඳවූ සියලුදෙනාම යුදෙව්වෝ වූහ. ඉන්පසුව, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී, ආලේප කරනු ලැබුවේද, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ රජකම් කිරීමට වරම් ලැබීමට සුදුසු තත්වයකට පළමුවෙන්ම පැමිණියේද, යුදෙව්වරුන් සහ යුදෙව් ධර්මයට හැරුණු අයයි. සමාරිවරුන් සහ අචර්මච්ඡේදිත අන්‍යජාතීන්ව ඇතුළත් කරනු ලැබුවේ පසු කලකදියි. එබැවින් ක්‍රියා 15:2හි සඳහන් කොට ඇති පරිදි, ඒ කාලයේ පාලක මණ්ඩලයට ඇතුළත් වූයේ යුදෙව්වරුන්, එනම්, ‘යෙරුසලමෙහි සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්’ බව තේරුම්ගත හැක. මොවුන්ට ශුද්ධ ලියවිල්ල මත පදනම් දැනුම සම්බන්ධයෙන් හා සැබෑ නමස්කාරයෙහි ඇද්දැකීම් සම්බන්ධයෙන් වඩාත් පුළුල් පදනමක් තිබූ අතර, තවද මේරූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හැටියට වර්ධනය වීම සඳහා ඔවුන්හට වැඩි කාලයක් තිබිණ.—රෝම 3:1, 2 සසඳන්න.
ක්‍රියා 15වන පරිච්ඡේදයේ වාර්තා වී ඇති පරිදි, පාලක මණ්ඩලයේ රැස්වීම තිබූ සමයේ, අන්‍යජාතීහු බොහෝදෙනෙක් ක්‍රිස්තියානීන් බවට පත්වී සිටියහ. අප්‍රිකානුවන්, යුරෝපියයන් සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණි අය මීට ඇතුළත් වූහ. එහෙත්, යුදෙව්-නොවන්නන්ව ක්‍රිස්තියානි ධර්මය දෙසට ඇදගැනීම සඳහා, අන්‍යජාතීන්ගෙන් කිසිවෙකු පාලක මණ්ඩලයට එකතු කරගෙන තිබූ බවට කිසිදු වාර්තාවක් නැත. මෙම අලුතෙන් හැරුණු අන්‍යජාතික ක්‍රිස්තියානීන් “දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට” සමාන සාමාජිකයන් වුවද, එවකට පාලක මණ්ඩලයේ කොටසක්ව සිටි ප්‍රේරිතයන් වැනි යුදෙව් ක්‍රිස්තියානීන්ගේ මේරූභාවයට හා මහත් වූ අද්දැකීම්වලට ඔවුන් ගෞරව කරන්ට ඇත. (ගලාති 6:16) එවැනි අද්දැකීමක් කොතරම් ගෞරව කරනු ලැබුවාද කියා, ක්‍රියා 1:21, 22හි සලකා බලන්න.—හෙබ්‍රෙව් 2:3; 2 පේතෘස් 1:18; 1 යොහන් 1:1-3.
සියවස් ගණනාවක් පුරා, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජාතිය සමඟ විශේෂ ආකාරයකින් කටයුතු කර තිබූ අතර, යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ව තෝරාගෙන තිබුණේ මොවුන්ගෙනි. දැන් දකුණු අමෙරිකාව හෝ අප්‍රිකාව හෝ ඈත පෙරදිග රටවලින් කිසිම ප්‍රේරිතයෙකු නොපැමිණීම කිසියම් දෝෂයක්වත් නොවීය. කල් ගතවෙත්ම, එවන් ප්‍රදේශවලින් පැමිණි පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට, පොළොව මත ප්‍රේරිතයන් වීමට, පළමු සියවසේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට හෝ අදදින දෙවියන්වහන්සේගේ ජනයා අතර වෙන යම් පත්වීමක් ලැබීමට වඩා මහත් උදාර වරප්‍රසාදයක් ලබාගත හැකි විය.—ගලාති 3:27-29.
එක් ප්‍රේරිතවරයෙක් කියන්ට පෙලඹුණේ: “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න” බවය. (ක්‍රියා 10:34, 35) එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලයේ ප්‍රයෝජන තරාතිරම් බැලීමකින් තොරව ලබාගත හැක. තවද සියලු ගෝත්‍රවලින්, භාෂාවලින්, ජනයාගෙන් හා ජාතීන්ගෙන් පැමිණෙන පුද්ගලයන් ස්වර්ගික රාජ්‍යයට සහ පොළොව මත සදාකල් ජීවත් වන්ට යන මහත් සමූහයට ඇතුළත් වනු ඇත.
බොහෝ මිනිස්සු වාර්ගික, භාෂාමය හෝ ජාතික පසුබිම්වලට සංවේදිතාවක් දක්වත්. ග්‍රීක් භාෂාව කතා කරන ක්‍රිස්තියානීන් සහ හෙබ්‍රෙව් භාෂාව කතා කරන ක්‍රිස්තියානීන් අතර මැසිවිලි නැඟීමක් ඇති කළාවූ, වාද විෂයක් පිළිබඳව ගලාති 6:1හි අප කියවන දෙයින් පැහැදිලි වේ. ජාතිය, භාෂාව, නැතහොත් වාර්ගික පසුබිම සම්බන්ධයෙන් පවතින අනවශ්‍ය අවධානය ඇතුව අප හැදී වැඩුණා විය හැක, නැතහොත් එසේ සිතීමට බලපෑම් ලැබ තිබෙනවා විය හැක. තත්වය එසේනම්, අපගේ හැඟීම් සහ ප්‍රතික්‍රියා දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට අනුව හැඩගැසීම සඳහා අප අධිෂ්ඨානපූර්වක උත්සාහයක් දැරීම යහපතකි, එනම් අපගේ බාහිර පෙනුම හෝ ස්වාභාවික මූලාරම්භය කුමක් හෝ වේවා අප සියලුදෙනාම මිනිසුන් බවය. දෙවියන්වහන්සේ වැඩිමහල්ලන්ගේ සහ උපස්ථායක සේවකයන්ගේ සුදුසුකම් වාර්තා කිරීමට සැලැස්වූ විට, වාර්ගික පසුබිම කෙරෙහි උන්වහන්සේ කිසිදු සඳහනක් නොකළසේක. නැත, උන්වහන්සේ අවධානය යොමු කළේ සේවය කිරීමට ඉදිරිපත් විය හැකි අයගේ ආත්මික සුදුසුකම් කෙරෙහිය. පළමු සියවසේ පාලක මණ්ඩලය පිහිටවනු ලැබූ විට මෙය සැබෑ වූවාක් මෙන්, අදදින සභා වැඩිමහල්ලන්, සංචාරක අවේක්ෂකයන් සහ ශාඛා සේවක මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වෙයි.