“හොඳ සිහියේ සීමාව ඉක්මවා”
යුද්ධ පටන්ගන්නේ මිනිසුන්ගේ මනස්වල බැවින්, සාමයේ බාධක මිනිසුන්ගේ මනස්වලින් මුලිනුපුටා දැමීමට අපට සිදුවේ.” (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ ප්රඥප්තිය) මෙම ප්‍රකාශය මනසේ පෙරදැරි කරගෙන, 1993දී, පැවති නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවකට පැමිණි විශාරදයෝ 500කට වඩා වැඩිදෙනෙක්, එවන් බාධක ගොඩනැංවීමෙහිලා ආගමේ කාර්යභාරය සලකා බැලූහ.
ලෝක ආරක්ෂාව සඳහා වූ නීතිඥවරුන්ගේ පෙරමුණ නියෝජනය කරමින්, ජොනතන් ග්රැනොෆ් සමුළුවේ මුලසුන හෙබවීය. හේ මෙසේ සටහන් කළේය: “වත්මන් ආගමික හා වාර්ගික ගැටුම්වල තරම ශිෂ්ටාචාර හැසිරීමේ සීමා ඉක්මවා ගොස් තිබේ, ඇතැම්විට හොඳ සිහියේ සීමාද ඉක්මවා ගොස් තිබෙන්ට පුළුවන.” මෙම සමුළුවේදී, ජෝන් කෙනත් ගැල්බ්රත්ගේ වචන හොඳින් ගැළපෙන සේ උපුටා දක්වන ලදි: “සියලු යුද්ධ සහ ස්වාභාවික ව්‍යසනවලින් මියගිය සංඛ්‍යාව එකට ගත් කල, ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ආගමේ නාමයෙන් මරා දමනු ලැබ තිබේ.”
ආචාර්ය සේසාගිරි රාඕ මෙසේ පැවසීය: “වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ රෝග සුව කිරීම මිස, රෝග බෝ කිරීම නොවේ. ආගමික සම්ප්රදායන්ගෙන් බලාපොරොත්තු වන්නේ, වෛරය පතුරුවා හැර, එකිනෙකාට එරෙහිව ගැටුම් ඇති කිරීම නොවේ. ඒවා සමගියේ බලවේගයන් විය යුතුය. එහෙත්, යථාර්ථය නම්, ඒවා බොහෝවිට, භේදකාරි බලවේග ලෙසට ක්‍රියාත්මක වී තිබීමයි, එමෙන්ම තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වේ.”
මීට වසර ගණනාවකට පෙර, ලන්ඩනයේ කැතොලික් හෙරල්ඩ් පුවත්පත අදහස් දක්වමින් කියා සිටියේ, “අදදින ආගම් යුද්ධය හෙළාදකිමින් හවුලේ එක්ව ප්‍රකාශයක් කරන්නේ නම්,” සාමය සහතික කළ හැකි බවය. කෙසේවෙතත්, එම පුවත්පත මෙසේද එකතු කළේය: “මෙය කිසිවිටකත් සිදු නොවන බව අපි දනිමු.” එක් කතෝලික කන්‍යා සොහොයුරියක් වරක් මෙසේ ප්‍රකාශ කළාය: “හරියට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වගේ, අපි සියල්ලන්ම නැවතත් අවි අතට නොගැනීමට තීරණය කරගෙන, එක් උදෑසනක අප අවදි වුවහොත්, ලෝකය මොනතරම් වෙනස් තැනක් වේවිද!”
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Tom Haley/Sipa Press