ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 7/1 29-31 පි.
  • “මම ඇදහිල්ල රක්ෂා කළෙමි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මම ඇදහිල්ල රක්ෂා කළෙමි”
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇගේම වචන වෛද්‍යවරුන්ව පොලඹවයි
  • ආත්මික ඉලක්ක
  • සුරක්ෂිත අනාගතයක්
  • “මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවෙකු පිළිකාවකින් පෙළෙන විට
    2011 පිබිදෙව්!
  • දුක් කරදර මැද නොසැලී
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 7/1 29-31 පි.

“මම ඇදහිල්ල රක්ෂා කළෙමි”

බෘනෙල්ලා ඉන්කොන්ඩිටීගේ මිතුරන් පැවසූ පරිදි

“සෙනසුරාදා වනාහි ඉතා කෙමෙන් කෙමෙන් ගතවූ, පාළු දවසක් වුණා. කාමරයෙහි මා තනිවුණු අතර, බලාපොරොත්තු රහිත හැඟීමක් දැනුණා. කොරිඩෝවක් තුළින් ඇවිද යෑමට සමාන හැඟීමක් ඇති වුණා. සෑම දෙයක්ම හොඳට සිදුවෙමින් තිබුණා, තවද හදිසියේම, යමෙක් මාගේ මුහුණ ඉදිරිපිටම දොර තදින් වසා දැමුවා, මා කොපමණ උත්සාහ කළත්, මට ඉවතට යෑමට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ.”

අධික බලාපොරොත්තු රහිතබවක් බෘනෙල්ලා ඉන්කොන්ඩිටීගේ හදවත කෙරෙහි දැඩි බරක් ලෙස දැනෙන්ට වුණා. ඇගේ තරුණ ජීවිතයේ ඉතා වැදගත්ම දවස ඉකුත්වෙමින් තිබුණා. එම වසරේ කලින් අවස්ථාවක යෙහෝවඃවහන්සේ හා බයිබලය සඳහා ඇගේ වර්ධනය වෙමින් තිබුණු ප්‍රේමය නිසා තම ජීවිතය උන්වහන්සේට කැපකිරීමට ඇයව පොලඹවා තිබුණා. තවද 1990 ජූලිවලදී, කැනඩාවේ මොන්ට්‍රියෝල්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “පවිත්‍ර භාෂාව” දිස්ත්‍රික් සමුළුවෙදී ඈ බව්තීස්ම වීමට සිටියා. ඒ වෙනුවට, ඇගේ ජීවිතයේ ඉතිරි කාලයටම බලපාන්නාවූ ඇගේ ඇදහිල්ල පිළිබඳ පරීක්ෂණයකට බෘනෙල්ලා ඉක්මනින්ම මුහුණ දීමට සිටියා.

ඇගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කිරීමට ඇය අපේක්ෂා කළ දවසට දින දෙකකට කලින් තමාට ශ්වේතරක්තය (ලිව්කීමියාව) තිබුණු බව බෘනෙල්ලා දැනගත්තා. ප්‍රදේශයේ ළමා රෝහලේ සිටි වෛද්‍යවරුන්ට වහාම ප්‍රතිකාර කිරීමට වුවමනා වුණා, එබැවින් බෘනෙල්ලා රෝහලේ නැවතී සිටියා.

ඇගේම වචන වෛද්‍යවරුන්ව පොලඹවයි

රුධිරය යෙහෝවඃ දෙවියන්වහන්සේට පරිශුද්ධ බව බෘනෙල්ලා දැන සිටියා. (ලෙවී කථාව 17:11) තමන්ගේ දියණියගේ ප්‍රතිකාරයේදී රුධිර ප්‍රවේශන භාවිතා නොකළ යුතු බව ඒඩ්මොන්ඩෝ සහ නීකොලෙට්ටා යන ඇගේ දෙමව්පියන් නියමකොට තිබුණා. “බෘනෙල්ලා බාලයෙකු වුවත්, තමාගෙනුත් වෛද්‍යවරුන් එය දැනගන්නවාට ඇයට ඕනෑ වූයේයයි” ඇගේ පියා සිහිපත් කරයි. ‘රුධිරයෙන් වැළකී සිටින්න’ යන බයිබල් ආඥාව කඩකරන්නාවූ ප්‍රතිකාර තමාට අවශ්‍ය නැති බව ඈ ස්ථිර ලෙස ඔවුන්ට පැවසුවා.”—ක්‍රියා 15:20.

තවද 1990 ජූලි 10වනදා, වෛද්‍යවරු තිදෙනෙක් හා සමාජ සේවිකාවක් බෘනෙල්ලාගේ දෙමව්පියන් හා එම ප්‍රදේශයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ දේව සේවකයන් දෙදෙනෙකු හමුවුණා. බෘනෙල්ලාට උග්‍ර වාසාරූඪ ශ්වේතරක්තය තිබුණු බව පරීක්ෂණ තහවුරු කළා. රෝගය සමඟ සටන් කිරීමට ඇති තමන්ගේ සැලැස්ම වෛද්‍යවරු පැහැදිලි කළා. ඊට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු බව ඔවුන් උපායශීලී ලෙස විස්තර කළා. “බෘනෙල්ලාගේ හැසිරීම හා දෙවියන්වහන්සේට කීකරුවීමට ඇති අධිෂ්ඨානය වෛද්‍යවරුන්ට හා සමාජ සේවිකාවට බලපා තිබුණා. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රේමයෙන් හා ක්‍රිස්තියානි සභාවේ මිතුරන්ගේ සහයෝගයෙන් ඔවුන් මවිතයට පත්ව සිටියා. ඔවුන්ගේ තත්ත්වය අප තේරුම්ගත් හා ගරුකළ ආකාරයත් ඔවුන් අගයකොට සැලකුවා”යයි සභා වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් සිහිපත් කරයි.

රුධිර ප්‍රවේශන මඟ හැරීමට වෛද්‍යවරු අදහස් කළා. රස චිකිත්සාව පුළුල් ලෙස බෘනෙල්ලාට ලැබෙනවා, නමුත් එය සාමාන්‍යයට වඩා උග්‍රකමෙන් අඩුවෙනවා. ප්‍රතිකාරයෙන් ඇගේ රුධිර සෛලවලට සිදුවෙන හානිය මින් අඩුකරනවා. “වෛද්‍යවරු බෘනෙල්ලාගේ ශාරීරික, චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා සැලකුවායයි” නීකොලෙට්ටා පැහැදිලි කරන්නීය. “රුධිරය නොමැතිව ළමා ශ්වේතරක්තය සමඟ කටයුතු කිරීමෙහි පළපුරුදු ඇත්තාවූ විශේෂඥයෙකුගෙන් විමසා බලන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලූ විට, ඔවුන් එකඟ වුණා.” බෘනෙල්ලා හා රෝහල් කාර්ය මණ්ඩලය අතරෙහි උණුසුම් ස්නේහයේ බැඳීමක් ඇති වුණා.

ආත්මික ඉලක්ක

මුල් ප්‍රතිකාරයෙන් යම් යහපත් ප්‍රතිඵල ලැබුණත්, බෘනෙල්ලාගේ අසීරු අද්දැකීම පටන්ගනිමින් තිබුණා පමණි. තවද 1990 නොවැම්බර් වන විට, ඇගේ රෝගය යටපත්වෙමින් තිබුණා, එබැවින් අප්‍රමාදව ඇයව බව්තීස්ම කෙරිණ. පසුගිය මාස ස්වල්පය ගැන කල්පනාකර බැලීමේදී, බෘනෙල්ලා මෙසේ පිළිගත්තාය: “එය කිසිසේත්ම පහසු නොවීය. ඔබට බොහෝ ශක්තිය අවශ්‍ය කරයි, තවද ඔබ ඒකාන්ත ලෙස කල්පනා කිරීම අවශ්‍යයි. . . . මාගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වුණා, නමුත් මම ස්ථිරව සිටියා, තවද මම තවමත් ස්ථාවර පුරෝගාමියෙකු [පූර්ණ-කාලීන සේවකයෙකු] වශයෙන් වෘත්තියක් කිරීමට අදහස් කරනවා.”

තවද 1991 මුල් කාලයේදීම, බෘනෙල්ලාගේ රෝගය නරක අතට හැරුණා. රස චිකිත්සාව ලබන අතරතුරේදී ඈ මරණාසන්න තත්ත්වයකට පත් වූවා, නමුත් සෑම කෙනෙකුගේම විමතියටත් සතුටටත් හේතුවෙමින් ඈ සුවපත් වූවා. අගෝස්තු වන විට උපකාරික පුරෝගාමියෙකු වශයෙන් එම මාසය තුළ ප්‍රසිද්ධ සේවයෙහි යෙදීමට තරම් ඈ සෞඛ්‍යසම්පන්නව සිටියා. ඇගේ අසනීපය නැවතත් උත්සන්න වුණා, තවද 1991 නොවැම්බර් වන විට ඇගේ ශරීරයෙහි නොයෙක් තැන්වල පිළිකාව හටගෙන තිබුණා. තවත් වෛද්‍යවරු කණ්ඩායමක් වෙනත් රෝහලක විකිරණ චිකිත්සාව සමඟින් ඇයට ප්‍රතිකාර කිරීමට පටන්ගත්තා.

එබඳු දුෂ්කර තත්ත්වයන් යටතේ පවා, බෘනෙල්ලා ස්ථිරව සිටි අතර, තමාටම ආත්මික ඉලක්ක තබාගත්තා. මුලින්ම ශ්වේතරක්තය තිබෙන බව දැනගත් විට, ඇයට ජීවත්විය හැක්කේ මාස හයක් පමණක්යයි පවසා තිබුණා. දැන්, වසර එකහාමාරකට ආසන්න කලකට පසුව, ඈ තවමත් අනාගතය සඳහා සැලසුම් යොදමින් සිටියා. “ඇගේ ඉලක්ක අත්කර ගැනීම සඳහා ඇය කාලය නාස්ති කළේ නැතැයි” සභා වැඩිමහල්ලෙක් පැවසීය. “දෙවියන්වහන්සේගේ පොරොන්දු කරන ලද පාරාදීසය කෙරෙහි බෘනෙල්ලාගේ ඇදහිල්ල ඇගේ අසීරු අද්දැකීම පුරාම ඇයව ඉසිලුවා. ඇය වයසින් බාලව සිටියත්, ඈ ක්‍රිස්තියානි මේරූකම කරා වර්ධනය වූවා. ඇගේ හැසිරීම හා ආකල්පය මගින් සභාව දිරිගන්වනු ලැබූ අතර, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළුව, ඇය දැනසිටියාවූ සියල්ලන්ගේ හදවත් දිනාගැනීමට සමත් වුණා.” ඇගේ මව මෙසේ සිහිපත් කරන්නීය: “ඇය කිසිවිටකත් පැමිණිලි කළේ නැහැ. ඇගේ සැපසනීප කෙසේදැයි යමෙකු ඇසූ විට, ‘හොඳයි’ නැතහොත් ‘වරදක් නැහැ, ඔබ කොහොමද?’ යනුවෙන් ඇය පිළිතුරු දෙනු ඇත.”

සුරක්ෂිත අනාගතයක්

තවද 1992 ජූලිවලදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ආලෝක දරන්නෝ” දිස්ත්‍රික් සමුළුවට යෑමට බෘනෙල්ලා සැලසුම් කළා. කෙසේවුවද, සමුළුව පවත්වන කාලයේදී, බෘනෙල්ලා රෝහල්ගතව සිටියා, තවද ඇගේ ජීවිතය අවසන් වෙමින් තිබිණ. කෙසේවෙතත්, ඩුවිං වොට් ඉස් රයිට් ඉන් ජෙහෝවා’ස් අයීස් යන නාට්‍යය දැකීමේ ස්ථිර අරමුණෙන් ඈ රෝද පුටුවකින් සමුළුවට පැමිණියා.

ඇගේ ජීවිතයේ අන්තිම දවස් ස්වල්පය සඳහා ඈ තමාගේ නිවසේ පවුලේ අය වෙතට පැමිණියා. “අන්තිමය දක්වා, ඇය වඩාත් සැලකිලිමත් වූයේ තමා ගැනම නොව අන්‍යයන් ගැනයයි” නීකොලෙට්ටා පවසන්නීය. “ ‘අපි පාරාදීසයෙහි එකට සිටින්නෙමු’ යයි කියමින් බයිබලය පාඩම් කිරීමට ඇය අන්‍යයන්ට දිරිගන්වනවා.”

පොළොව මත පාරාදීසයෙහි ජීවනයට නැවත-නැගිටීමේ ඇගේ බලාපොරොත්තුවේ ස්ථිරව සිටිමින්, 1992 ජූලි 27වනදා බෘනෙල්ලා මියගියා. ඇගේ ඉලක්ක ලුහුබැඳීමට ඇය පටන්ගත්තා පමණි, නමුත් ඇගේ නැවත-නැගිටීමෙන් පසු ඇගේ කැපවූ ක්‍රියාමාර්ගය නොකඩවා කිරීමට ඈ අදහස් කළා. ඇය මියයෑමට දවස් ස්වල්පයකට පමණ පෙර, බෘනෙල්ලා පහත සඳහන් ලිපිය ලීවා, තවද ඇගේ අනුස්මරණ මෙහෙයේදී එය කියවනු ලැබිණ.

“ප්‍රිය මිතුරනි:

“පැමිණීම ගැන ඔබට ස්තුතියි. ඔබගේ පැමිණ සිටීම මාගේ පවුල බොහෝසෙයින් අගය කරයි.

“මගේ ලඟින්ම සිටි අයට—අපි බොහෝ දේ විඳගත්තෙමු. අපට නරක කාලවල් බොහොමයක් තිබුණා, නමුත් යම් හාස්‍යජනක කාලවල්ද තිබුණා. එය වනාහි දුෂ්කර හා දීර්ඝ සටනක් වුණා, නමුත් මා අසමත් වූ බවක් මට නොහැඟේ. ශුද්ධලියවිලිවල පවසන පරිදි, ‘මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දීවීම කෙළවරකළෙමි. මම ඇදහිල්ල රක්ෂාකළෙමි.’—2 තිමෝති 4:7.

“මම බොහෝ දේද ඉගෙන ගත්තා, තවද මම බොහෝසේ වර්ධනය වුණා, තවද මාගේ මිතුරෝ හා මා අවට සිටි අය එම වෙනස දුටුවා. තමන්ගේ සහයෝගය දුන් සියල්ලන්ටම ස්තුති කිරීමට මා කැමතියි.

“යොහන් 5:28, 29 පවසන පරිදි, අලුත් පිළිවෙළ තුළ හා යෙහෝවඃවහන්සේ තුළ විශ්වාස කරන ඔබ, නැවත-නැගිටීම තිබෙන්ට යන බව දැනසිටිනවා. එබැවින් සත්‍යය තුළ ශක්තිමත්ව සිටින්න, තවද නැවත වරක් අපට එකිනෙකාව දැකගැනීමට හැකි වනු ඇත.

“මා විඳ තිබෙන දෙය දැන සිටින අයට ස්තුති කිරීමට මා කැමතියි. මම ඔබ සෑම කෙනෙකුටම දිගු වැළඳගැනීමක් හා සිඹීමක් දෙනවා. ඔබ සියල්ලන්ටම මම ප්‍රේම කරනවා.”

ඇගේ යෞවනකමට හෝ ඇගේ අසනීපයට දෙවියන්වහන්සේට වූ ඇගේ කැපවීම කල්දැමීමට ඈ ඉඩ නොදුන්නාය. ජීවනය සඳහා යන දිවීමට බාධා කළ හැකි ඕනෑම දෙයක් ඉවත දැමීමට ඇගේ ඇදහිල්ල හා අධිෂ්ඨානය බාල හා මහලු යන දෙගොල්ලන්වම දිරිගන්වයි.—හෙබ්‍රෙව් 12:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න