ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 4/1 4-7 පි.
  • වඩාත් හොඳ ලෝකයක්—අතළඟය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වඩාත් හොඳ ලෝකයක්—අතළඟය!
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “පාරාදීසයක් සඳහා බලවත් ආසාව”—ඒ මන්ද?
  • පාරාදීසය සඳහා සෙවිල්ල—එම අදහසේ ඉතිහාසය
  • මනෝ රාජ්‍යයන්—කදිමට ගැළපෙන ස්ථානයන්ද?
  • ක්‍රිස්තියානින් හා වඩාත් හොඳ ලෝකයක්
  • පාරාදීසය ගොතපු කතන්දරයක්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාරාදීසය
    2013 පිබිදෙව්!
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 4/1 4-7 පි.

වඩාත් හොඳ ලෝකයක්—අතළඟය!

“පාරාදීසයක් සඳහා බලවත් ආසාව, මනුෂ්‍ය වර්ගයාගේ මනසෙහි නොනැවතී පවතින බව පෙනෙන්නට ඇති බලගතු ආසාවන් අතර තිබෙන්නකි. එය අන්සියල්ල අතර වඩාත්ම බලගතු හා නොනැවතී පවතින එක වන්නට පුළුවන. පාරාදීසයක් සඳහා යම් නිශ්චිත බලාපොරොත්තුවක් ආගමික ජීවිතයේ සෑම මට්ටමකම තිබෙන බවට පැහැදිලි වේ” යයි ද එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් පවසයි.

තවදුරටත් නොපවතින යම් මුල් පරමාදර්ශයක් කෙරෙහි වැලපෙනවාක්මෙන්, සෑම සංස්කෘතියක්ම වඩාත් හොඳ ලෝකයක ජීවත්වීමට ආශාවක් පොදුවේ ඇතිව සිටින බවක් පෙනෙන්නට තිබේ. මෙය මුල් පාරාදීසයක් තිබීමේ හැකියාව හඟවතත්, ඒ කොතැනද? මෙම අභිලාෂයෙන් එළිදක්වන්නේ අහිමි කර ගත් මවගේ කුසේ තිබුණු සුරක්ෂිතභාවය නැවත ලබාගැනීමට ඇති ආසාව යයි මනෝ විශ්ලේෂකයෙක් කියන්නට පුළුවන. එහෙත් මෙම පැහැදිලි කිරීම ආගමේ ඉතිහාසය ඉගෙන ගන්නා පඬිවරුන්ව ඒත්තු ගන්වන්නට යන්නේ නැත.

“පාරාදීසයක් සඳහා බලවත් ආසාව”—ඒ මන්ද?

ඇතැමෙක් අඟවන පරිදි, එවන් බලවත් ආසාවන් තිබීම, ප්‍රයෝජනවත් වන්නේ දුෂ්කරතා හා මනුෂ්‍ය පැවැත්මේ අනිත්‍ය ස්වභාවය වඩාත් ඉවසීමෙන් යුක්තව දරා ක්‍රියා කිරීමට පමණක්ද? එසේත් නැතහොත් වෙනත් පැහැදිලි කිරීමක් තිබේද?

මනුෂ්‍ය වර්ගයා වඩාත් හොඳ ලෝකයක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින්නේ මන්ද? බයිබලය සරල මෙන්ම පැහැදිලි වූ හේතු දැක්මක් ඉදිරිපත් කරයි: මනුෂ්‍ය වර්ගයා පැමිණෙන්නේ වඩාත් හොඳ ලෝකයකිනි! මුල් පාරාදීසයක් සැබවින්ම පැවතියේය. දේව වචනය එය විස්තර කරන්නේ, මැද පෙරදිගේ නිශ්චිත ප්‍රදේශයක පිහිටා තිබුණාවූද, “දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු” ගස්වලින් ආශීර්වාද ලැබුවාවූද ‘උයනක්’ හැටියටය. දෙවියන්වහන්සේ එය භාර දුන්නේ පළමු මනුෂ්‍ය යුවළ විසින් රැකබලා ගැනීමටයි. (උත්පත්ති 2:7-15) එය වනාහි මනුෂ්‍යයන් සැබවින්ම සත්තෝෂයෙන් සිටිය හැකි කදිමට ගැළපුණු තැනක් විය.

එම පාරාදීසමය තත්ත්වයන් දිගටම නොපැවතුණේ මන්ද? හේතුව මුලින්ම ආත්ම මැවිල්ලකද, අනතුරුව මනුෂ්‍ය යුවළගේද කැරලි ගැසීම නිසාය. (උත්පත්ති 2:16, 17; 3:1-6, 17-19) මෙසේ මනුෂ්‍යයා නැතිකර ගත්තේ පාරාදීසය පමණක් නොව, පරිපූර්ණත්වය, හොඳ සෞඛ්‍ය තත්ත්වයන් හා නිමක් නොවන ජීවිතයත්ය. බලපවත්වන්නට යෙදුණු තත්ත්වයන්, ස්ථිර වශයෙන්ම මනුෂ්‍ය ජීවිතය වැඩිදියුණු කළේ නැත. ඊට පටහැනිව, මින් සිදු වී ඇත්තේ අද දවසේ අප දකින පෙර නොවූ විරූ පහත් තත්ත්වය දක්වා ප්‍රගතිශීලී පරිහානියකි.—දේශනාකාරයා 3:18-20; රෝම 5:12; 2 තිමෝති 3:1-5, 13.

පාරාදීසය සඳහා සෙවිල්ල—එම අදහසේ ඉතිහාසය

සිතාගත හැකි ලෙසින්, ‘පාරාදීසයක් සඳහා බලවත් ආසාවට’ දීර්ඝ ඉතිහාසයක් ඇත. සුමේරියානුවෝ මුළු විශ්වය පුරා එකමුතුකම බලපැවැත්වූ කාලයක් සිහිපත් කළහ: “භයක්, භීතියක් තිබුණේ නැත, මිනිසාට විරුද්ධකාරයෙක් සිටියේ නැත. . . . මුළු විශ්වයම, ජනයා එකඟත්වයකින්, එන්ලිල්ට එක් හඬින් ප්‍රශංසා දුන්හ” යයි පුරාතන මෙසොපොතේමියානු කවියක් සිහිකරවයි. ඇතැමෙක්, පුරාතන මිසරවරුන් මෙන්, සිය මරණයෙන් පසු වඩාත් හොඳ ලෝකයක් කරා යාමට බලාපොරොත්තු වූහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ අමරණීය ආත්මයක් ආරූගේ කෙත් යනුවෙන් හඳුන්වනු ලැබු ස්ථානයක් කරා සැපත් වූ බවයි. එහෙත් අඩුතරමින් මූලාරම්භයේදී හෝ, මෙම බලාපොරොත්තුව විවෘතව තිබුණේ ප්‍රභූතන්ත්‍රය කෙරෙහි පමණකි; දිළිඳුන්ට ප්‍රීතිමත් ලෝකයක් අත්කර ගැනීම පිළිබඳව සිහින මැවිය නොහැකිව තිබුණි.

වෙනස් ආගමික ක්ෂේත්‍රයක, එනම් හින්දු භක්තිකයෝ සියවස් ගණනාවක් පුරා වඩාත් හොඳ ලෝක සමයක (යුගයක) පැමිණීම බලා සිට ඇත්තාහ. හින්දු ඉගැන්වීම් අනුව, යුග හතරක් අඛණ්ඩ චක්‍රයකට අනුව එකකට පසු එක බැගින් පැමිණෙන අතර අප දැනට ජීවත්ව සිටින්නේ වඩාත්ම දරුණු එක තුළය. ඇතැමෙක් පවසන ආකාරයට, අභාග්‍යයකට මෙන්, මෙම කලියුගය (අඳුරු යුගය), එහි වේදනාවන් හා දුෂ්ටකම් සියල්ල සමඟින්, වසර 4,32,000ක් තරම් දීර්ඝ කාලයක් පුරා පවතිනු ඇත. එසේවුවත් ශ්‍රද්ධාවන්ත හින්දු භක්තිකයෝ ස්වර්ණමය කාලය, එනම් ක්‍රිත යුගය එනතෙක් බලා සිටිති.

අනෙක් අතට, ග්‍රීක්වරුන් හා රෝමවරුන් සිහින මැව්වේ අත්ලාන්තික් සාගරයේ තිබෙන, මිථ්‍යාමය වාසනාවේ ද්වීප කරා එළඹීමටයි. තවද හීසියොඩ්, වර්ජිල් හා ඕවිඩ් වැනි බොහෝ ලේඛකයෝ යම් දිනක නැවත පිහිටුවනු ලැබේවි යන බලාපොරොත්තුව ඇතිව විස්මයජනක මුල් ස්වර්ණමය යුගයක් පිළිබඳව කථා කළහ. පොදු යුගයට පෙර පළමුවන සියවස අවසානයේදී පමණ, ලතින් කවියෙක් වන වර්ජිල් අලුත් මෙන්ම කල්පවතින අයිටාස් ඖරියා (ස්වර්ණමය යුගය) යන්නෙහි ආසන්න පැමිණීම පුරෝකථනය කළේය. ඉන්පසු ශතවර්ෂයන්හි, “රෝමානු අගරජවරුන් දහසයකට නොඅඩු සංඛ්‍යාවක් සිය පාලනය මගින් ස්වර්ණමය යුගය යළි පිහිටුවනු ලැබූ බව ප්‍රකාශ කළ බව” ද එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් පවසයි. එහෙත් අදදින අප හොඳින් දන්නා පරිදි, එය දේශපාලන සම්ප්‍රචාරයක් වූවා පමණි.

කෙල්ට්වරුන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තැබුවේ, මිනිසුන් පූර්ණ සන්තෝෂයෙන් ජීවත් වූ බව තමන් විශ්වාස කළ, මුහුදෙන් එහා පිහිටි දූපතක (හෝ දූපත් සමූහයක) ඇති දීප්තිමත් දේශයක් යයි තමන් සිතූ දෙය කෙරෙහිය. එක් ජනප්‍රවාදයකට අනුව, ආතර් රජ, මාරක ලෙස තුවාල ලබා සිටියත්, ඇවලොන් නමැති විස්මයජනක දූපත සොයා ගැනීමෙන් පසු ඔහු දිගටම ජීවත් විය.

පුරාතන කාලවල හා මධ්‍ය සමයේ සැබෑ සන්තෝෂය පවතින උයනක්, එනම් ඒදන් උයන, තවදුරටත් යම් ස්ථානයක, “ළඟාවිය නොහැකි කන්දක් මත නැතහොත් එතර විය නොහැකි සාගරයක් හරහා” තවදුරටත් පැවති බව බොහෝ දෙනෙක් කල්පනා කළේ යයි ඉතිහාසඥ ජොන් ඩෙලියුමෝ පැහැදිලි කරයි. ඉතාලියානු කවියෙක් වූ ඩාන්ටේ ස්වර්ගීය පාරාදීසයක් විශ්වාස කළත්, ඔහු වැඩිදුරටත් පරිකල්පනය කළේ යෙරුසලෙම් නගරයට ප්‍රතිවිරුද්ධ දිශාවේ, සිය ශුද්ධිකාග්නිස්ථානයේ (ශුද්ධගිනිස්ථානයේ) කන්ද මත භූමික පාරාදීසයක් පැවති බවයි. ඇතැමෙක් විශ්වාස කළේ එය ආසියාවේ, මෙසොපොතේමියාවේ, නැතහොත් හිමාලයේ සොයා ගත හැකි බවය. එමෙන්ම ඒදන් බඳු පාරාදීසයක් පිළිබඳ මධ්‍යකාලීන ජනප්‍රවාද බොහොමයක් තිබුණි. එම පාරාදීසයට කිට්ටුවෙන්, භක්තිමත් පූජක ජෝන් විසින් පාලනය කරනු ලබන විස්මයදනවන රාජ්‍යයක් තිබුණේ යයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. භූමික පාරාදීසයේ සමීපතාව හේතුකොටගෙන, පූජක ජෝන්ගේ රාජ්‍යයේ ජීවිතය දීර්ඝ හා අතිශය ප්‍රීතිමත් මෙන්ම, බහුලත්වයේ හා සම්පත්වල නිරන්තර උල්පතක් වූයේ යයි කියනු ලැබේ. පුරාතන ග්‍රීක් ජනප්‍රවාද සිහියේ තබා සිටි වෙනත් අය, තවදුරටත් කල්පනා කළේ පාරාදීස දූපත් අත්ලාන්තික් සාගරයෙහි සොයා ගත හැකි බවය. මධ්‍ය සමයේ සිතියම්, එහි උපකල්පිත ස්ථානය පවා දක්වමින්, ඒදන් උයනක පැවැත්ම කෙරෙහි එවන් විශ්වාසයක ස්ථිරභාවය පෙන්වීය.

පහළොස්වන හා 16වන සියවස්වල, අත්ලාන්තික් සාගරය හරහා ගමන් කළ නාවිකයන්, ඇත්ත වශයෙන්ම සොයමින් සිටියේ, අලුත් හා ඉපැරණි යන අංශ දෙකටම එකවිට අයත්ව තිබූ ලෝකයක්ය. ඔවුන් කල්පනා කළේ සාගරයෙන් අනික් පැත්තේ තමන් ඉන්දීය දූපත් පමණක් නොව ඒදන් උයනද සොයා ගන්නට යන බවය. උදාහරණයක් හැටියට, ක්‍රිස්ටෝෆර් කොලොම්බස් දකුණු හා මධ්‍යම අමෙරිකාවේ සෞම්‍ය හා නිවර්තන කලාපීය දේශයන්හි කඳු අතර එය සෙව්වේය. බ්‍රසීලයට පැමිණි යුරෝපීය ගවේෂකයෝ එහි පැවති මෘදු දේශ ගුණයත්, බහුල ආහාර හා වෘක්ෂලතාදිය නිසාත් අහිමි වූ පාරාදීසය එහි තිබිය යුතු බවට නිසැක වූහ. කෙසේවෙතත්, ඉක්මනින්ම, අප්‍රිය යථාර්ථය ඔවුන්ට පිළිගැනීමට සිදුවිය.

මනෝ රාජ්‍යයන්—කදිමට ගැළපෙන ස්ථානයන්ද?

කදිමට ගැළපෙන ලෝකය පොළොවේ යම් දුරස්තර කොටසක සොයා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, වෙනත් අය වෑයම් දරා ඇත්තේ එය සැලසුම් කිරීමටයි. මෙසේ, 1516දී, ඉංග්‍රීසි ජාතික මානව වාදියෙක් වූ ටොමස් මෝර්, විස්මයජනක, සාමකාමී හා ඉවසිලිවන්ත ස්ථානයක්, එනම් තමා දැන සිටි නීච ලෝකයට වඩා අතිශයින් වෙනස් මනෝ රාජ්‍ය දූපත විස්තර කළේය. වෙනත් අයද වඩාත් හොඳ ලෝකයන්, සන්තෝෂවත් ලෝකයන් සැලසුම් කිරීමට උත්සාහ දරා ඇත්තාහ: පො.යු.පෙ. හයවන සියවසේ, ප්ලේටෝ ඔහුගේ සමූහාණ්ඩුව සමඟින්ද, 1602දී ඉතාලියානු කතෝලික තාපස ටොමාසෝ කාම්පානෙල්ලා හා ඔහුගේ උසස් ලෙස සංවිධානය කරන ලද ඉරුගේ නගරය, ඉන් වසර කීපයකට පසුව, ඉංග්‍රීසි ජාතික දර්ශනවේදී ෆ්‍රැන්සිස් බේකන්, ඔහුගේ නව අත්ලාන්තික්හි “ප්‍රීතිමත් හා සමෘද්ධිමත් දේශය” විස්තර කිරීමෙහිදීද එසේ කර ඇත්තාහ. පසුගිය සියවස් පුරාම, සියලු ආකාර චින්තකයන් (ඇදහිල්ලකට අයත්ව සිටියත් නැතත්) දුසිම් ගණන් මනෝ රාජ්‍යයන් විස්තර කර ඇත. කෙසේවෙතත්, ඒවා අතරින් විශ්වාසයට පාත්‍ර වූයේ ස්වල්පදෙනෙකු පමණකි.

මෙහිදී තමන්ගේම මනෝ රාජ්‍යයන් ගොඩනැගීමට වෑයම් දැරූ අයද සිටිත්. උදාහරණයක් හැටියට, 1824දී රොබර්ට් ඔවන් නම් ධනවත් ඉංග්‍රීසි ජාතිකයෙක්, නිව් හාමොනි (නව සමගිය) යනුවෙන් ඔහු නම් කළ ග්‍රාමයේසිය මනෝ රාජ්‍යමය අදහස් ඉෂ්ට කර ගනු පිණිස අ.එ.ජ.හි ඉන්ඩියානාවට සංක්‍රමණය කිරීමට තීරණය කළේය. යෝග්‍ය තත්ත්වයන් යටතේ, ජනයා වැඩිදියුණු වනු ඇතැයි ඒත්තුගෙන, නව සදාචාර ලෝකයක් හැටියට ඔහු සිතින් මවාගත් දෙය පිහිටු වීමට වෑයම් කරමින් තමාගේ මුළු ධනයම වාගේ පාවිච්චි කළේය. එහෙත් එහි ප්‍රතිඵල නිරූපනය කළේ, අලුත් මිනිසුන් බිහි කරන්නට අලුත් ජීවන තත්ත්වයන් ප්‍රමාණවත් නොවන බවයි.

දේශපාලන සංකල්පවේදීන් සියල්ලන්ම වාගේ කියා සිටින්නේ, සිහින මවන ලද පාරාදීසය පොළොව මත පිහිටුවනු පිණිස සැබෑ වූ දෙය පිළිබඳව තමාගේ අවබෝධය හා තමාගේ හැඟීම අනුව මිනිසා ලෝකය සැලසුම් කළ යුතු බවය. එහෙත්, පරස්පරවිරෝධීව, එවන් අභිලාෂයන් ඉටු කර ගැනීමට දරන ලද වෑයම්වල විපාකය වී ඇත්තේ, 1789 ප්‍රංශ විප්ලවය හා 1917 බොල්ෂෙවික් විප්ලවය වැනි යුද්ධ හා විප්ලවයන්ය. පාරාදීස තත්ත්වයන් රැගෙන එනවා වෙනුවට, මෙම උත්සාහයන් බොහෝවිට තුඩු දී ඇත්තේ වේදනාවන්ට හා පීඩාවන්ටය.

අභිලාෂ, සැලසුම්, මනෝ රාජ්‍යයන්, හා ඒවා ඉටු කර ගැනීමට දරන ලද වෑයම්—මෙය එකකට පසු එක බැගින් බලාපොරොත්තු බිඳවැටීමේ කථාන්තරයකි. වර්තමානයේ, ඇතැමෙක් “මනෝ රාජ්‍යයන් නොමැතිව ජීවත්වීමට” ඉගෙන ගැනීමට අපට ආරාධනා කරමින්, “බිඳවැටුණු සිහින” මෙන්ම “මනෝ රාජ්‍ය යුගයේ අවසානය” ගැන කථා කරති. වඩාත් හොඳ ලෝකයක් දැකීමට යම් බලාපොරොත්තුවක් තිබේද, නැතහොත් එය නියම වී තිබෙන්නේ හුදෙක් සිහිනයක්ව පවතින්නටද?

ක්‍රිස්තියානින් හා වඩාත් හොඳ ලෝකයක්

නව ලෝකයක් කිසිලෙසකින් සිහිනයක් නොවේ—එය ස්ථිර බලාපොරොත්තුවකි! ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මෙම වර්තමාන ලෝකය, තිබිය හැකි සියලු ලෝකයන් අතරින් හොඳම එක නොවන බව දැන සිටිසේක. මොළොක් ගුණැති අය විසින් පොළොව උරුම කරගනු ලබනවා ඇතැයිද, දෙවියන්වහන්සේගේ කැමැත්ත එහිදී සිදුවනු ඇතැයිද එතුමන් ඉගැන්වූ සේක. (මතෙව් 5:5; 6:9, 10) මෙම ලෝකය දෙවියන්වහන්සේගේ සතුරා වන සාතන් නම් යක්ෂයා විසින් පාලනය කරනු ලබන බවත්, මනුෂ්‍ය වර්ගයාගේ බොහෝ විපත්වලට මූලික හේතුව මෙය බවත් එතුමන් හා එතුමන්ගේ ගෝලයන් යන දෙපිරිසම දැන සිටියහ. (යොහන් 12:31; 2 කොරින්ති 4:4; 1 යොහන් 5:19; එළිදරව් 12:12) සාමයට හා යුක්තියට ප්‍රේම කරන්නන්ගෙන් පොළොව පූර්ණ කරනු පිණිස දෙවියන්වහන්සේ සෑම කලටම ඉන් යුද්ධ, වේදනා හා රෝග ඉවත් කරන දිනය ඇදහිලිවන්ත යුදෙව්වෝ බලාසිටියහ. සමානාකාරයෙන්, පළමු සියවසේ ක්‍රිස්තියානින් විශ්වාසයෙන් යුතුව බලාසිටියේ මෙම වත්මන් ලෝකය වෙනුවට නව දේවල පිළිවෙළක් එනම් “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පැමිණෙන බවය.—2 පේතෘස් 3:13; ගීතාවලිය 37:11; 46:8, 9; යෙසායා 25:8; 33:24; 45:18; එළිදරව් 21:1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වධ කණුව මත එල්ලී සිටියදී, තමන් කෙරෙහි යම් ප්‍රමාණයක විශ්වාසයක් තැබූ පව්කාරයෙකුට වඩාත් හොඳ ලෝකයක් පිළිබඳ පොරොන්දුව නැවත පැවසූ සේක. [යේසුස්වහන්සේ] ඔහු අමතා, “සැබවක් ඔබට අද කියමි—ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය” යයි කීසේක. (ලූක් 23:40-43, NW) පව්කාරයා එම වදන්වල අදහස කුමක් බවට තේරුම් ගත්තේද? ඇතැම් කතෝලික හා රෙපරමාදු බයිබල් පරිවර්තන අඟවන පරිදි, ඒ දවසේම එම පව්කාරයා ‘තමන් සමඟ’ ස්වර්ගයේ සිටින්නට යන බව යේසුස්වහන්සේ ඇඟවූ සේක්ද? සිය නැවත නැගිටීමෙන් පසු, තමන් ‘තවම පියාණන්වහන්සේ වෙතට නොනැංග’ බව යේසුස්වහන්සේ මග්දලායේ මරියාට වදාළ බැවින්, උන්වහන්සේ අදහස් කළේ එය නොවේය. (යොහන් 20:11-18) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයට කලින් වසර තුනහමාරක් පුරා යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වා තිබුණත්, උන්වහන්සේගේ ප්‍රේරිතයන් පවා ස්වර්ගීය පාරාදීසයක් ගැන කල්පනා කළේ නැත. (ක්‍රියා 1:6-11) එම පව්කාරයා තේරුම් ගත්තේ ඒ කාලයේ ජීවත්වූ යුදෙව්වන්ගෙන් බහුතරයක් තේරුම් ගන්නට ඇති කාරණාවයි: එනම් යේසුස්වහන්සේ පාරාදීස පොළොවක් මත පැමිණෙන්නට යන වඩාත් හොඳ ලෝකයක් පොරොන්දු වෙමින් සිටි බවය. එක්තරා ජර්මන් ජාතික පඬිවරයෙක් මෙසේ පිළිගත්තේය: “පසු ජීවිතයක විපාක ලැබීම පිළිබඳ ඉගැන්වීම පරණ ගිවිසුමේ දක්නට නොලැබේ.”

අපගේ පොළොව මත පාරාදීසයක් තිබෙන්නට යන බව හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද සිය ලිපියේ ප්‍රේරිත පාවුල් විසින් සහතික කර ඇත. ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ [ශ්‍රේෂ්ඨ, NW] ගැලවීම නොසලකා’ නොසිටින හැටියට සිය සෙසු ඇදහිලිවන්තයන් දිරිගන්වන විට, යෙහෝවඃ දෙවියන්වහන්සේ “පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය [ජනාවාස පොළොව, NW] [ග්‍රීක්, ඔයි.කූ.මෙʹනෙ]” කෙරෙහි ආධිපත්‍යය” යේසුස්වහන්සේට දුන් බව පාවුල් සහතික කරයි. (හෙබ්‍රෙව් 2:3, 5) ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලිවල, ඔයි.කූ.මෙʹනෙ යන පදය සැමවිටම යොමු දක්වන්නේ ස්වර්ගීය ලෝකයකට නොව, මනුෂ්‍ය වර්ගයාගෙන් පිරි අපගේ පොළොවටය. (සසඳන්න මතෙව් 24:14; ලූක් 2:1; 21:26; ක්‍රියා 17:31.) එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ විසින් පාලනය කරනු ලබන දේව රාජ්‍යය මුළු ජනාවාස පොළොව කෙරෙහි පාලනයක් පවත්වනු ඇත. එය ජීවත්වීමට සැබවින්ම ඉතා උචිත ස්ථානයක් වනු ඇත!

එම රාජ්‍යය ස්වර්ගීය එකක් වුවත්, එය භූමික කටයුතුවලට මැදිහත් වනු ඇත. කිනම් ප්‍රතිඵල ඇතිවද? දුබලතා, කෲරකම්, දිළිඳුකම හා මරණය දුරස්තර මතකයක් බවට පත්වනු ඇත. බලාපොරොත්තු රහිතභාවය හා අතෘප්තිය පවා නැති වී යනු ඇත. (එළිදරව් 21:3-5) බයිබලය පවසන්නේ ‘දෙවියන්වහන්සේ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනු ඇත’ කියාය. (ගීතාවලිය 145:16) විරැකියාව හා පරිසර දූෂණය වැනි ගැටලුවලට ප්‍රායෝගික මෙන්ම කල්පවතින විසඳුමක් තිබෙනු ඇත. (යෙසායා 65:21-23; එළිදරව් 11:18) එහෙත් සියල්ල ඉක්මවා, දෙවියන්වහන්සේගේ ආශීර්වාදයන්ට ස්තුති වන්නට—සම්පූර්ණයෙන්ම වාගේ අතුරුදහන් වී ඇති බව පෙනෙන්නට තිබෙන ගුණාංග වන—සත්‍යයේ, යුක්තියේ හා සාමයේ ජයග්‍රහණයක් සිදු වෙනවා ඇත!—ගීතාවලිය 85:7-13; ගලාති 5:22, 23.

මේ සියල්ලක්ම සිහිනයක්, නැත්නම් මනෝ රාජ්‍යයක්ද? නැත, අප ජීවත්ව සිටින අන්තරා සහිත කාලවල් පිළිබිඹු කරන්නේ, අප මෙම ලෝකයේ “අන්තිම දවස්වල” ජීවත්ව සිටින බවත් එබැවින් නව ලෝකය ඉතා ආසන්න බවත්ය. (2 තිමෝති 3:1-5) ඔබ එහි ජීවත් වන්නට කැමැත්තෙහිද? එසේ නම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමෙන් එසේ කළ හැකි ආකාරය ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක්, එනම් අප මෙතෙක් සිහින මවා ඇති ලෝකයට වඩා බෙහෙවින් හොඳ ලෝකයක් ආසන්නය. එය මනෝ රාජ්‍යයක් නොවේ—එය යථාර්ථයකි!

[7වන පිටුවේ පින්තූරය]

වඩාත් හොඳ ලෝකයක්—ඉක්මනින්ම යථාර්ථයකි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න