මිනිසාගේ “නව ලෝක ක්‍රමය” ආසන්න ද?
1. වඩාත් දේශපාලන නිදහසක් සඳහා වූ ආශාව මෑත වර්ෂවල දී ප්‍රකාශ කර ඇත්තේ කෙසේ ද?
අද දින මිලියන සංඛ්‍යාත ජනයා බොරු ආගමට වහල් වී සිටින අතර බොහෝ දෙනෙක් එයාකාරයෙන් ම සිටින්නට කැමති වෙති. ඒ සමඟ ම, තව තවත් අය, දේශපාලන නිදහස ඉල්ලා බලකර සිටිති. පසුගිය වසර කිහිපය තුළ නැගෙනහිර යුරෝපයේ හා වෙනත් තැන්වල අසාමාන්‍ය සිදුවීම්වලින් නිරූපනය කර ඇත්තේ, ජනයාට වඩාත් නිදහස් ආකාරයේ ආණ්ඩු අවශ්‍ය කරවන බව ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ දෙනා පවසන්නේ, නිදහසේ නව යුගයක් අත ළඟ බව ය. එක්සත් ජනපදයේ ජනාධිපති එය “නව ලෝක ක්‍රමයක්” ලෙස හැඳින් වී ය. ඇත්ත වශයෙන් ම, සෑම තැනක ම විසූ ලෝක නායකයෝ, සීතල යුද්ධය හා අවි තරඟය අවසන් බවත්, සාමයේ නව යුගයක් මනුෂ්‍ය වර්ගයාට උදා වී ඇති බවත් පවසමින් සිටියහ.—1 තෙසලෝනික 5:3 සසඳන්න.
2, 3. සැබෑ නිදහසට එරෙහි ව කිනම් තත්ත්වයන් ක්‍රියා කරයි ද?
2 එහෙත්, මිනිසාගේ ප්රයත්නයන්හි විපාකයක් වශයෙන් අවි අඩු වී වඩාත් නිදහස් ආණ්ඩු ක්‍රම බිහි වුවත්, සැබෑ නිදහස සැබවින් ම පවතිනු ඇද්ද? නැත, හේතුව, දුප්පතුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින නිසාත් ආර්ථික වශයෙන් බේරී ජීවත්වීමට පොර බදන මිලියන සංඛ්‍යාත ජනයා අයත් ප්රජාතන්ත්රවාදී රටවල් ඇතුළු ව, සියලු රටවල පවතින දරුණු ගැටලු නිසාත් ය. විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගතියක් තිබුණ ද, සෑම දිනක ම මන්ද පෝෂණයෙන් හා වැළැක්විය හැකි රෝගවලින් ලොව පුරා සාමාන්‍යයෙන් දරුවන් 40,000ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි. මේ ක්ෂේත්රයෙහි ප්‍රවීනයෙක් පැවසුවේ මෙසේ ය: “දිළිඳුකම මානව සංහතියේ අනාගතයට සැබවින් ම තර්ජනය කරන්නා වූ ව්‍යූහමය ගති ලක්ෂණ මතුකරමින් සිටී.”
3 මීට අමතර ව, පෙරට වඩා වැඩි ජන පිරිසක් එන්ට එන්ට ම නපුරු වන්නා වූ අපරාධවලට ගොදුරු වෙමින් සිටිති. වාර්ගික, දේශපාලනමය, හා ආගමික වෛරය විවිධ රටවල් කඩා බිඳ දමමින් සිටී. ඇතැම් ස්ථානවල තත්ත්වය, සෙකරියා 14:13 හි විස්තර කර ඇති, “සෑම කෙනෙක් ම තමා අසල සිටින්නා ව අල්ලා ඔහුට පහර දෙන [දෙනු ඇති] තරමට” ජනයා “වියවුල්ව හා භීතියෙන්” සිටින අනාගත කාලයට, එතරම් දුරින් නොසිටියි. (ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) මත් ද්‍රව්‍ය අනිසි භාවිතය හා ලිංගික වශයෙන් බෝවෙන රෝග හාත්පස පැතිර ඇත. මිලියන සංඛ්‍යාත අයට ඒඩ්ස් වැළඳී තිබේ; එක්සත් ජනපදයේ පමණක්, 1,20,000කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් ඉන් මිය ගොස් සිටිති.
පාපයට හා මරණයට වහල් භාවය
4, 5. අද දින පවත්නා නිදහසේ ආකාරයන් මොනවා වුවත්, සෑම කෙනෙකු ම හසු වී සිටින්නේ කිනම් ආකාරයේ වහල් බැම්මකට ද?
4 කෙසේ වෙතත්, ඒ කිසි නපුරු තත්ත්වයන් නොපැවතුණත්, ජනයාට තවදුරටත් සැබෑ නිදහස නොතිබෙනු ඇත. සියල්ලන් ම තවදුරටත් වහල් බැම්මක හිර වී සිටිනු ඇත. මෙය මෙසේ වනුයේ මන්ද? මෙය විස්තර කිරීමට අපි මෙසේ ගනිමු: යම් ආඥාදායකයෙක් පොළොව මත සෑම කෙනෙකු ව ම වහල් භාවයට ගෙන ඔවුන් සියල්ලන් ව ඝාතනය කළේ නම් තත්ත්වය කුමක් ද? ඇත්ත වශයෙන් ම, අපගේ පළමු මව්පියන් දෙවියන් වහන්සේට එරෙහි ව කැරලි ගසා යක්ෂයාගේ පීඩාකාරී පාලනයට වහල් වූ විට සිදු වූයේ ද එය ම ය.—2 කොරින්ති 4:4.
5 උත්පත්ති 1 හා 2 පරිච්ඡේද පෙන්වන ආකාරයට, දෙවියන් වහන්සේ මිනිසුන් ව මැවූ විට, උන් වහන්සේ අරමුණු කළේ, ඔවුන් පරිපූර්ණ ව පොළොව මත සදාකාලයට ම ජීවත්වීම ය. එහෙත්, අපගේ ආදි පියා වූ ආදම් දෙවියන් වහන්සේට එරෙහි ව කැරලි ගැසීම නිසා, අප පිළිසිඳ ගනු ලැබූ අවස්ථාවේ පටන්, අපි සියල්ලන් ම මරණයේ දඬුවමට යටත් ව සිටිමු: “එක් මනුෂ්‍යයෙකු [මිනිස් වර්ගයාගේ පවුල් මූලිකයා වූ ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්” ව, “සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” බයිබලය පවසන පරිදි, “මරණය රජකම්කෙළේය.” (රෝම 5:12, 14) එබැවින් අපට පුද්ගලික ව කොතරම් නිදහසක් තිබුණ ද, අප සියල්ලන් ම සිටින්නේ, පාපයේ හා මරණයේ වහල් භාවය යටතේ ය.
6. ගීතාවලිය 90:10 ලියනු ලැබීමේ සිට, ආයු කාලයේ මද වැඩි වීමක් දක්නට ලැබී ඇත්තේ මන්ද?
6 එපමණක් ද නොව, අපට දැන් තිබෙන්නා වූ ජීවිතය ඉතා සීමා සහිත ය. භාග්‍යසම්පන්න අයට පවා, එය හුදු දශක කිහිපයක් පමණි. අභාග්‍යසම්පන්න අයට, එය හුදු වසර කීපයක් හෝ ඊටත් අඩු වන්නට පුළුවන. තව ද නව අධ්‍යනයක් මෙසේ පවසයි: “විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව මිනිසාගේ ආයු කාලය එහි ස්වභාවික සීමාව දක්වා දියුණු කර ඇත.” මෙයට හේතුව, ආදම්ගේ පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් අපගේ ජාන පද්ධතිය අසම්පූර්ණ වීමත්, මරණය ඒ තුළට ඇතුල් වී තිබීමත් ය. අප අවුරුදු 70ක් හෝ 80ක් දක්වා ජීවත් වී, ප්‍රඥාව ලබා ජීවිතය හොඳින් භුක්ති විඳිය යුතු අවස්ථාව වන විට, අපගේ ශරීරයන් දුර්වල වී, දූවිලි බවට පත්වීම මොනතරම් කනගාටුදායක දෙයක් ද!—ගීතාවලිය 90:10.
7. අපට වුවමනා හා අවශ්‍ය කරවන සැබෑ නිදහසේ උල්පත කිසිවිටෙකත් මිනිසා විය නොහැක්කේ මන්ද?
7 පාපයට හා මරණයට ඇති මෙම වහල් භාවය වැළැක්විය හැක්කේ කොයි ආකාරයේ මිනිස් පාලනයකට ද? කිසිවකට බැරි ය. කිසියම් තැනක වෙසෙන කිසි රාජ්‍ය නිලධාරියෙකුට, විද්‍යාඥයෙකුට හෝ වෛද්‍යවරයෙකුට අසනීපවල, මහලු වියේ, හා මරණයේ ශාපයෙන් අප ව ගලවන්නටවත්, ඒ කිසිවෙකුට අනාරක්ෂක බව, අයුක්තිය, අපරාධ, සාගින්න, හා දුප්පත්කම ඉවත් කරන්නටවත් නුපුළුවන. (ගීතාවලිය 89:48) මිනිසුන් මොනතරම් හොඳ චේතනා ඇතුව ක්‍රියා කළත්, අපට වුවමනා මෙන් ම අවශ්‍ය කරන සැබෑ නිදහසේ උල්පත වන්නට ඔවුන්ට නොහැක.—ගීතාවලිය 146:3.
නිදහස් කැමැත්ත වැරදියට පාවිච්චි කිරීම
8, 9. මිනිස් වර්ගයා ව සිය වත්මන් කනගාටුදායක තත්ත්වයට පත් කළේ කුමක් ද?
8 මිනිස් පවුල මෙම කනගාටුදායක තත්ත්වයේ සිටින්නේ, ආදම් සහ ඒව තම නිදහස් කැමැත්ත වැරදියට පාවිච්චි කළ නිසා ය. ද ජෙරුසලෙම් බයිබල් හි 1 පේතෘස් 2:16 පවසනුයේ මෙසේ ය: “නිදහස් මිනිසුන් මෙන් හැසිරෙන්න, තව ද දුෂ්ටකම සඳහා නිදහසට කරුණක් වශයෙන්, ඔබගේ නිදහස කිසිවිටෙකත් පාවිච්චි නොකරන්න.” මෙබැවින්, මිනිසාගේ නිදහස අසීමිත එකක් වීමට දෙවියන් වහන්සේ අරමුණු නොකළ බව පැහැදිලි ය. එය පාවිච්චි කිරීමට තිබුණේ, ධර්මිෂ්ඨ වූ සියල්ලන්ගේ ප්‍රයෝජනය පිණිස ක්‍රියාත්මක වනු ඇති, දෙවියන් වහන්සේගේ නීතිවල සීමාවන් තුළ ය. තව ද දෙවියන් වහන්සේගේ පාලනය කිසිවෙකු හට පීඩාකාරී එකක් නොවන පරිදි, තෝරා ගැනීමේ බොහෝ පුද්ගලික නිදහසකට ඉඩ තිබෙන ලෙස, එම සීමාවන් ඇතිතරම් පුළුල් ව තිබිණි.—ද්විතීය කථාව 32:4.
9 කෙසේ වෙතත්, අපගේ මුල් මව්පියෝ තමන් උදෙසා ම හරි දෙයත්, වැරදි දෙයත් තීරණය කිරීමට තෝරා ගත්හ. ඔවුන් හිතාමතා ම දෙවියන් වහන්සේගේ පාලනයෙන් ඉවත් වූ නිසා, උන් වහන්සේ ඔවුන්ට දුන් ස්වකීය අනුබලය අයින් කළ සේක. (උත්පත්ති 3:17-19) මෙසේ ඔවුන් අසම්පූර්ණ වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ අසනීප හා මරණයයි. නිදහස වෙනුවට මිනිස් වර්ගයා පැමිණියේ පාපයේ හා මරණයේ වහල් භාවයට ය. එමෙන් ම ඔවුහු අසම්පූර්ණ වූ බොහෝ විට, කුරිරු පාලකයන්ගේ හිතුමතේ ක්‍රියාවන්ට යටත් අය බවට පත් වූහ.—ද්විතීය කථාව 32:5.
10. යෙහෝවඃ වහන්සේ ප්‍රේමනීය ව කාරණා හසුරුවා තිබෙන්නේ කෙසේ ද?
10 පූර්ණ නිදහස යයි සිතා සිටින මෙම අත්හදා බැලීම කිරීමට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ඉඩ හැර තිබෙන්නේ සීමිත කාල පරිච්ඡේදයකට පමණි. දෙවියන් වහන්සේගෙන් නිදහස් වූ මිනිස් පාලනය සාර්ථක විය නොහැකි බව ප්‍රතිඵලවලින් නිසැක ව ම නිරූපනය කරන බව උන් වහන්සේ දැන සිටි සේක. හරි ආකාරයට පාවිච්චි කරනු ලබන, නිදහස් කැමැත්ත, එතරම් ම නිධානයක් වන බැවින්, නිදහස් කැමැත්තේ දීමනාව ආපසු ගන්නවා වෙනුවට, දෙවියන් වහන්සේ ස්වකීය ප්‍රේමයෙන්, සිදු ව ඇති දෙයට තාවකාලික ව ඉඩ හැර ඇත.
‘මිනිසාට තම පියවර මෙහෙය වීමට නොහැක’
11. ඉතිහාසය, බයිබලයේ නිරවද්‍යතාවයට අනුබල දී ඇත්තේ කෙසේ ද?
11 ඉතිහාස වාර්තාව යෙරෙමියා 10වන පරිච්ඡේදයේ 23 හා 24 [NW] වගන්තිවල නිරවද්‍යතාව පෙන්වා ඇත, එහි මෙසේ පවසයි: “ගමනෙහි යෙදෙන මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිති නැත. අහෝ, යෙහෝවඃ වහන්ස, මා නිවැරදි කළ මැනව.” දේශනාකාරයා 8:9 හි නිරවද්‍යතාව ද ඉතිහාසය විසින් පෙන්වා තිබේ. එය මෙසේ ප්‍රකාශ කරයි: “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇත. මොනතරම් සැබෑ ද! මිනිස් පවුල, එක් ව්‍යාසනයක සිට තවෙකකට ගමන් කර ඇත්තේ, සියල්ලන් ව මිනීවලෙන් අවසන් කරමිනි. රෝම 8:22 හි වාර්තා කර ඇති පරිදි, ප්‍රේරිත පාවුල් තත්ත්වය හරියට ම විස්තර කර තිබේ: “මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.” එසේ ය, දෙවියන් වහන්සේගේ නීතිවලින් ස්වාධීන වීම විනාශකාරී වී තිබේ.
12. පූර්ණ නිදහස ගැන ඇතැම් ලෞකික මූලාශ්රයන් පවසනුයේ කුමක් ද?
12 ඉන්ක්විසිෂන් ඇන්ඩ් ලිබර්ටි නම් පොත නිදහස ගැන මෙසේ අදහස් දැක්වී ය: “නිදහස යනු අනිවාර්යයෙන් ම තනි ව ගත් කල, ගුණයක් නොවේ. තවත් සීමාවන් පැනවීම නොමැති ව ඒ ගැන ආඩම්බර වීමට නොහැක. ඇත්ත වශයෙන් ම එය සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමිත්වයේ වඩාත් නොහොබිනා ආකාරයන්ගෙන් එකක් විය හැකි ය . . . මිනිසා මුළුමනින් ම ස්වාධීන මැවිල්ලක් නොවේ, එසේ ම මෝඩකම පෙන්වීමක් නොමැති ව එය අත්කර ගන්නටවත් නොහැක.” තව ද එංගලන්තයේ පිලිප් කුමරු වරක් මෙසේ පැවසී ය: “සෑම හිතුමතේ ආශාවක හා පෙලඹීමක ම නිරත වීමට ඇති නිදහස සිත් ගන්නා සුලු යමක් බව පෙනෙතත්, ආත්ම-සංයමය නොමැති නිදහසෙන් . . . හා අන්‍යයන් ගැන නොසලකා හැසිරීමෙන් සමාජයකට සිදුවන්නේ, එහි ධන සම්පත් කොතෙක් වුවත්, එහි ජීවිතයේ ගුණාත්මක බව විනාශ වීම බව අත්දැකීම්වලින් යළි යළිත් උගන්වයි.”
හොඳින් ම දන්නේ කවුද?
13, 14. මිනිස් පවුලට සැබෑ නිදහස සැපයිය හැක්කේ කවරෙකුට පමණක් ද?
13 නිවසක් හොඳින් ම සංවිධානය කළ යුතු ආකාරය දන්නේ කවුද—ප්‍රේමනීය, දක්ෂ, අත්දැකීම් ලත් දෙමාපියන් ද, නැතහොත් ලාබාල දරුවන් ද? පිළිතුර ඉතා පැහැදිලි ය. මේ හා සමාන ව, මිනිසාගේ මැවුම්කරුවාණන්, අපගේ ස්වර්ගික පියාණන්, අපට වඩාත් හොඳ දෙය කුමක් ද යන්න දන්නා සේක. මනුෂ්‍ය සමාජය සංවිධානය කර, පාලනය කළ යුතු ආකාරය දන්නේ උන් වහන්සේ ය. සෑම කෙනෙකුට ම සැබෑ නිදහසෙන් ප්‍රයෝජන ලැබෙන පරිදි, නිදහස් කැමැත්ත පාලනය කළ යුතු ආකාරය උන් වහන්සේ දන්නා සේක. මිනිස් පවුල එහි වහල් භාවයෙන් මුදවා සියල්ලන්ට ම සැබෑ නිදහස සැපයිය යුතු ආකාරය දන්නේ, සර්වබලධාරී දෙවි වූ, යෙහෝවඃ වහන්සේ පමණි.—යෙසායා 48:17-19.
14 රෝම 8:21 හි වූ ස්වකීය වචනයෙහි, යෙහෝවඃ වහන්සේ මෙම ප්රබෝධජනක පොරොන්දුව දී තිබේ: “මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහසට පැමිනෙන්නේය.” එසේ ය, මිනිස් පවුල සහමුලින් ම එහි වත්මන් ඉතා අසරණ තත්ත්වයෙන් නිදහස් කිරීමට දෙවියන් වහන්සේ පොරොන්දු වන සේක. මෙය සිදුවන ආකාරය මීළඟ ලිපිය සාකච්ඡා කරනු ඇත. w92 4/1
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද
(පිටු 3 සිට 8 දක්වා පුනරීක්ෂණය කිරීමක්)
◻ මිනිසුන් හට නිදහස ගැන මෙතරම් තද බල ලෙස හැඟෙන්නේ මන්ද?
◻ ඉතිහාසය පුරා, ජනයා වහල් භාවයට පත් ව ඇත්තේ කිනම් ආකාරයන්ගෙන් ද?
◻ නිදහස් කැමැත්ත අනිසි ලෙස පාවිච්චි කිරීමට යෙහෝවඃ වහන්සේ මේ තරම් කාලයක් ඉඩ හැර ඇත්තේ මන්ද?
◻ සියලු මිනිස් වර්ගයාට සැබෑ නිදහස ගෙනෙන්නට හැක්කේ කාට පමණක් ද, ඒ මන්ද?
[7වන පිටුවේ පින්තූරය]
මිනිසාගේ ආයු කාලය, වර්ෂ 3,500කට පෙර ගීතාවලිය 90:10 හි පවසා ඇති ආකාරයට බොහෝ දුරට සමාන ය
[හිමිකම් විස්තර]
Courtesy of the British Museum