ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 1/1 21-24 පි.
  • “අපිත් සියලු බර ඉවත දමමු”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අපිත් සියලු බර ඉවත දමමු”
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මූලික හේතුව සෙවීම
  • ද්‍රව්‍යමය දේවල් ගැන සමබර මතයක්
  • සාධාරණකම අත්‍යවශ්‍යයි
  • දෙවියන් වහන්සේ සමඟ හැසිරීමේ දී නිහතමානි වන්න
  • බර රැගෙන යාමට යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන සේක
  • “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙහෙසට පත් වුවත් හෙම්බත් නොවී
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 1/1 21-24 පි.

“අපිත් සියලු බර ඉවත දමමු”

“මට හරි දුකයි, මා බොහෝ සෙයින් ම අධෛර්යය වෙලා” යයි මේරි දුකින් කීවා ය. තමාගේ ක්‍රිස්තියානි වගකීම්වල බර ගැන කථා කරමින් මෙම ක්‍රිස්තියානි ස්ත්‍රිය මෙසේ එකතු කළා ය: “මගේ මිතුරන් අධික වෙහෙස නිසා දැවී ගොස් ඇති අයුරු මට පේනවා. මටත් මහන්සිය සහ අධික පීඩනයක් දැනෙනවා. ඊට හේතුව වටහා ගැනීමට කරුණාකර මට උදව් කරන්න.”

ඔබත් පීඩනයට ලක් වී, ඔබගේ දිව්‍ය ආණ්ඩු වගකීම් ඉටු කරනු සඳහා ඔබ පමණට වඩා වෙහෙසට පත් වී සිටින බව ඔබට හැඟෙනවා ද? ඇතැම් විට, ක්‍රිස්තියානි දේව සේවය දැරීමට බැරි තරම් බරක්, හෙවත් දරා ගත නොහැකි බරක් කියා ඔබට පෙනෙනවා ද? අපගේ ප්‍රීතිය හීන කරවන නිෂේධාත්මක බලවේගයන් නිරතුරු ව ම අප වටා ගහණ ව ඇති හෙයින්, බොහෝ ක්‍රිස්තියානිහු, අධෛර්යයට පත් වූ කාල පරිච්ඡේදයන් පසු කරති. අද දින අව්‍යාජ ක්‍රිස්තියානිවරයෙක් වීම ඇත්තෙන් ම අභියෝගයකි. එම නිසා, ඇතැම් අවස්ථාවල දී සමහරෙකුට හැඟී යන්නේ, ක්‍රිස්තියානි දේව සේවය, දැරීමට තිබෙන මහා බරක් කියා ය.

මූලික හේතුව සෙවීම

යෙහෝවඃ වහන්සේ අප මත අසාධාරණ බර පටවා නැති බව ශුද්ධ ලියවිලි පැහැදිලි ව පෙන්වා දෙයි. දෙවියන් වහන්සේගේ “ආඥා බර නැත” කියා ප්‍රේරිත යොහන් පැවසුවේ ය. (1 යොහන් 5:3) යේසුස් වහන්සේ මීට සමාන ව සිය ගෝලයන් හට මෙසේ පැවසු සේක: “මම සිතින් [හෘදයෙන් NW] මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” (මතෙව් 11:29, 30) අප යෙහෝවඃ වහන්සේට කරන සේවය අපට බර වැඩි ය, නැතහොත් අප බරින් මිරිකී සිටින්නේ ය යනුවෙන් අපට හැඟීයාම උන් වහන්සේගේ කැමැත්ත නොවන බව පැහැදිලි ය.

එසේ නම්, ඇදහිලිවන්ත ක්‍රිස්තියානිවරයෙක් තමාගේ ක්‍රිස්තියානි වගකීම් මහා බරක් ලෙස සිතීමට පැමිණෙන්නේ කෙසේ ද? බොහෝ දුරට, සාධක කිහිපයක් මෙයට ඇතුළත් විය හැකි ය. ප්‍රේරිත පාවුල්ගේ මෙම වචන සැලකිල්ලට ගන්න: “. . . සියලු බරද . . . අහක දමා, . . . අප ඉදිරියේ තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් යුතුව NW] දුවමු.” (හෙබ්‍රෙව් 12:1) පාවුල්ගේ වචනවලින් අඟවන්නේ, ඇතැම් අවස්ථාවල දී ක්‍රිස්තියානි වරයෙක් තමා මත ම අනවශ්‍ය බර දමා ගන්නා බවයි. බරපතළ පාපයන් මෙයට ඇතුළත් වීම අනිවාර්යය නොවේ. නමුත් ක්‍රිස්තියානිවරයෙක් තමාගේ ජීවිතය තද බල ලෙස සංකීර්ණ කරවන වැරදි විනිශ්චයන් ගත හැකි අතර, ඔහු ඉදිරියේ තබනු ලැබ ඇති ධාවනය, දිවීමේ අපහසුතාවයන් එමගින් ඔහු හට ඇති කරවයි.

ද්‍රව්‍යමය දේවල් ගැන සමබර මතයක්

උදාහරණයක් වශයෙන් බාහිර රැකියාවන් පිළිබඳ ව සිතා බලන්න. බොහෝ රටවල පවත්නා ආර්ථික වාතාවරණය හේතුවෙන්, බොහෝ පැය ගණනක් වැඩ කිරීම හැරුණුකොට වෙන දෙයක් තෝරාගන්නට ක්‍රිස්තියානියෙකුට නොහැක. එහෙත්, බොහෝ විට, මිනිසුන් අමතර වැඩ තමන් මත පටවා ගන්නේ ‘දියුණු වීමට’ නැත්නම් සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය දෑ එක්රැස් කිරීමට ය. තමන්ගේ නියම අවශ්‍යතාවයන් ගැන යළි සලකා බැලීමෙන් පසු ව, තමන්ගේ රැකියා තත්ත්වයේ යම් වෙනස්කම් කිරීම ඥාණවන්ත බව සමහර ක්‍රිස්තියානින් සොයා ගෙන තිබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් වන ඩෙබී සහ ඇගේ සැමියා සම්බන්ධයෙන් තත්ත්වය මෙය විය. ඇය මෙසේ පවසන්නීය: “අපගේ ආර්ථික තත්ත්වය වෙනස් වී ඇත, දිගට ම පූර්ණ කාලීන ව රැකියාව කරන්නට මට තව දුරටත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් එය අත් හැරීම අමාරු දෙයක් වුණා.” වැඩිකල් යන්නට මත්තෙන්, බොහෝ දේවල් කරන්නට තිබීමේ පීඩනයක් ඈට හැඟිණි. ඈ මෙසේ පැහැදිලි කරන්නී ය: “මගේ ගෙදර වැඩ කර ගන්නට මට නිදහසක් තිබුණේ සෙනසුරාදා විතරයි. එදාට ක්ෂේත්‍ර සේවයේ යන්නට බොහෝ විට මට සිතුනේ නැහැ. මෙය එතරම් හොඳ දෙයක් නොවු බව මට හැඟුණා. නැහැ, මගේ හෘද සාක්ෂිය මේ ගැන මට කරදර කරන්නට පටන් ගත්තා. එහෙත් මා මගේ රැකියාවට ආදරේ කළා! අන්තිමේ දී, යථාර්ථයට මුහුණ දෙන්නට මට සිදු වුණා. තිබුණේ එක් විසඳුමක් පමණයි. මම රැකියාවෙන් ඉවත් වුණා.” මෙවැනි විශාල වෙනස්කමක් කරන්නට සමහරුන්ට නොහැකි බව පිළිගත යුතු ය. කෙසේ වෙතත්, ඔබගේ වැඩ පිළිවෙළ ගැන ප්‍රවේසමෙන් පරික්ෂා කොට බැලුවහොත් යම් වෙනස්කම් කිරීමට අවශ්‍යතාවයක් තිබෙන බව හෙළි විය හැක.

අනවශ්‍ය බරවලින් අප ව නිදහස් කරවන වෙනත් මාර්ගයන් ද තිබෙන්නට පුළුවන. හුදෙක් විනෝදය සඳහා සංචාරය කිරීම, ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදීම, හෝ රූපවාහිනිය නැරඹීම සඳහා වැය කරන කාලය ඇතුළු ව වෙනත් විනෝදාංශයන්හි නියැලීම වැනි දෑ අඩු කිරීම ගැන කුමක් කිව හැකි ද? මෙම පැතිවලින් සුදුසු සමබරතාවයකට පැමිණි පසු ව පවා, එවන් සමබරතාවයක් පවත්වා ගෙන යාම සඳහා නිරන්තර යළි සකස් කිරීමක් අවශ්‍ය විය හැකි ය.

සාධාරණකම අත්‍යවශ්‍යයි

යම් කාරණයන් සම්බන්ධයෙන් අලුත් තත්ත්වයන් උද්ගත වන විට, ඊට අනුකූල ව සකස් වීම සඳහා සාධාරණකම අපට උපකාර වත් වෙයි. එබැවින්, අපගේ දේව සේවය සම්බන්ධයෙන්, ඒකාන්ත ආකල්පයක් පවත්වා ගන්නට අපට හැකි වෙයි.—එපීස 5:15-17; පිලිප්පි 4:5.

දෙවියන් වහන්සේගේ සේවය තුළ අනෙක් අය කරන දේ සමඟ කරට කර සිටීමේ යම් පීඩනයක් ඔබට තිබෙන බව ඔබට ම පෙනී යනවා ද? මෙයට ද, ඔබගේ ජීවිතයට කාංසාව සහ කනස්සල්ල එකතු කළ හැකි ය. අනෙක් අයගේ යහපත් ආදර්ශයන් වඩාත් වැඩියෙන් දේවල් කිරීමට සහතික ව ම ඔබ ව දිරිගන්වන අතරේ දී, ඔබගේ ම තත්ත්වයන් සහ හැකියාවන්ට අනුකූල ව සැබෑ ඉලක්කයන් තබා ගැනීම සඳහා සාධාරණකම ඔබට මහෝපකාරී වේ. ශුද්ධ ලියවිලි අපට මෙසේ පවසයි: “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක් ම පාරට්ටුව තිබේ. මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.”—ගලාති 6:4, 5.

දේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ද මෙම බරට යමක් එකතු කරනවා විය හැකි ය. යේසුස් වහන්සේගේ දවසේ දී, මිනිසුන් විසින් ඇති කළා වූ බොහෝ ආගමික නීති සහ සම්ප්‍රදායන්වලට අනුකූලවීමට වෑයම් කිරීමෙන් වෙහෙසට පත් වී සිටියහ. අද දින, යෙහෝවඃ වහන්සේගේ සෙනඟ බොරු ආගමික සම්ප්‍රදායන්ගෙන් නිදහස් කරනු ලැබ තිබේ. (යොහන් 8:32 සසඳන්න ) එහෙත් තවමත්, දේශීය සිරිත් විරිත්වලින් ක්‍රිස්තියානිවරයෙකු අනවශ්‍ය ලෙස බරකට හසු වී සිටිනවා විය හැකි ය. නිදසුනක් වශයෙන්, විවාහ මංගල්‍ය උත්සව වැනි දෑ අධික විසිතුරු බවකින් සිරිත් විරිත් මගින් ආටෝප කර තිබේ. මෙම සිරිත් විරිත් වැරදි නොවිය හැක, තව ද ඒවා අපුර්ව සහ උනන්දුමත් ස්වරූපයක් ගන්නවා වන්නට පුළුවන. කෙසේ වුව ද, එවන් සියලු දේවල් පැවැත්වීමට කාලය හෝ මුදල් ද ක්‍රිස්තියානින් හට නොතිබෙනවා විය හැකි ය. එමෙන් ම එවැනි දේවල් පවත්වන්නට යත්න දැරීම, අනවශ්‍ය බර පටවා ගැනීමක් විය හැකියි.

යේසුස් වහන්සේ, මාර්තා නම් එක් ස්ත්‍රියක් බැහැදකින්නට ගිය අවස්ථාවේ දී සිදු වූ දේ ගැන සළකා බලන්න. උන් වහන්සේගේ දිව්‍ය ප්‍රඥාවෙන් මුළුමනින් ම ප්‍රයෝජන ගන්නවා වෙනුවට, “මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියා ය.” බොහෝ දේවල් සමඟින් ඈ තමා මත බර පටවාගෙන තිබුණි. (ලූක් 10:40, න. අ. ) තම ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගනු පිණිස, ඇගේ ආහාර පිළියෙල කිරීමේ කටයුතු සරල කර ගන්නා ලෙස යේසුස් වහන්සේ කාරුණික ව ඈ හට යෝජනා කළ සේක. (ලූක් 10:41, 42) ඔබගේ ක්‍රිස්තියානි දේව සේවය තුළ, හොඳ සමබරතාවයක් ඇති කර ගැනීමට හොඳ විනිශ්චයක් සහ සාධාරණකමක් ඔබට උපකාරවත් වන බව මෙය මනාව නිරූපනය කරයි.—යාකොබ් 3:17.

ඔබගේ ආශ්‍රිතයන් ව තෝරා ගැනීමේ දී ද, හොඳ විනිශ්චයක් අවශ්‍ය කරවයි. හිතෝපදේශ 27:3 [න. අ. ] අනතුරු අඟවන්නේ මෙසේ ය: “ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.” ඔබගේ සමීප ඇසුරු කරන්නන් ඔබගේ සිතුවිලි මත මහත් බලපෑමක් කරන බව වෙනස් කළ නොහැකි සත්‍යයකි. වැරදි සෙවීමට සහ සභාවේ වෙනත් අය ව විවේචනය කිරීමට යුහුසුලු අය සමඟ කිට්ටු ඇසුරක් තබා ගැනීමෙන්, ඔබ තුළ අධෛර්යයේ බීජ සහ නිෂේධාත්මක සිතුවිලි රෝපණය වන්නට පුළුවන. (1 කොරින්ති 15:33) මෙය ඔබට ගැටලුවක් වී තිබෙන බව පෙනෙයි නම්, ඔබගේ ඇසුර සම්බන්ධව යම් ඥාණවන්ත වෙනස්කම් කිරීම, ඔබගේ බර අඩු කිරීමට ඉවහල් විය හැකියි.

දෙවියන් වහන්සේ සමඟ හැසිරීමේ දී නිහතමානි වන්න

සිතුවිලි කළඹවන්නා වූ මෙම ප්‍රශ්නය මීකා 6:8හි [NW] අපට දක්නට තිබේ: “යෙහෝවඃ වහන්සේ ඔබගෙන් යළි ඉල්ලා සිටින්නේ . . . ඔබගේ දෙවියන් වහන්සේ සමඟ නිහතමානී ලෙස හැසිරීම නොවේ ද?” නිහතමානිකම යනු යමෙක් තමාගේ සීමාවන් ගැන සාවධානයෙන් සිටීම යයි අර්ථ දක්වා තිබේ. තමන්ගේ සීමාවන් ගැන හඳුනාගෙන නොමැති අය පමණට වඩා බැඳීම්වලින් තමන් ව ම බර කර ගනිති. අධෛර්ය වීම, ඉච්චා භංගත්වය, සහ ප්‍රීතිය නැති වී යාම වැනි දේවල් ප්‍රතිඵල කර ගනිමින් අවේක්ෂකයන් වැනි මේරූ ක්‍රිස්තියානින්ට පවා මෙය සිදුවී තිබේ. කෙනත් නැමැති එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ එකඟ වීය: “මා මානසික පීඩනයකට ලක් වෙන්නට ගිය බවක් මට පෙනුනා. ‘මෙය මට සිදුවෙන්නට මම ඉඩ දෙන්නේ නැහැ’, යයි මම සිතා ගත්තා. ඒ නිසා මගේ බැඳීම් සමහරක් මම කපා දමා, මට කරන්නට පුළුවන් දේ ගැන මා කල්පනා කළා.”

යටහත් අනාගතවක්තෘවරයෙකු වූ මෝසෙස්ට ද තමන්ගේ සීමාවන් හඳුනාගැනීම ගැන අසීරුතාවයක් තිබිණි. එම නිසා තමන් විසින් ම රැගෙන යාමට උත්සාහ කළ බර අධික වැඩ කොටස ගැන ඔහුට මතක් කරවන්නට ඔහුගේ මාමා වූ ජෙත්රෝට සිදුවි ය. “නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද?” කියා ජෙත්රෝ විචාළේ ය. “නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ට කිරීම නොහැකිය. . . . ඇරත් නුඹ සෙනඟ අතරෙන් . . . සමර්ථ මනුෂ්‍යන් තෝරාගෙන . . . සෙනඟ කෙරෙහි පත්කරපන්න. . . . ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය.” සැනෙකින් මෝසෙස්, තමාගේ වැඩවලින් කොටසක් වෙනත් අය වෙත පවරන්නට පටන් ගත් අතර, මේ නයින් තමාට දරාගත නොහැකි බරින් සහනය ලැබී ය.—නික්මයාම 18:13-26.

තවත් අවස්ථාවක දී මෝසෙස් යෙහෝවඃ වහන්සේට මෙසේ පැවසුවේ ය: “තනියම මේ මුළු සෙනග දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය.” නැවතත්, පිළිතුර වූයේ වගකීම් පවරා දෙන ලෙසටයි. පමණට වඩා බැඳීම්වලින් ඔබ ව වැසී තිබෙන ඔබට හැඟී යන්නේ නම්, ඔබගේ අසීරුතාවයට මෙය විසඳුම වෙන්නට පුළුවන.—ගණන් කථාව 11:14-17.

බර රැගෙන යාමට යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන සේක

යේසුස් වහන්සේ පැවසුවේ උන් වහන්සේගේ වියගහ පහසු බවත්, බර ද සැහැල්ලු බවත් මිස, යම් බරකින් තොර වූවක් කියා ම නොවේ. පැමිණ කර ගසන ලෙස උන් වහන්සේ අප ගෙන් ඉල්ලා සිටියේ අලසකමේ වියගහක් නොවේ. එය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වශයෙන් දෙවියන් වහන්සේට මුළුමනින් කැපවීමේ වියහගකි. එම නිසා, සැබෑ ක්‍රිස්තියානිවරයෙකු බවට පත් වීමේ දී එක්තරා ප්‍රමාණයක බරක් හෝ පීඩනයක් ඇති වෙයි. (මතෙව් 16:24-26; 19:16-29; ලූක් 13:24) ලෝක තත්ත්වය තවත් දරුණු වනවාත් සමඟ ම, පීඩනයන් ද වැඩි වෙනු ඇත. යේසුස් වහන්සේගේ වියගහ යටතට උන් වහන්සේ සමඟ පැමිණෙන මෙන් උන් වහන්සේ අන්‍යයන්ගෙන් ඉල්ලා සිටීමත්, උන් වහන්සේ ඔවුන්ට උපකාර කරන බවත්, උන් වහන්සේගේ ආරාධනයෙන් අඟවන හෙයින් ඒකාන්ත ආකල්පයක් තබා ගැනීමට අපට හොඳ හේතු තිබේ.a මෙබැවින්, අප උන් වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කරන තාක්කල්, උන් වහන්සේ අපට උදව් කරන හෙයින් අපගේ බර පවතිනු ඇත්තේ පාලනය කළ හැකි අයුරිනි.

තමන් වහන්සේට ප්‍රේම කරන අය ගැන දෙවියන් වහන්සේ සලකන සේක, තව ද, තමන්ගේ බර යාච්ඤා පූර්වක ව උන් වහන්සේ අභිමුඛයෙහි දමන සියල්ලන්ගේ හෘදයන් සහ මානසික බලයන් උන් වහන්සේ ආරක්ෂා කරන සේක. (ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7; 1 පේතෘස් 5:6, 7) “දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ සෑබෑ [NW] ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමින්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසාවේවා” යයි ගීතිකාකාරයා පැවසී ය. (ගීතාවලිය 68:19) එසේ ය, ඔබ සියලු බර ඉවත දමා ඔබ ඉදිරියේ තබා තිබෙන දිවීම විඳ දරාගැනීමෙන් යුක්තව දුවන්නේ නම්, දෙවියන් වහන්සේ ඔබගේ බර දින පතා රැගෙන යන බවට සහතික වන්න. w91 10/15

[පාදසටහන්වල]

a පාද සටහනේ යොමු දක්වන්නේ: “මා සමඟ වියගහ යටතට එන්න” කියා ය.

[24වන පිටුවේ පින්තූරය]

ප්‍රඥාවන්ත වැඩිමහල්ලෝ, වැඩ කටයුතු එකිනෙකාට පවරා ගෙන බර හවුලේ බෙදා ගැනීමට කැමති වෙති

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න