අඟහරුව රොබෝ යන්ත්‍රයක් ගවේෂණය කරයි
ෆ්ලොරිඩාහි, ක’නැවරල් තුඩුවේ දියත් කිරීමේ කුටියේ සිට මාස් පාත්ෆයින්ඩ යානය රැගත් රොකට්ටුව ගුවන් ගත වනවා මමත් මගේ පවුලේ අයත් කුතුහලයෙන් බලා හිටියා. ‘ඒක සාර්ථකව අඟහරු මතට ගොඩ බහීද? මොන අලුත් සොයාගැනීම් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද’ කියලා අපි කල්පනා කළා.
පාත්ෆයින්ඩහි සාර්ථකත්වය ගැන සැලකිලිමත් වූයේ, මීට ප්‍රථම මාස් ඔබ්ස’ව’ හා මාස් 96 මගින් අඟහරුට කළ මෙහෙයුම් දෙකම අසාර්ථක වීම නිසයි. ඊට අමතරව, මීට කලින් සිදු නොකළ ගොඩ බැසීමක්ද පාත්ෆයින්ඩ මගින් සිදු කිරීමට නියමිතව තිබුණා.
යානය පැයට කි.මී. 27,000ක වේගයකින් අඟහරුගේ වායුගෝලයට ඇදෙමිනුයි තිබුණේ. වේගය අඩාල කිරීමට පැරෂූටයක් විහිදුවා, මීටර් 98ක උන්නතාංශයකට පහත බැසීමෙන් පසු, තවදුරටත් වේගය අඩු කරගැනීමේ අටියෙන් ආපස්සට තල්ලු කරන රොකට්ද යානය පණ ගැන්වූවා. ඒ අතරතුරේම, ගෑස්වලින් පිරි විශාල ආරක්ෂක වායු බෑග් මෙට්ටයක්ද යානයට සැපයුවා. මාස් පාත්ෆයින්ඩ, පැයට කිලෝමීටර් 65ක වේගයකින් 1997 ජූලි 4වනදා අඟහරු පෘෂ්ඨය මතට පතිත වුණා.
ගොඩබිමට පතිත වීමේදී සිදු වන ගැටීම හේතුවෙන් යානය ප්‍රථමයෙන්ම මීටර් 15ක් පමණ ඉහළට විසි වුණා. විශාල පැසි පන්දුවක ආකාරයෙන්, 15 වතාවක් පමණ ඉහළට පහළට විසිවීමෙන් පසු, එය නැවතීමකට පැමිණුණා. අනතුරුව වායු බෑග්වල තිබූ ගෑස් අවධමනය වීමෙන් පසු ඒවා යථා ප්‍රමාණයට කුඩා වුණා. අවශ්‍ය වූ විටෙක උඩ අතට සිටුවාගැනීමේ හැකියාව ඇතුව නිර්මාණය කර තිබුණත්, පාත්ෆයින්ඩ ගොඩ බැස්සේම උඩ අතටමයි. විද්‍යාත්මක උපකරණ, ගුවන් විදුලි ඇන්ටෙනා, සූර්ය පැනල හා සෝජ’න’ නම් ස්වයංක්‍රීයව ගමන් කරන යන්ත්‍රයක්ද දිස්වීමට සලස්වමින් එය මලක පෙති මෙන් දිගහැරුණා.
අඟහරු ග්‍රහයා පරීක්ෂා කිරීම
අවට ඇති භූදර්ශන පාත්ෆයින්ඩගේ කැමරා මගින් ඉක්මනින් නිරීක්ෂණයට ලක් වුණා. අරීස් වලිස් නැතිනම් “අඟහරු තැනිතලාව” අවට ප්‍රදේශයක් වන “රන් තැනිතලා” නම් අරුත් ඇති ක්රිවූසේ ප්ලාන්ට්යා නම් දිගු තැනිතලාවේ ආරක්ෂිතව ගොඩ බා තිබූ පාත්ෆයින්ඩගේ නෙතට පාෂාණමය රැළි බිමක් හා කඳුකර ප්‍රදේශයක් ගැටුණා. තවද මෙම ප්‍රදේශය සෝජ’න’හි ගවේෂණය සඳහා කියාපු තැනක් වුණා. සෙන්ටි මීටර් 65ක දිගින් යුත් මෙම කුඩා සමර්ථ රොබෝ යන්ත්‍රය, කැමරාව මගින් දෘශ්‍යමාන පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටි අතර, වර්ණාවලීක්ෂයකින් පාෂාණවල හා පසේ ඇති රසායනික මූලද්‍රව්‍ය ප්‍රමාණය මැන බැලීමටද ලක ලැහැස්තිව හිටියා.
මෙහෙයුම් විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් සෝජ’න’ මගින් ගවේෂණය ආරම්භ කළා. පෘථිවිය හා අඟහරු අතර ගුවන් විදුලි සංඥා ගමන් කිරීමට විනාඩි කිහිපයක් ගත වන නිසා, මෙහෙයුම හසුරුවන්නන්ට කෙළින්ම සෝජ’න’ මෙහෙයවීමට නොහැකි වුණා. ඒ හේතුවෙන් අඟහරු බිම් පෙදෙසේ ඇති උවදුරුවලින් බේරීමට සෝජ’න’ බොහෝ සෙයින් තම හැකියාව මතම රඳා සිටියා. මෙය කළේ තම ගමන් මාර්ගයේ ඇති පාෂාණවල ප්‍රමාණය හා පිහිටීම නිශ්චය කරගැනීම සඳහා ලේසර් කිරණ භාවිතා කිරීමෙනුයි. එවිට පාෂාණ තරමින් කුඩා නම් ඒවා උඩින් ගමන් කිරීමටත් ඒවා විශාලත්වයෙන් වැඩි නම් වෙනත් ගමන් මාර්ගයක් ගැනීමටත් හැකි වන ආකාරයට එහි පරිගණකය මගින් එයට මඟ පෙන්වනු ලැබුවා.
රසින් සහ සොයාගැනීම්වලින් පිරී
පුවත්පත් හා සඟරාවල දිස් වූ වාර්තා, පාත්ෆයින්ඩ ලබාගත් අඟහරුගේ පෘෂ්ඨයේ සේයාපට සමඟින් මිලියන ගණනක්දෙනාට සංග්‍රහ කරනු ලැබුවා. අඟහරුගේ සිට නව දර්ශන පැමිණීමත් සමඟම, ස්වයංක්‍රීයව එහා මෙහා ගමන් කරන යන්ත්‍රයේ සෙල්ලක්කාර ගමන් පථයෙන් මිහිපිට මිනිසුන් ආස්වාදයක් ලැබූ අතර, විචිත්‍රවත් පාෂාණමය හා කඳුකර භූදර්ශනයන්ගේ දසුන්වලින් කුතුහලයට පත් වුණා. ඒ අතරම අඟහරුගේ අහස් තලයේ වලාකුළු හා ඉරු බැසයෑමේ දර්ශනවලින්ද කුල්මත් වුණා. මෙහෙයුමේ පළමු මාසය ඇතුළත, යානයේ ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටින පුද්ගලයන් විසින් පාත්ෆයින්ඩගේ අන්තර් ජාලීය වෙබ් පිටුවෙන් මිලියන 500කට වැඩි පිරිසක් තොරතුරු විමසුවා.
මෙහෙයුම් විද්‍යාඥයන්ගේ අපේක්ෂාවන්ද අභිභවා යමින්, පාත්ෆයින්ඩ තොරතුරු සම්භාරයක් ලබා දුන්නා. මෙසේ ලබා දුන්නේ සෙල්සියස් අංශක බින්දුවේ හිමාංකයක සිට සෙල්සියස් අංශක -80ක අන්ත සීතලක් දක්වා විහිදී ගිය උෂ්ණත්ව පරාස මධ්‍යයෙයි. මෙම අභ්‍යවකාශ මෙහෙයුමෙන් අනාවරණය කළේ කුමක්ද?
අඟහරු මත සංකීර්ණ භූවිද්‍යා ක්‍රියාවලීන් සිදු වී ඇති බවට අඟවමින්, රසායනික සංයුතියෙන්, වර්ණයෙන් හා ස්වභාවයෙන් විවිධ වූ පාෂාණ, පස් හා ගගනවාහී ධූලි, කැමරා හා උපකරණ මගින් සොයාගත්තා. අවට භූදර්ශනයේ කුඩා වැලි කඳු සෑදී තිබූ නිසා ඊසාන දිග සුළඟින් ලිහිල් වැලි එකතු වන බවට මෙය සාක්ෂි සැපයුවා. හිමිදිරි පාන්දර ජල අයිස් අංශුවලින් සෑදුණු වලාකුළු අහස් තලයේ හාත්පස පැතිරී ගියා. වලාකුළු විසිරී උදය පැමිණීමත් සමඟ, තුනී ධූලි වායුගෝලයේ පැවතීම නිසාවෙන්, අහස් තලය රතට හුරු පැහැයක් ගැනුණා. විටින් විට ධූලි සුළි සුළං, චණ්ඩ මාරුත හා ධූලිද යානයට ඉහළින් හමා ගියා.
මාස් පාත්ෆයින්ඩ අපට වචනයේ පරිසමාප්තියෙන්ම, පිට සක්වලින් එන අද්දැකීමකින් සංග්‍රහ කර තිබෙනවා. ඊළඟ දශකය තුළ අඟහරු වෙතට තවත් අභ්‍යවකාශ මෙහෙයුම් කිරීමට එක්සත් ජනපදයත් ජපානයත් බලාපොරොත්තු වෙනවා. මාස් ග්ලෝබල් ස’වෙයර් නම් ස්වයංක්‍රීය ගුවන් විමන මේ වන විට වෙනත් විද්‍යාත්මක ගවේෂණ කිරීමට අඟහරු වෙත පැමිණ තිබෙනවා. ඇත්තෙන්ම, රොබෝ අජටාකාශ යානයේ නෙත්වලින් රතු ග්‍රහයා තුළට අප එබිකම් කර බලද්දී අඟහරු අපට වඩාත් සුපුරුදු දසුනක් වේවි.—දායකත්වයක්.
[21වන පිටුවේ පින්තූර]
ගුවන්ගත වීම
ගොඩ බැසීම
අඟහරු මත
[හිමිකම් විස්තර]
සියලු පින්තූර: NASA/JPL