මනුෂ්‍යයන් වන—අපි කවුද?
මිනිසුන්ට අනන්‍යතාව පිළිබඳ ගැටලුවක් තිබෙන බව පේනවා. පරිණාමවාදියෙකු වන රිචඩ් ලීකි මෙසේ නිරීක්ෂණය කරනවා: “සියවස් ගණනාවක් පුරා දාර්ශනිකයන් මනුෂ්‍යත්වයේ විවිධ පැති සැලකිල්ලට භාජන කර තිබෙනවා. නමුත්, මනුෂ්‍යත්වය නමැති ගුණාංගය පිළිබඳව එකඟත්වයකට පත් වූ නිර්වචනයක් නොමැති වීම පුදුමයට හේතුවක්.”
කෙසේවෙතත්, කෝපන්හේගන්හි පිහිටි සත්වෝද්‍යානය, එහි මතය නිර්භීතව ඉදිරිපත් කළේ, එහි අග්‍රේශයන් සිටින ස්ථානයෙහි යම් ප්‍රදර්ශනයක් පෙන්වීමෙනුයි. නයින්ටීන් නයින්ටිසෙවන් බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යිය’ මෙසේ පැහැදිලි කරනවා: “වානරයන් හා මිනිසුන් අතර තිබෙන කිට්ටු ඥාති සම්බන්ධතාව නරඹන්නන්ට සිහිගැන්වීමේ අරමුණින් ඩෙන්මාර්කයේ යුවළක් සත්වෝද්‍යානයේ පිහිටි තාවකාලික වාසස්ථානයක පදිංචි වුණා.”
ඇතැම් සතුන් සහ මිනිසුන් අතර මෙවන් කිට්ටු නෑකමක් ඇති බවට පවතින විශ්වාසය ආශ්‍රේය ග්‍රන්ථවල සනාථ කෙරේ. උදාහරණයක් හැටියට ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසනවා: “අග්‍රේශයන් යනුවෙන් හඳුන්වන ක්ෂීරපායි සතුන්ගේ වර්ගීකරණයට මිනිසුන් ඇතුළු වානරයන්, උණහපුළුවන්, වඳුරන් සහ පාද කූර්චයන් (ටාසියස්) අයත් වෙනවා.”
එහෙත් සත්‍යය වන්නේ, සතුන්ගේ ගතිලක්ෂණ හා සමාන නොවන අසමසම ගතිලක්ෂණ රැසක් මිනිසුන්ට තිබීමයි. මේවා අතර ප්‍රේමය, හෘදය සාක්ෂිය, සදාචාරය, ආධ්‍යාත්මිකත්වය, යුක්තිය, දයාව, හාස්‍ය රසය, නිර්මාණශීලීත්වය, කාලය පිළිබඳ හැඟීම, ස්ව අවබෝධය, සෞන්දර්යාත්මක දේ අගය කිරීම, අනාගතය ගැන සැලකිල්ල දැක්වීම, පරම්පරා ගණනාවක් පුරා දැනුම එක්රැස් කර තැබීමේ හැකියාව හා අපේ පැවැත්මේ අවසානය මරණයෙන් කෙළවර නොවන බවට වූ අපේක්ෂාව යන දේවල් තිබෙනවා.
මේ ගතිලක්ෂණ හා සතුන්ගේ ගතිලක්ෂණ අතර සමානාත්මතාවක් ඇති කිරීමට දරන ප්රයත්නයේදී, ඇතමුන් පරිණාමයේ, මනෝවිද්‍යාවේ හා සමාජ විද්‍යාවේ සංයෝගයක් වන පරිණාමවාදී මනෝවිද්‍යාවට යොමු දක්වනවා. පරිණාමවාදී මනෝවිද්‍යාව මිනිස් ස්වභාවය හා සම්බන්ධ ප්‍රහේලිකාව මත ආලෝකය හෙළා තිබෙනවාද?
ජීවිතයේ අරමුණ කුමක්ද?
“පරිණාමවාදී මනෝවිද්‍යාව උපකල්පනය කර ඇති දේ සරලයි” කියා පරිණාමවාදියෙකු වන රොබට් රයිට් පවසනවා. “වෙනත් ඕනෑම ඉන්ද්‍රියයක් හා සමානව මිනිස් මනසද සැලසුම් කරනු ලැබුවේ ඊළඟ පරම්පරාවට ජාන සම්ප්‍රේෂණය කිරීමේ අරමුණ ඇතුවයි; ප්‍රතිඵලයක් ලෙස එයින් ඇති වන හැඟීම් හා සිතුවිලි වඩාත් හොඳින් අවබෝධ කරගත හැක්කේ එම උපකල්පනය සැලකිල්ලට ගැනීමෙනුයි.” වෙනත් වචනවලින් පවසනවා නම්, අපේ ජාන මගින් පාලනය වන හා අපේ මනසේ ක්රියාකාරිත්වයන් මගින් පිළිබිඹු වන්නාක් මෙන් අපේ ජීවිතයේ සම්පූර්ණ අරමුණ වර්ගයා බෝ කිරීමයි.
පරිණාමවාදී මනෝවිද්‍යාවට අනුව, ඇත්තෙන්ම “මිනිස් ස්වභාවය බොහෝදුරට ජානවල දරුණු ආත්මාර්ථකාමිත්වය මත කේන්ද්‍රගතව තිබෙනවා.” ද මොරල් ඇනිමල් (සදාචාරමය සත්වයා) නමැති පොත මෙසේ පවසනවා: “පුරුෂයන් නිමක් නොමැති ස්ත්‍රීන් ගණනාවක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම ස්වාභාවික වරණයේ ‘වුවමනාවයි.’” මේ පරිණාම සංකල්පයට අනුව, ඇතැම් තත්වයන් යටතේ ස්ත්‍රීන් අනාචාරයේ හැසිරීමද ස්වාභාවික දෙයක් හැටියට සැලකෙන බව පේනවා. දෙමාපියන් දක්වන ආදරය පවා ජනිතයන්ගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරගැනීමට යොදාගැනෙන ජාන මගින් පොලඹවනු ලබන උපාය මාර්ගයක් ලෙස පෙනෙනවා. මේ අනුව, මිනිස් පවුල දිගටම පවත්වාගෙන යෑමට උරුමයෙන් ජානවලින් ලබන දෙයෙහි වැදගත්කම එක් මතයකින් අවධාරණය කෙරෙනවා.
ඇතැම් ආත්මෝපකාරක පොත් දැන් පරිණාමවාදී මනෝවිද්‍යාවේ නව රැල්ලට එකතු වී තිබෙනවා. ඒවායින් එකක මිනිස් ස්වභාවය, “චිම්පන්සියන්ගේ, ගෝරිල්ලන්ගේ හෝ බැබූන්ගේ ස්වභාවයෙන් එතරම් වෙනස් නොවන” දෙයක් ලෙස විස්තර කෙරෙනවා. එහි මෙසේද සඳහන් වෙනවා: “පරිණාමය සම්බන්ධයෙන් ගත් කල, . . . වැදගත්කමක් හිමි වන්නේ ප්‍රජනනයටයි.”
අනිත් අතට, බයිබලය පවසන්නේ දෙවි මිනිසුන්ව මැව්වේ නිකම්ම ජනිතයන් බිහි කිරීමට වඩා වැඩි අරමුණක් ඇතුව බවයි. විශේෂයෙන්ම ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව හා බලය යන දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාව ඇතුව ඔහුගේ “ස්වරූපයෙන්” අපව සාදනු ලැබුවා. කලින් සඳහන් කළ අද්විතීය මිනිස් ගතිලක්ෂණවලට තවත් දේවල් එක් කරන්න; එවිට බයිබලය සතුන්ට වඩා මිනිසුන්ව ඉහළින් තැබීමට හේතු පැහැදිලි වෙනවා. ඇත්තවශයෙන්ම, දෙවි මිනිසුන්ව මැව්වේ සදාකල් ජීවත් වීමේ ආශාව ඇතුව පමණක්ම නොව, නමුත් දෙවි සාදන ධර්මිෂ්ඨ නව ලොවක ඒ ආශාව ඉටුවීමේ ප්‍රීතිය භුක්ති විඳීමේ හැකියාවත් ඇතුව බව බයිබලය හෙළි කරනවා.—උත්පත්ති 1:27, 28; ගීතාවලිය 37:9-11, 29; දේශනාකාරයා 3:11; යොහන් 3:16; එළිදරව් 21:3, 4.
අප විශ්වාස කරන දෙය වෙනසක් ඇති කරයි
අපේ මූලාරම්භය සම්බන්ධයෙන් අපි විශ්වාස කරන දෙය අපි ජීවත් වන ආකාරයට බලපෑම් කළ හැකි නිසා, මේ කාරණය ගැන නිවැරදි දෘෂ්ටිය නිශ්චය කරගැනීම නිකම්ම පොතකට සීමා වූ දෙයකට වඩා බෙහෙවින් වෙනස්. ඔරිජින් ඔෆ් ස්පීසිස් (ජාති සම්භවය) නමැති චාල්ස් ඩාවින්ගේ පොත 1859දී ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළඹුණු නිගමන බොහොමයක්, ඉතිහාසඥ එච්. ජී. වේල්ස් මෙසේ අවධානයට ලක් කළා.
“ප්‍රතිඵලය ලෙස සදාචාරය පිරිහුණා. . . . වර්ෂ 1859න් පසු ඇදහිල්ලේ සැබෑ වැටීමක් සිදු වුණා. . . . දහනවවන සියවසේ අගභාගයේදී සමාජයේ බලපවත්වන පුද්ගලයන් සිතුවේ ඔවුන් ඉදිරියට ඇදී ආවේ පැවැත්ම සඳහා වූ සටන තුළින් කියායි; එම සටනේදී සවිමත් උපායදක්ෂ අය, දුර්වල, මෙන්ම අනුන්ව විශ්වාස කරන අයව අභිභවා යනවා. . . . මිනිසා කියන්නේ ඉන්දියානු දඩයම් බල්ලා හා සමාන සමාජ සත්වයෙක් කියා ඔවුන් තීරණය කළා. . . . මිනිස් රැළේ සිටින ලොකු බල්ලන් බලය පාමින් අනිත් උන්ව යටපත් කර දැමීම හරියි කියා ඔවුන්ට පෙනුණා.”
ඇත්තටම අපි කවුද යන්න පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් දැරීම වැදගත් වන බව පැහැදිලියි. මන්ද, පරිණාමවාදියෙක් ඇසුවාක් මෙන් “සරල හා පැරණි ඩාවින්ගේ පරිණාමවාදය මගින් බටහිර ශිෂ්ටාචාරයේ සදාචාරය බෙලහීන කළා නම්, [පරිණාමවාදී මනෝවිද්‍යාව පිළිබඳ] නව අදහසක් සිත්වලට ගැඹුරින් කාවැදුණොත් කුමක් සිදු වේවිද?”
අපේ මූලාරම්භය සම්බන්ධයෙන් අපි විශ්වාස කරන දෙය, ජීවිතය පිළිබඳව මෙන්ම හරි සහ වැරදි දෙය පිළිබඳව අප දරන මූලික දෘෂ්ටීන්ට බලපාන නිසා, මේ සම්පූර්ණ ප්රශ්නය කිට්ටුවෙන් පරීක්ෂා කර බැලීම වැදගත්.
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ජාති සම්භවය නමැති චාල්ස් ඩාවින්ගේ පොත 1859දී ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළඹුණු නිගමන බොහොමයක්, ඉතිහාසඥ එච්. ජී. වේල්ස් මෙසේ අවධානයට ලක් කළා: “ප්‍රතිඵලය ලෙස සදාචාරය පිරිහුණා . . . වර්ෂ 1859න් පසු ඇදහිල්ලේ සැබෑ වැටීමක් සිදු වුණා”