මුල් බයිබල් පරිවර්තන ආරක්ෂා වෙයි
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල විලියම් ටින්ඩේල්ගේ පරිවර්තනයේ සම්පූර්ණ ලිඛිත ලියවිල්ලේ 1526වන සංස්කරණය 1994/95 යන කාලපරිච්ඡේදයේදී බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ප්‍රදර්ශනය කළා; එය මුද්‍රණය කළේ ඔහු ජර්මනියේ වෝම්ස්හි පිටුවහල් කළ අයෙකු ලෙස සිටි කාලයේදීයි. ආරක්ෂා වී තිබෙන එකම සම්පූර්ණ පිටපත මේ පොත පමණක් බව සැලකූ නිසා එය රුපියල් 9,60,00,000කට ආසන්න මුදලකට එංගලන්තයේ බ්‍රිස්ටල් බැප්ටිස්ට් විද්‍යාලයෙන් මිල දී ගත්තා; එංගලන්තයට රහසිගතව ගෙනෙන ලද එහි වෙළුම් 3,000ක් හෝ ඊට ආසන්න ගණනක් ලන්ඩනයේ බිෂොප්ගේ පෙලඹීම යටතේ පුලුස්සනු ලැබුවා. කෙසේවෙතත්, මේ සංස්කරණයේ තවත් සම්පූර්ණ පිටපතක් ජර්මනියේ ස්ටූට්ගාට්හි පිහිටි පුස්තකාලයකින් මතු වී තිබෙනවා. වැරදි ලෙස නම් කර, අවුරුදු සිය ගණනාවක සිට නොසලකා හැර තිබූ එහි, මුල්ම පිටකවරය විතරක් නොවෙයි, විස්තර ඇතුළත් පිටුවද ආරක්ෂා වී තිබෙනවා.
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඔක්ස්ෆඩ්හි හ’ට්ෆෝඩ් විද්‍යාලයේ විදුහල්පතිගේ, කාර්යමණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ කාරුණික අවසරය ඇතුව
© Württ. Landesbibliothek/Fotograf: Joachim Siener