“ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත”—ඔබ අසමත් වෙනවාද?
ප්‍රේමය යනු කුමක්ද? ලොව පුරාම, සැබෑ ප්‍රේමයේ වටිනාකම හුවා දක්වන හිතෝපදේශයන් තිබෙනවා. “ප්‍රේමය මොන තණකොළය උඩ වැටෙනවාද කියන එක තෝරගන්නේ නැහැ” කියා සූලු හිතෝපදේශයක් පවසනවා. පිලිපීනයේ වැසියන් පවසන්නේ “ජීවිතයේ ලුණු ප්‍රේමය” කියායි. “ප්‍රේමය දෝෂ නොසලකා හරින අතර වෛරය සුළු වැරදි ලොකු කර දක්වයි” කියා ලෙබනන් හිතෝපදේශයක් ප්‍රකාශ කරනවා. අයර්ලන්ත කියමනත් එවැනිමයි, “ප්‍රේමය අප්‍රසන්නබව වසාලයි.” “ප්‍රේමය යෝධයෙකුටත් වඩා ශක්තිමත්” බව වේල්ස් වැසියන් පවසනවා. නෝර්වේ ජාතිකයන් පවසන්නේ, “ප්‍රේමය ලැබීම සැමවිටම ප්‍රියකරුයි” කියායි. ඉංග්‍රීසි පුද්ගලයෙක් මෙසේ පැවසිය හැකියි; “ප්‍රේමයේ අල්පයක් නීති සමුදායකට වඩා වටිනවා.” ස්පාඤ්ඤයේ මෙවැනි කියමනක් තිබෙනවා; “සැබෑ ප්‍රේමය මරණය දක්වා පවතිනවා.”
නිසැකවම, අපි කොතැනකට ගියත් ප්‍රේමය අගැයෙනවා. බයිබල් ලේඛක පාවුල්, ජීවිතයේ සැබෑ වෙනසක් සිදු කළ හැකි ප්‍රේමය මෙසේ විස්තර කර තිබෙනවා: “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.”—1 කොරින්ති 13:4-8.
ඔව්, “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” ප්‍රේමය සුවය ගෙන දෙනවා. ප්‍රේමය එක්සත් කරවනවා. වචනයෙන් පමණක් නොව නමුත් පරාර්ථකාමී ක්‍රියා මගිනුත් ප්‍රේමය පෙන්වනු ලබනවා. ප්‍රේමයට පවිත්‍ර චේතනාවක් තිබෙනවා. මෙබැවින්, පාවුල් මෙසේද ලිව්වා: “මා සන්තක සියල්ල දිළිඳුන් [වෙනත් අය, NW] පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.” අනිත් අයට පෙනෙන්න විතරක් අපි පරිත්‍යාගයන් කරනවා නම් හෝ තෑගි දෙනවා නම් දෙවිගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල එය නිෂ්ඵල දෙයක් වෙනවා.—1 කොරින්ති 13:3.
යේසු එය මෙසේ දක්වනවා: “නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස . . . වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා.” ඔව්, ප්‍රේමය කිසිකලක පුරසාරම් දොඩන්නේ හෝ පාරට්ටු කරගන්නේ හෝ නැහැ.—මතෙව් 6:2, 3.
වංචාවෙන් තොර ප්‍රේමය පෞද්ගලික වාසිය හොයන්නේ නැහැ. සැබෑ ප්‍රේමය පුද්ගලයෙකු සමඟ ආශ්‍රය ප්‍රබෝධවත් කරනවා. (මතෙව් 11:28-30) අන්‍යයන් සඳහා අපට තිබෙන්නේ මොන වගේ ප්‍රේමයක්ද කියා සිතා බැලීමට මතු දැක්වෙන නිර්නාමික උපුටා දැක්වීම අපට සලස්වනවා: “ප්‍රේමය නැති ධර්මිෂ්ඨකම අපව දැඩි පුද්ගලයන් කරවනවා. ප්‍රේමය නැති ඇදහිල්ල අපව ධර්මයෙන් උමතුවූවන් කරවනවා. ප්‍රේමය නැති බලය අපව දරුණු කරවනවා. ප්‍රේමය නැති වගකීම අපව හිතුවක්කාර කරවනවා. ප්‍රේමය නැති පිළිවෙළ අපව අනුකම්පාවක් නැත්තවුන් කරවනවා.”
නීතිවලට විතරක් වැඩ කරන ජනයා ප්‍රේම රහිත වීමේ උගුලට වැටෙන්න පුළුවන්. අපි පාවුල්ගේ මෙම අවවාදයට එකඟව ජීවත් වෙනවා නම් අපි සියලුදෙනාටම මොනතරම් දිරිගැන්වීමක් ලැබිය හැකිද: “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ලට උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.”—කොලොස්සි 3:12-14.
[15වන පිටුවේ පින්තූර]
සැබෑ ක්‍රිස්තියානීන් යේසු ඉගැන්වූ ලෙස ප්‍රේමය ක්‍රියාවට නංවනවා