ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 3/8 3 පි.
  • අපරාධ නොතිබූ කාලයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපරාධ නොතිබූ කාලයක්
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපරාධ පටන්ගත්තේ කොතැනින්ද?
  • අපරාධවලට එරෙහිව කරන සටන පරාජය වෙමින්
    1998 පිබිදෙව්!
  • අපරාධ අවසන් කිරීමට පොරබැදීම
    1996 පිබිදෙව්!
  • අපරාධ අවසන් කරන ආණ්ඩුවක් අවසානයේදී
    1996 පිබිදෙව්!
  • අපරාධවලට නිමාවක් තිබෙනවාද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 3/8 3 පි.

අපරාධ නොතිබූ කාලයක්

අපරාධ නැති ලොවක් ගැන ඔබට සිතාගන්න පුළුවන්ද? දිනපතා පළවන සූට්ඩොයිච ට්සයිටුං නම් ජර්මන් පුවත්පතෙහි පැමිණි ඒවා වැනි පුවත් වාර්තා ඔබ කියවා ඇත්නම් එසේ සිතාගන්න බැරි වෙයි: “අපරාධ පිළිබඳ හදාරන ප්‍රවීණයන් අපරාධවල නව පරිමාණයක් ගැන කතා කරනවා. ඔවුන්ගේ භාෂාව පෙරනිමිතිවලින් පිරී තිබෙනවා; ඔවුන් ඉදිරිපත් කරන පින්තූරය ඉතා භයානකයි.”

යුරෝපීයයන් දහස්ගණනක් පිළිබඳව 1995දී කළ සමීක්ෂණයකට අනුව, අපරාධවලට ගොදුරු වීම සම්බන්ධයෙන් හැම කෙනෙකුම පාහේ කනස්සල්ලට පත් වෙනවා. ජර්මනිය, නෙදර්ලන්තය, පෝලන්තය, රුසියාව හා එක්සත් රාජධානිය තුළ, ජනයා වැඩියෙන්ම භය වන දේවල් අතුරෙන් ඉහළින්ම තිබෙන්නේ අපරාධයි. ඩෙන්මාර්කය, ෆින්ලන්තය හා ස්විට්සර්ලන්තය අපරාධවලට භය සම්බන්ධයෙන් දෙවන තැන ගන්නා අතර, ප්‍රංශය, ග්‍රීසිය හා ඉතාලිය තුන්වන තැන ගනියි. සමීක්ෂණයට ලක් කළ ජාතීන් 12න් වැඩියෙන්ම භය වන හේතු තුන අතරට අපරාධ ලැයිස්තුගත නොකළේ ස්පාඤ්ඤය පමණයි.

නැඟෙනහිර යුරෝපයේ පසුගිය වසර හත පුරා බලා ඉන්දැද්දී අපරාධ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මේ රටවල් ගණනාවක, වැඩිවීම සියයට 50 සහ 100 අතරේ තිබුණු අතර, වෙනත් රටවල්වල, එය සියයට 193 සිට 401 දක්වා දිවයනවා!

එහෙත්, එක කාලෙක, අපරාධ-තොර ලොවක් තිබුණා. කවදාද ඒ? කොහොමද ඒ ලොව විනාශ වුණේ?

අපරාධ පටන්ගත්තේ කොතැනින්ද?

අපරාධ, “දැඩි ලෙස නීති උල්ලංගනයක්” වශයෙන් නිර්වචනය කර තිබෙන එයට ආත්ම විෂයෙහි පටන්ගැන්මක් තිබෙනවා. පළමු මිනිසුන් වූ ආදම් හා ඒවව මවා තිබුණේ අපරාධවලට ප්‍රවණතාවක් ඇතුව නොවන අතර, මිනිස් සමාජය තුළට අපරාධ හඳුන්වා දීම සඳහා ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුද නොවේ. දෙවිගේ පරිපූර්ණ ආත්ම පුත්‍රයෙක් තම හෘදයෙහි වැරදි සිතුවිලි හටගැනීමට ඉඩහැර, ඉන්පසු තව තවත් එය වැඩෙන්න සැලැස්වූ විට, අපරාධවලට මං සැලසුවා. අපරාධ-තොර මුල් ලෝකය දූෂණය කිරීම සම්බන්ධයෙන් එම තැනැත්තා වගකිව යුතුයි. දෙවිගේ නීති කඩ කිරීම මගින්, ඔහු ඔහුවම අපරාධකරුවෙකු කරගත් අතර, බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ සාතන් නමැති යක්ෂයා හැටියටයි.—යාකොබ් 1:13-15; එළිදරව් 12:9.

අදෘශ්‍යමාන ස්වර්ගවලදී දෙවිට විරුද්ධව ක්‍රියාමාර්ගයක් දියත් කළ සාතන්, පොළොවේ මිනිසුන්ට ඔහුගේ අපරාධ මාර්ග පැතිරවීමට අධිෂ්ඨාන කරගත්තා. යක්ෂයා මෙය කළේ කොහොමද කියන බයිබල් වාර්තාව කෙටියි; සරලයි; නමුත් සත්‍යයයි. (උත්පත්ති 2-4 දක්වා පරිච්ඡේද) මේ ප්‍රයෝගකාර, අධිමානුෂික අපරාධකරුවා මගින් නොමඟ ගිය ආදම් හා ඒව දෙවිගේ ප්‍රමිති පිළිපැදීම ප්‍රතික්ෂේප කළා. දෙවිට අකීකරු වීමෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වුණා. පසුව, ඔවුන්ගේ කුලුඳුල් පුතා වූ කායින් ඔහුගේ සහෝදරයා වූ ආබෙල්ගෙන් ඔහුගේ ඉතා වටිනාම වස්තුව වූ ඔහුගේම ජීවිතය සොරාගත් විට ඔවුන් භයෙන් තැතිගත් බවට සැකයක් නැහැ!

මෙලෙස, පොළොව ජනාවාස කිරීමට සිටි මුල් හතරදෙනාගෙන් තුන්දෙනෙක් අපරාධකරුවන් බවට පත් වුණා. මේ හේතුවෙන් ආදම්, ඒව හා කායින්, අපරාධ-තොර ලොවක ජීවත් වීමට තිබූ තම ප්‍රස්තාව නැති කරගත්තා. මේ තරම් කාලයක් ගෙවී තිබෙද්දී, එවැනි ලොවක් දැන් අත ළඟයි කියා අපට ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න