වෙනස් වන ආකල්ප අලුත් ප්‍රශ්න පහළ කරයි
“ලිංගික විප්ලවය,” “ලිංගික ස්ඵෝටනය,” “සදාචාර විප්ලවය.” විශේෂයෙන්ම, 1960 මැද භාගයේ සිට එවැනි වදන්, ලිංගික හැසිරීමේ වෙනස් වන ආකල්ප ප්‍රසිද්ධියට පත් කළා. බොහෝදෙනෙක්, විවාහය සහ කන්‍යාභාවය හෙළා දකින ජීවන රටාවක ගතිපැවතුම් විදහන “නිදහස් ආලය” කියන උද්යෝග පාඨය තමන්ට ඈඳාගත්තා.
කර්තෘ අ’න’ස්ට් හෙමිංවේ මෙහෙම කියනවා: “යම් ක්‍රියාවකට පසුව ඔබට යහපත් ගතියක් දැනේ නම් එය සදාචාරයයි; එහෙත් යම් ක්‍රියාවකට පසුව ඔබට නරකක් දැනේ නම් එය දුරාචාරයයි.” ඔහුගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය, ලිංගික නිදහස සහ තෘප්තිය බලාපොරොත්තුවෙන් සිටින අයගේ ආකල්පය මනාව සාරාංශ කර දක්වනවා වෙන්න පුළුවන්. මේ දර්ශනයට එකඟ වීමෙන් පෙන්වන්නේ, විවිධාකාර ගැහැනු හෝ පිරිමි එක්ක, කෙටි කාලීන ලිංගික සබඳතා පවත්වමින්, ඔවුන්ගේ කම් සැප උරගා බලනවා යන්නයි. ලිංගික “තෘප්තියට” සීමාව දන්නේ නැහැ. එම දශකයේදීම හඳුන්වා දුන් උපත් පාලන පෙති, නොහික්මුණු ලිංගික අත්හදා බැලීම් සඳහා තවදුරටත් දායක වුණා.
ඒ කෙසේවෙතත්, ඒඩ්ස් සහ වෙනත් ලිංගිකව පැතිරෙන රෝග, මේ ඉවක් බවක් නැති ජීවන රටාවේ බූදලය බවට පත් වුණා. සල්ලාල පරම්පරාවක ලිංගික ආකල්ප කම්පිත කළා. “අසූගණන්වල ලිංගිකත්වය—විප්ලවය අවසන්” යන ශීර්ෂ පාඨය අවුරුදු කිහිපයකට කලින් ටයිම් සඟරාව ප්‍රදර්ශනය කළා. බොහෝ අමෙරිකානුවන්ට බලපා තිබූ බහුල ලෙස ව්‍යාප්තව ඇති ලිංගිකව පැතිරෙන රෝග, මෙම ප්රචාරයට මූලික පදනම වුණා. මේ දිනය වෙනකොට, මුළු ලෝකය පුරා ඒඩ්ස් රෝගීන් ගණන ළඟා වී තිබුණා, අතිවිශාල සංඛ්‍යාවක් වන මිලියන 30 දක්වා!
ලිංගිකව පැතිරෙන රෝගවලට තියෙන භය, කෙටි කාලීන ලිංගික සබඳතා සම්බන්ධ ආකල්පයේ, තවදුරටත් වෙනසක් කරන්න පොලඹවා තියෙනවා. ආණ්ඩුවේ සමීක්ෂණයක් ගැන වාර්තාවක් දෙමින්, යූඑස් කියන විනෝදාස්වාදය පිළිබඳ සඟරාවේ 1992 කලාපයක් මෙහෙම සඳහන් කරනවා: “ඒඩ්ස් සහ වෙනත් ලිංගිකව පැතිරෙන රෝගවලට ඇති භය නිසා, තනිකඩ ස්ත්‍රීන් මිලියන 6.8ක් පමණ, තමන්ගේ ලිංගික හැසිරීම සම්බන්ධව වෙනස්කම් සිදු කර තිබේ.” ලිපියට අනුව පණිවිඩය සක්සුදක් සේ පැහැදිලියි: “සංවාසය, බරපතළ දෙයකි. අවදානම කරට ගෙන එහි හවුල් වන්න.”
ලිංගික සබඳතා සම්බන්ධ ආකල්පවලට, මේ ප්‍රචණ්ඩකාරි කාලවල් බලපා තියෙන්නේ කොහොමද? මෑත දශකවලදී නිදහස් ආලයේ ගතිපැවතුම් පෙන්නුම් කළ සාහසික ලිංගික යටත්කමෙන් සහ 80 ගණන්වල ඇති වූ ලිංගිකව පැතිරෙන රෝගවල දුඃඛිත යථාර්ථයන්ගෙන් යම් පාඩම් ඉගෙනගත්තාද? දරු දැරියනට ඔවුන්ගේ ලිංගිකත්වය සමඟ කටයුතු කිරීම සඳහා, රජයේ පාසැල්වලට හඳුන්වා දුන් ලිංගික අධ්‍යාපනය ඔවුන්ට උපකාර කර තියෙනවාද? අදදින ලිංගිකත්වයේ වෙනස් වූ ආකල්පවල අභියෝගයට මුහුණ දෙන්න හොඳම ක්‍රමය මොකක්ද?