ලෝකය දෙස බැලීම
සඳුදා දිනවල ඛේදවාචකයන්
ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ පැවැත්වූ පර්යේෂණයකින් හෙළි කරනු ලැබුවේ මිනිසුන් වැඩියෙන්ම සිය පණ නසාගන්නේ සතියේ දිනවලින් සඳුදා දිනයේදී යයි පෙනෙන්නට තිබෙන බවය. ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්, පුවත්පතේ වාර්තා කළ පරිදි, 1981 සහ 1990 අතර ඕස්ට්‍රේලියාවෙහි 19,425දෙනෙක් සිය පණ නසාගත්හ. ස්ත්‍රීන් සඳහා සිය දිවි නසාගැනීමේ අනුපාතය සතිය පුරාම නොවෙනස්ව පැවති නමුත්, පුරුෂයන් සඳහා සඳුදා දිනවල සැලකිය යුතු ලෙස එය වැඩි වීමට නැඹුරුවාවක් තිබුණි. ඉන්පසු සතියේ ඉතිරි දිනවල එය ක්‍රමක්‍රමයෙන් අඩුවිය. විශාල ලෙස දායක වූ හේතුවක් වශයෙන් සඳහන් වූයේ යළි වැඩට යෑමය. ප්‍රසිද්ධ නිවාඩු දිනය වැටී තිබූ සඳුදා දිනවල සිය පණ නසාගැනීමේ සංඛ්‍යාව අඩු වූ නමුත්, ඊළඟ දිනයේදී, එනම් අඟහරුවාදා එය නැවත වැඩි විය. සිය පණ හානි කරගැනීම්වලින් වැඩි කොටසක් සිදුවන්නේ පස්වරු කාලයේදීය, එනම් කාන්සා සහිත හැඟීම් උග්‍රවන විට සහ සන්ත්‍රාසවත් හැඟීම්වලින් පහර ලැබෙන විට යයි වෙනත් අධ්‍යයනයන් මගින් හෙළි කරනු ලැබීය. සඳුදා දින හෘදයාබාධ සඳහාද දරුණුම දිනය වේ. හෘදයාබාධ 6,000 සම්බන්ධයෙන් එක් අධ්‍යයනයක් පෙන්නුම් කළේ, ඉරිදා දිනවල සියයට 12 සමඟ සැසඳූ විට සඳුදා දිනවල සියයට 18ක් වූ බවය. වැඩට නොයෑමද සඳුදා දිනවල උච්ච වේ.
ක්ෂය රෝගය වැඩිවෙමින් පවතී
දැනට ලෝකයේ පවතින ඉතාමත්ම මාරාන්තික රෝගය ක්ෂය රෝගය බවට, ඩාගෙන්ස් නියූහෙටර් නමැති ස්විඩන් දෛනික පුවත්පත වාර්තා කරයි. ඒඩ්ස්වලින්, කොළරාවෙන් සහ මැලේරියාවෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මියගියාටත් වඩා 1992දී, එමගින් 30,00,000ටත් වඩා ජනයා මියගියහ. ක්ෂය රෝගය පැතිර යෑම වළක්වනු වස් වෑයමක් වශයෙන්, ජගත් සෞඛ්‍යය සංවිධානය මෑතකදී ලන්ඩන් නුවර සම්මේලනයක් පැවැත්වීය. අසංවර්ධිත රටවලට විශේෂයෙන් පහර දෙන, මෙම රෝගය බරපතළ සමස්ත ලෝක වසංගතයක් බවට සැල කළේය. එහෙත් කාර්මික දියුණුව ඇති රටවලද එය වැඩි වර්ධනය වෙමින් පවති, සංචාරය කිරීම හා සංක්‍රමණය වීම වැඩිවීම මීට හේතුවේ. ඉතාමත්ම සාමාන්‍ය ආකාරයේ TB (ක්ෂය රෝගය) වැළඳී ඇති අයගෙන් සියයට 95ක් සුව කළ හැකි නමුත්, වඩා අලුත් සහ ඖෂධවලට වැඩි ප්‍රතිරෝධයක් දක්වන රෝගීන් සුව කළ හැක්කේ සියයට 40කටත් වඩා අඩුවෙනි.
උපද්‍රවයට පත් රයිනෝ
වර්ෂ 20කට පමණ පෙර, රයිනෝසිරසයන් 65,000ක් පමණ අප්‍රිකාවේ තැනිතලාවල හා වනාන්තරවල ගැවසුණාහ. එහෙත් අදදින මෙම ගණන හුදෙක් 2,500ටත් වඩා අඩුවී ඇති අතර, හොර දඩයක්කාරයන් ප්‍රධාන වරදකරුවන්ය. සිම්බාබ්වෙහි පමණක් 1990දී 2000ටත් වඩා සිටි රයිනෝ ගහණය 500ටත් වඩා අඩුවී ඇත. “ලෝකයේ වෙනත් කිසිම විශාල සිවුපාවෙකු මෙතරම් මහත් ලෙස ඝාතනයට පාත්‍ර වී හෝ ඉතා ශීඝ්‍රයෙන් අභාවය කරා ගමන් කරමින් සිටින්නේ හෝ නැත,” යයි අවර් ප්ලැනට් සඟරාව සඳහන් කරයි. මෙම තොග ගණන් ඝාතනය හටගන්වන්නේ කුමකින්ද? රයිනෝගේ අං නිසාය. කලු රයිනෝගේ නාසයෙන් කපන ලද අං යුගළක් ඩොලර් 50,000 වැනි වැඩි මිලකට ‘කලුකඩේ’ විකුණා තිබේ. අපරදිග ඖෂධවල සඳහා යොදාගැනීමට සමහර අං කුඩු කර පිටි බවට පත්කර ඇත. වෙනත් ඒවා කිරිච්චිවල අලංකාර කරන ලද හැඬලයන් සෑදීමට හැඩ කර තිබේ. රයිනෝගේ අං—එනම් උගේ අද්විතීය ආකාරයේ ආරක්ෂකයා—උගේ විනාශය සිදු කිරීමට හේතු වී තිබීම කනගාටුදායක පෙරළියකි.
කැනඩාවේ පළමු පෙළේ ඝාතකයා
කැනඩාවෙහි, හෘද්-වාහිනී රෝග වාර්ෂිකව මරණ 75,000ක් පමණ සිදුකර තිබේ. මෙය “පිළිකාව, ඒඩ්ස් සහ හදිසි අනතුරු හේතුවෙන් ඇති වූ සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩි,” බව දි එඩ්මන්ටන් ජර්නල් සඳහන් කරයි. කැනඩාවේ හෘදයාබාධ හා ආඝාත ආයතනයට අනුව, “ව්‍යායාමයෙන් තොර ජීවනරටාවක් දැන් සලකනු ලබන්නේ දුම්පානය, අධි රුධිර පීඩනය හා අධි රුධිර කොලෙස්ට්‍රොල් වාගේම හානි පැමිණවිය හැක්කක් වශයෙනි.” නිතිපතා ව්‍යායාමය, සෑහෙන දුරකට හෘද රෝග වළක්වන්නක් ලෙසට වැඩි දෙනෙකු වටහාගෙන තිබේ. එහෙත් ටොරොන්ටෝවල වෙල්ස්ලි රෝහලේ ප්‍රධාන හෘද විශේෂඥ ඇන්තනි ග්‍රෙහම් පැවසූ පරිදි, ‘සෞඛ්‍යයට හිතකර ව්‍යායාමයට බලවත් ව්‍යායාමය ඇතුළත් විය යුතු බවට ඒත්තුගැනීමක්’ තිබේ. කෙසේවුවද, ඔහු මෙසේද පැවසීය: “බලවත්කම බොහෝ අඩු ව්‍යායාමයෙන්, ඔබට සැලකිය යුතු ප්‍රමාණයකට ක්‍රමානුකූල ප්‍රයෝජන ලබාගත හැක.” ජර්නල් පුවත්පත වාර්තා කළේ “හෘද රෝග වැළැක්වීම සඳහා ඇවිදීම, වත්තේ වැඩ කිරීම, ගෙදරදොර වැඩ කිරීම හා නැටීම වැනි අධික ප්‍රබලතාව-අඩු ව්‍යායාමයෙන් ප්‍රයෝජන තිබෙන බවට විද්‍යාව ඔප්පුකර ඇති,” බවය.
ආසියාතික ස්ත්‍රීහු වැඩිකල් ජීවත්වෙති
චයිනා ටුඩේ සඟරාවට අනුව, පසුගිය වර්ෂ 20 තුළදී හොංකොංවල ස්ත්‍රීන් සඳහා ජීවිත අපේක්ෂාව නොවෙනස්ව වැඩිවී ඇත. හොංකොං ස්ත්‍රීන් සඳහා 1971දී අපේක්ෂා කළ ජීවිත කාලය වර්ෂ 75.3ක් විය. වර්ෂ 1981දී එය 78.5 දක්වා ඉහළ ගියේය. තවද 1991දී එය 80.6 යන උපරිම සංඛ්‍යාවට පත්විය. මෙම වැඩි දියුණුවට දායක වී තිබෙන්නේ වඩා හොඳ පෝෂණය හා වැඩි දියුණු කළ වෛද්‍ය සේවාවන්ය. පොදු වශයෙන් ගත් කල, ආසියාතික ස්ත්‍රීන් සාමාන්‍ය-ජීවිත අපේක්ෂාවකට වඩා වැඩි කලක් ජීවත්වන බව පෙනෙන්නට තිබේ. තායිවානයේ ස්ත්‍රීන්ට වර්ෂ 77ක් පමණ ජීවත්වීමට අපේක්ෂා කළ හැක. සිංගප්පූරුවේදී ස්ත්‍රීන් සඳහා ජීවිත අපේක්ෂාව වර්ෂ 76ක් පමණ වන අතර, චීන සමූහාණ්ඩුවේදී එය වර්ෂ 71කි. චයිනා ටුඩේ සඟරාව සඳහන් කරන්නේ “ජපන් ස්ත්‍රීන් තවමත් වර්ෂ 83ක වැඩිම කලක් ජීවත්වීමේ පෙරමුණෙහි සිටින බවය.”
ප්‍රචණ්ඩ ක්‍රීඩා
අදදින යෞවනයන් අතර නව ප්‍රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා ගණනාවක් අතිශයින් ජනප්‍රිය වෙමින් පවතී. එන්ටර්ටේන්මන්ට් වීක්ලි සඟරාවට අනුව, එක ක්‍රීඩාවකට “දුහුල් රාත්‍රි ඇඳුම්වලින් සැරසුණු ස්ත්‍රියකගේ ලේ වෑස්සෙන්නට සලස්වා, එය වයින් බවට පත් කරනු වස් බෙල්ල මිරිකීමේ” දර්ශනයක් ඇතුළත්වේ. තවත් ක්‍රීඩාවක, සිටින්නෝ “ලෝක ව්‍යාප්ත වීදි-සටන් තරඟාවලියක ජනයාව පොඩිපට්ටම් වන තෙක් තදින් දඬුවම් කරති,” යයි ඩේලි නිව්ස් පුවත්පත පවසයි. ඩේලි නිව්ස් පුවත්පතේ “උග්‍ර චිත්ත වේගීය පීඩාව ඇති කරන්නක්” හැටියට තවත් ක්‍රීඩාවක් විස්තර කෙරේ. පුවත්පත තවදුරටත් මෙසේ පවසයි: “ශරීරයට පහර ගැසීම් සමඟම ලේ විසිවේ; නපුරු පුද්ගලයා ජයගත් විට ඔහු බොහෝ විට වීරයාගේ හිස කපන අතර, ජයග්‍රාහි අවස්ථාවේදී තවමත් කොඳු ඇට පෙළ සම්බන්ධව තිබිද්දී හිස විජයග්‍රාහි ලෙස ඉහළට ඔසවයි. පරාජය ලබන අනෙක් තරඟකරුවන්ව කණු මත එල්ලීමට හෝ ගින්නට දැමීමට ලක්විය හැකියි.”
ආහාරවලට අසාත්මිකතාව?
දකුණු අප්‍රිකාවෙහි කරන ලද අසාත්මිකතාව පිළිබඳ විශාල අධ්‍යයනයකින් හෙළි කරනු ලැබුවේ පරීක්ෂණයට භාජන කළ ඇදුම රෝගී ළමුන්ගෙන් සියයට 43ක් “සල්ෆර් ඩයොක්සයිඩ්වලට විරුද්ධව ප්‍රතික්‍රියා කළ,” බවට ජොහැනස්බර්ග්හි ද ස්ටාර් පුවත්පත වාර්තා කරන බවය. දකුණු අප්‍රිකාවෙහි, සල්ෆර් ඩයොක්සයිඩ්, ආහාර කල් තබාගන්නක් වශයෙන් පුළුල් ලෙස යොදා ගැනේ. උදාහරණයක් වශයෙන්, සාදන ලද සලාද ප්‍රදර්ශනය කිරීමට තිබෙන තැන්වල සහ සමහර සුපිරි වෙළඳසල්වල එළවලු හා අලුත් පලතුරු දුර්වර්ණවීමෙන් වැළැක්වීම සඳහා, ඒවා මත සල්ෆයිට් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ඉසිනු ලබයි. ඇනූ පාන්පිටි, සිසිල් බීම, වයින් සහ බීර වැනි වෙනත් ආහාරවලටද සල්ෆයිට් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යොදයි. මෙම අධ්‍යයනය මගින් ආහාර පරීක්ෂා කිරීමේ නීති වඩා දැඩි කිරීම සඳහා වැඩි බලපෑමක් සිදුකර ඇත.
ජපානයෙහි ඒඩ්ස්
නිල සංඛ්‍යාවලට අනුව, ජපානයේ ජනාවාසීන් මිලියන 124න්, ඒඩ්ස් වෛරසය සඳහා පරීක්ෂා කරන ලද අයගෙන් ඒඩ්ස් වෛරසය තිබෙන බවට දැක්වූයේ 3,000ටත් වඩා අඩුවෙනි. “එහෙත්, බොහෝ වෛද්‍ය සේවකයන්, තවද ඔවුන්ගෙන් සමහරෙක් සෞඛ්‍යය අමාත්‍යාංශයේ සේවකයන්, පෞද්ගලිකව විශ්වාස කරන්නේ පිළිගත් නිල සංඛ්‍යාවලට වඩා වැඩිය ජපානයේ එයට ගොදුරුවූවන් සිටින බව,” යයි ද ඉකොනමිස්ට් සඟරාව සඳහන් කරයි. එක් ප්‍රවීණයෙකු තක්සේරු කරන්නේ නිල සංඛ්‍යාවලට වඩා සැබෑ සංඛ්‍යා අඩුම තරමින් දහගුණයක්වත් වැඩි බවය. “ජපානයේ හිමොපීලියාවෙන් පෙළෙන්නන්ගෙන් අඩකටත් වඩා HIV වෛරසය ඇති බවට විශ්වාස කෙරෙන අතර, ප්‍රකාශ කරන අන්දමට ඉන් කොටසක්වත් ඇති වන්නේ, රුධිර නිෂ්පාදනයක්, එනම් දූෂිත ෆැක්ටර් 8 නමැති රුධිර නිෂ්පාදනය දීමේ හේතුවෙන් බවයි.” ජපානයේ බොහෝදෙනා, සමලිංගික සංවාසය ඒඩ්ස් පතුරුවා හැරීමේදී සිදුකරන කාර්යභාරය ගැන සාකච්ඡා කිරීමෙන් වළකිති. එහෙත් ඒඩ්ස් පිළිබඳ විපරම් කමිටුවේ ජපානයේ ප්‍රධානියා වන යුවීචි ශියෝකාවා පවසන්නේ, “සමලිංගික සංවාසය විශේෂයෙන්ම පූජක පක්ෂය හා සන්නද්ධ බලඇණිවල පුළුල්ව පැතිර පවතින බවය.”
පීඩිත ජ්‍යේෂ්ඨයෝ
“දරුවන්ව හා නහඹරයන්ව ඉලක්කයේ තබාගෙන, වයසින් වැඩි පුරවැසියන් කෙරෙහි අගය වැඩි දියුණු කර පෙන්වීමට පාසල් වැඩසටහන් නිර්මාණය කළ යුතු,” බව මෑතකදී ද වැන්කුවර් නමැති කැනේඩියානු පුවත්පත සඳහන් කළේය. මන්ද? කැනඩාවෙහි “සෑම වසරකම 65න් ඉහළ අය 3,15,000කට වඩා පීඩා විඳින බවට,” ගණන් බලා ඇතැයි සන් පුවත්පත වාර්තා කරන බැවිනි. එය තවදුරටත් පවසන්නේ “බොහෝ විට පවුල් සාමාජිකයන් විසින් පීඩාව සඟවන බැවින් ගැටලුව ඊටත් වඩා විශාල බවට බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන බවය.” වයසක අය, තමන් ශාරීරික ප්‍රචණ්ඩත්වයෙන්, මානසික පීඩාවෙන් වේදනා විඳින බවත්, අතපසු කර දමා ඇති බවත්, තම මූල්‍යමය දේපොළ අනිසි ලෙස භාවිතයට ගැනෙන බවත් පිළිගැනීමට පසුබසිති. නීතිමය බලතල ඇති වැඩිහිටි දරුවන් විසින් මුදල් හා වත්කම් අනිසි ලෙස භාවිතය නිසා වයසක දෙමව්පියෝ භයෙන් හා ගොදුරුවිය හැකි තත්ත්වයක පසුවෙති. මුදල් සහ දේපොළ නාස්ති කිරීම බොහෝ විට වයසක දෙමව්පියෙකුට බියෙන් සිටින හා පීඩා ලැබිය හැකි තත්ත්වයක තබයි.
රිය පැදවීමෙන් විඩාවට පත්වී?
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි ද ස්ටාර් පුවත්පත පවසන පරිදි, රට තුළ වාහන අනතුරුවලින් තුනෙන් එකක් දක්වා සිදුවන්නේ රියැදුරු විඩාව මගිනි. මත්පැන්වල හෝ මත්ද්‍රව්‍යවල බලපෑම යටතේ රිය පදවනවා හා සමානවම මෙය මාරාන්තික විය හැකිය. රියැදුරු විඩාවේ සමහර ලක්ෂණ නම් වේදනා සහිත හෝ වෙහෙසට පත් ඇස්, දවල්සිහින දැකීම සහ වාහන ගමන්ගත යුතු මායිම්වලින් පිටත වාහන දැමීමය. රිය පැදවීමේදී වෙහෙස දැනීමේ අනතුර වනාහි, ප්‍රමාද වැඩිවන තෙක්ම රියැදුරන් තම තත්ත්වය වටහා නොගැනීම විය හැක. සැබවින්ම ගැටලුව හරිගැස්වීමට සංගීතයට, කෝපිවලට හෝ නැවුම් සුළඟට නොහැකිය. ඇරත්, විඩාවත් සමඟම රිය පැදවීමට වෑයම් කිරීමෙන් සිදුවන්නේ රියැදුරාගේ අවධානය යොමු කිරීමේ මට්ටම පහත බැසීම පමණක් විය හැක. මාර්ග ආරක්ෂාව පිළිබඳ මණ්ඩලය වෙනුවෙන් නියෝජිතයෙක් මෙසේ උපදෙස් දෙයි: “රිය පදවන විට ඔබට වෙහෙස දැනුණහොත් කරන්න තියෙන්නේ එකම දෙයයි—එක විගසම රිය පැදවීම නවත්වන්න. ඔබේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම පාරෙන් ඉවතට හෝ රථවාහන ගාලක් තුළට ගන්න, ඉන්පසු ඔබ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පැමිණියායින් පසුව පමණක් ඔබේ ගමන නැවත අරඹන්න.”
ආහාරය තුළ මිනීමරන්නෙක්
ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රවෘත්ති ලිපියකට අනුව, සෑම වසරකම එක්සත් ජනපදයේ මිලියන 80ක් පමණ දෙනා ආහාර විෂවීමට ගොදුරු වෙති. “එහි ලක්ෂණ බොහෝමයක්—එනම් සීතලයන්, උණ, විවමිෂාව (ඔක්කාරය), කෙණ්ඩා පෙරළීම, පාචනය, වමනය කිරීම—සෙම්ප්‍රතිශ්‍යා ප්‍රදාහය සමඟ ඇතිවන ඒවාට සමාන විය හැකි බැවින් බොහෝ විට ගැටලුව හඳුනාගැනීමට නොහැකි,” යයි ප්‍රවෘත්ති ලිපිය සඳහන් කළේය. සමහරුන් සඳහා මෙම ආහාර විසවීම මාරාන්තික බවට ඔප්පු වී ඇත. එක්සත් ජනපදයේ පමණක්, ආහාර විසවීමේ හේතුවෙන් සෑම වසරකම 9,000දෙනෙක් පමණ මියයති. ටෆ්ට්ස් යුනිවර්සිටි ඩයට් ඇන්ඩ් නියුට්‍රිෂන් ලෙටර් සඳහන් කරන්නේ “ජනයා තම නිවෙස්වලදීම සුදුසු පූර්වෝපායේ පියවරවල් ගතහොත් ආහාර විසවීමෙන් ඇතිවන රෝග සියල්ලෙන් සියයට 85ක් වළක්වාගත හැකි බවට රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන තක්සේරු කර ඇති” බවය. ආහාර පිස පැය දෙකක් ඇතුළතදී සියලුම ආහාර ශීතකරණයේ දැමීම හා ආහාරයට ගැනීමට පෙර සියලුම එළවලු හා පලතුරු සෝදාගැනීම, සඳහන් කළ පූර්වෝපායන්ගෙන් සමහරක්ය. g94 2/22