ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 46 පරි.
  • බීවරයන්ගේ ඉංජිනේරු දස්කම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බීවරයන්ගේ ඉංජිනේරු දස්කම්
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • මුල්ම දැව ප්‍රවාහකයා තවමත් ක්‍රියාශීලීව
    2000 පිබිදෙව්!
  • වියදම බැලුවේ වේල්ල බැඳලයි
    2002 පිබිදෙව්!
  • ජල අර්බුදය විසඳීමට ගෙන තිබෙන පිළියම්
    2009 පිබිදෙව්!
  • වැසි ජලය එක්රැස් කිරීම එදා සහ අද
    2005 පිබිදෙව්!
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 46 පරි.

Troy Harrison/Moment via Getty Images

නිර්මාණයක්ද?

බීවරයන්ගේ ඉංජිනේරු දස්කම්

බීවරයන් කියන්නේ ගංගා ඇළදොළවල් හරස් කරලා වේලි හදන්න අති දක්ෂයන්. උන් හදලා තියෙන සමහර වේලි හරි විශාලයි. මේ වෙද්දී උන් හදපු මීටර් 850ක් (සැ. 0.5ක්) විතර දිග, මීටර් 5.3ක් (අඩි 17ක්) විතර උස වේලිත් හොයාගෙන තියෙනවා. මෙච්චර පුංචි සතෙක් ඒ තරම් ලොකු දෙයක් කරන්නේ කොහොමද?

බීවරයන් ඉස්සෙල්ලාම කරන්නේ කටින් ගස් හපලා ඒවා බිමට වට්ටන එක. සාමාන්‍යයෙන් උන් ඒකට තෝරගන්නේ සෙන්ටිමීටර් 30කට (අඩි 1කට) වඩා අඩු වටප්‍රමාණයක් තියෙන ගස්. ඊළඟට උන් ටිකක් ලොකු ප්‍රමාණයේ අතු ඇදගෙන ගිහිල්ලා ඒවා ගං පතුලේ කෙළින් අතට හිටවනවා. හරියට වැටක ඉණි වගේ. ඊටපස්සේ ටිකක් ළපටි අතු සහ වැල් ඒවා අතරින් වියනවා. වේල්ලේ බර වැඩි කරන්න උන් ඒකට උඩින් ගල් ගොඩගහනවා. ඒ විතරක් නෙමෙයි උන් වේල්ලේ කෙළවරවල් දෙක එක්කෝ ගහක නැත්නම් ලොකු ගලක රඳවනවා. සැඩ පහර වැඩි වෙද්දී වේල්ල කඩාගෙන යන්න ඉඩ තියෙන නිසා උන් වතුර ගලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් මුක්කු විදිහට වේල්ලට ටිකක් ලොකු අතු හිර කරනවා. ඒ වගේම වේල්ලෙන් වතුර කාන්දු වෙන තැන් තිබ්බොත් උන් ඒ තැන්වලට අතු රිකිලි, වල් පැළෑටි සහ මඩ වගේ දේවල් ගහලා ඒ හිඩැස් වහනවා. වතුර ගලාගෙන එන පැත්තෙන් තමයි උන් ඒක කරන්නේ. ඊට අමතරව වැඩිපුර වතුර ගලාගෙන යන්න වේල්ල දෙපැත්තෙන් උන් ඉඩක් ඉතුරු කරනවා. තද වැහි කාලෙට උන් වේල්ල දෙපැත්තේ තියෙන ඒ ඉඩ තවත් වැඩි කරනවා.

බීවරයෙක් හදන වේල්ලක රූප සටහනක්. (1) කෙළින් හිටවන අතු, (2) වියන ළපටි අතු, (3) වේල්ලට හිර කරන ලොකු අතු, (4) ගල්, (5) අතු රිකිලි, වල් පැළෑටි සහ මඩ

පර්යේෂකයන් හොයාගෙන තියෙනවා බීවරයන් හදන වේලි නිසා අවට පරිසරයට ගොඩක් ප්‍රයෝජන තියෙනවා කියලා. උදාහරණෙකට ඒවා නිසා පස හෝදගෙන යන එක අඩු වෙනවා, වතුරේ පිරිසිදුකම වැඩි වෙනවා සහ භූගත ජල මට්ටමත් ඉහළ යනවා. ඒ වගේම කලින් ගිම්හාන කාලේදී හිඳිලා ගිය ඇළදොළවල්වල වේල්ල බැන්දාට පස්සේ අවුරුද්ද පුරාම වතුර ගලාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මේ වේලි නිසා අවට හුඟක් තෙත් බිම් ඇති වෙනවා. ඒවාට වතුර හොඳින් උරාගන්න නිසා ගඟක් පිටාර ගලද්දී වෙන හානිය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ලැව්ගිනි පැතිරෙන එක වළක්වන්නත් මේ තෙත් බිම්වලට පුළුවන්. හුඟක් වනසතුන්ට මේ තෙත් බිම් සොඳුරු නිවහනක්.

එක පරීක්ෂණයකින් ඔප්පු වුණා “බීවරයන් හදන මේ වේලිවල ඉහළ ඉංජිනේරු තාක්ෂණයක් තියෙනවා” කියලා. උතුරු ඇමරිකාවේ පර්යේෂකයනුත් ඒ වේලි අනුකරණය කරලා හුඟක් තැන්වල වේලි හදලා තියෙනවා. ඉතින් හුඟදෙනෙක් බීවරයන්ව පරිසර හිතකාමී ඉංජිනේරුවන් කියලා හඳුන්වන එක පුදුමයක් නෙමෙයි.

බීවරයෙක් වේල්ලක් හදන විදිහ බලන්න

ඔයාගේ නිගමනය මොකක්ද? බීවරයාට මේ තරම් දක්ෂ විදිහට ඉදි කරන්න හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න