ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 44 පරි.
  • හෝමෝනවල අපූරු දස්කම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හෝමෝනවල අපූරු දස්කම්
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ
    2009 පිබිදෙව්!
  • ලෝකය දෙස බැලීම
    1995 පිබිදෙව්!
  • පීඩනයක් දැනෙද්දී වෙන දේ
    2020 පිබිදෙව්!
නිර්මාණයක්ද?
ijwwd 44 පරි.
කාන්තාවක් කණ්ණාඩියෙන් එයාගේ තයිරොයිඩ්වල ප්‍රශ්නයක් තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා.

නිර්මාණයක්ද?

හෝමෝනවල අපූරු දස්කම්

ශරීරයේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙන්න නම් කැල්සියම් වගේ ඉලෙක්ට්‍රොලයිට අපේ ලේවල හරි ගාණට තියෙන්න ඕනේ. හැබැයි ඔයා කන බොන, කරන දේවල් අනුව හැම දවසකම ඔයාගේ ශරීරයට ඇතුල් වෙන ඉලෙක්ට්‍රොලයිට ප්‍රමාණය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රොලයිට ප්‍රමාණය හැම වෙලාවෙම හරි ගාණට තියාගන්න ශරීරය මොනවාද කරන්නේ?

කෙනෙක් නිරෝගී නම් එයාගේ ශරීරය හෝමෝන නිපදවනවා. ඒවා ගබඩා කරනවා සහ ලේවලට මුදාහරිනවා. ඒ විදිහට තමයි ශරීරය ඉලෙක්ට්‍රොලයිට ප්‍රමාණය හරි ගාණට තියාගන්නේ. හෝමෝන කියන්නේ ශරීරයේ විවිධ කාර්යයන් පාලනය කරන රසායනික ද්‍රව්‍යයන්. එක විශ්වකෝෂයක කියනවා “හෝමෝනයක් ඉබේ මුදාහැරෙන්නේ නැහැ. ඒක තිතටම සිද්ධ වෙන, සංකීර්ණ දෙයක්” කියලා.—Encyclopedia Britannica.

උදාහරණෙකට ලේවල තියෙන කැල්සියම් ප්‍රමාණයේ පුංචි හරි වෙනසක් වුණාම බෙල්ලේ තියෙන පැරතයිරොයිඩ් ග්‍රන්ථිවලට පුළුවන් ඒක අඳුරගන්න. ඒ වගේ ග්‍රන්ථි හතරක් තියෙනවා. ඒ හැම එකක්ම හාල් ඇටයක් තරම් පොඩියි.

පින්තූරවල අදහස: තයිරොයිඩ් ග්‍රන්ථියක පින්තූරයක්. 1. තයිරොයිඩ් ග්‍රන්ථිය බෙල්ලේ පිහිටලා තියෙන තැන පෙන්නන, ඉදිරියෙන් ගත්ත පින්තූරයක්. 2. පැරතයිරොයිඩ් ග්‍රන්ථි පෙන්නන තයිරොයිඩ් ග්‍රන්ථියක පිටුපසින් ගත්ත පින්තූරයක්.

සාමාන්‍යයෙන් තියෙන්න ඕන ප්‍රමාණයට වඩා කැල්සියම් ප්‍රමාණය අඩු වෙලා කියලා මේ ග්‍රන්ථිවලට දැනුණාම ඒවා ඉක්මනින්ම, ඒ කියන්නේ තත්පර කීපයක් ඇතුළත හෝමෝනයක් මුදාහරිනවා. ඒ හෝමෝනය ශරීරයේ ඇටවලට සංඥාවක් දෙනවා ඇටවල ගබඩා වෙලා තියෙන කැල්සියම් ලේවලට මුදාහරින්න කියලා. ඒත් එක්කම ඒ හෝමෝනය වකුගඩුවලට සංඥාවක් නිකුත් කරනවා ලේවලින් කැල්සියම් පෙරලා අයින් කරන්න එපා කියලා. කුඩා බඩවැලට දැනුම් දෙනවා කෑමවලින් තව වැඩිපුර කැල්සියම් උරාගන්න කියලා.

හැබැයි ලේවල තියෙන කැල්සියම් ප්‍රමාණය වැඩි වෙද්දී තවත් ග්‍රන්ථියක් වන තයිරොයිඩ් ග්‍රන්ථිය වෙනත් වර්ගයේ හෝමෝනයක් මුදාහරිනවා. ඒ හෝමෝනයෙන් ඇටවලට දැනුම් දෙනවා තව කැල්සියම් උරාගෙන ඒවා ගබඩා කරගන්න කියලා. වකුගඩුවලට දැනුම් දෙනවා සාමාන්‍යයට වඩා වැඩියෙන් කැල්සියම් පෙරලා අයින් කරන්න කියලා.

අපි මේ බැලුවේ මිනිස් ශරීරයේ සිය ගාණක් හෝමෝන අතරින් හෝමෝන දෙකක් ගැන විතරයි. ඒ හෝමෝන හැම එකක්ම නිසා තමයි ශරීරයේ විවිධ ක්‍රියාවලියන් හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ.

ඔයාගේ නිගමනය මොකක්ද? හෝමෝනවලට තියෙන මේ අපූරු හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න