ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 37 පරි.
  • වවුල් මඩුවාගේ ෆිල්ටර් එක

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වවුල් මඩුවාගේ ෆිල්ටර් එක
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • මහ මුහුදේ සැරිසරන මඩුවා
    2000 පිබිදෙව්!
  • විශ්වාසය තියන්න පුළුවන් ආගමක් තියෙනවද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වර්ණවත් කොරල් පර ලෝකය
    1997 පිබිදෙව්!
  • ඔබේ වකුගඩු ජීවිතය සුරැකීමට පෙරහනක්
    1997 පිබිදෙව්!
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 37 පරි.
කටත් ඇරගෙන වවුල් මඩුවා පීනනවා.

Todd Aki/Moment Open via Getty Images

නිර්මාණයක්ද?

වවුල් මඩුවාගේ ෆිල්ටර් එක

වවුල් මඩුවා (මැන්ටා රේ) පීනගෙන යද්දී මුහුදු වතුරයි, ප්ලවාංගයි (ක්ෂුද්‍ර ජීවීන්) උගේ කටට දාගන්නවා. ඒ විදිහට එන ප්ලවාංග උගේ කටේ තියෙන ෆිල්ටර් එකේ වැදිලා උගුරට වීසි වෙනවා. හැබැයි වතුර ෆිල්ටර් එකෙන් පෙරිලා කරමල් හරහා ආයේ මුහුදට යනවා. උගේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියෙනවා. ෆිල්ටර් ඒකේ හිල්වලට වඩා පුංචි ප්ලවාංගවලටවත් බැහැ ඒ ෆිල්ටරෙන් බේරිලා යන්න. විද්‍යාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් වෙන එඩ් යොං ඒ ගැන මෙහෙම කියනවා. “මේක මත්ස්‍ය ලෝකයේ කවදාවත් දැකලා නැති දෙයක්.”

මේ ගැන හිතන්න: වවුල් මඩුවාගේ ෆිල්ටර් එක පේන්නේ හරියට ආරුක්කු පහක් වගේ. ඒවා දෙපැත්තේම දැති තියෙන පනා වගේ. සමහර දැති ඉස්සරහට නැමිලා තියෙනවා. තවත් ඒවා පිටිපස්සට නැමිලා තියෙනවා. ඒ විදිහට පිහිටලා තියෙන දැති නිසා උගේ කටට එන වතුර දෙකට බෙදෙනවා. සමහර වතුර දැතිවලට උඩින් යනවා. සමහර ඒවා දැති අස්සෙන් යනවා. ඒ නිසා ඒ තැන්වල පුංචි පුංචි දිය සුළි ඇති වෙනවා.

ප්ලවාංග හරි වෙනත් ආහාර වර්ග හරි මේ දැතිවල වැදිලා දැතිවලට උඩින් යන වතුර පාරත් එක්ක උගේ උගුරට වීසි වෙනවා. ඊටපස්සේ ඌ ඒවා ගිලිනවා. එතකොට දැති අතරින් යන්න පුළුවන් තරමේ පුංචි ප්ලවාංගවලට මොකද වෙන්නේ? දැති අතරේ ඇති වෙන දිය සුළි නිසා ඒවා ආයෙත් උඩට තල්ලු වෙලා උඩින් යන වතුර පාරත් එක්ක උගේ උගුරට යනවා.

වවුල් මඩුවා කොච්චර වේගයෙන් පීනුවත් ඌ පීනන පැත්තේ ප්ලවාංග පොදිපිටින් හිටියත් මේ ෆිල්ටර් එක නම් කවදාවත් බ්ලොක් වෙන්නේ නැහැ. ඒක ඉබේම පිරිසිදු වෙනවා.

වවුල් මඩුවාගේ මේ ෆිල්ටර් එක ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන් උත්සාහ කරනවා අපිරිසිදු වතුර පිරිසිදු කරන සහ හානිකර ප්ලාස්ටික් අංශු පෙරන ෆිල්ටර් නිර්මාණය කරන්න.

ඔයාගේ නිගමනය මොකක්ද? වවුල් මඩුවාගේ ෆිල්ටර් එක ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක කාගේ හරි නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න