ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 36 පරි.
  • ජපන් ගස් ගෙඹි හඬ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජපන් ගස් ගෙඹි හඬ
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • බිත්තර ගිලින ගෙඹි අම්මා!
    2014 පිබිදෙව්!
  • සකුරා මල් පිපෙන රටට නොසිතූ තෑග්ගක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පළවෙනි පීඩා තුන
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
නිර්මාණයක්ද?
ijwwd 36 පරි.
බෙල්ලේ තියෙන මල්ල පුම්බගෙන ඉන්න ජපන් ගස් ගෙම්බෙක්.

© Kim, Hyun-tae/iNaturalist. Licensed under CC-BY-4.0

නිර්මාණයක්ද?

ජපන් ගස් ගෙඹි හඬ

ගැහැනු සතාව ආකර්ෂණය කරගන්න ජපන් ගස් ගෙම්බන් කෑගහද්දී අපිට හිතෙන්නේ උන් රංචුවම ඔහේ එක දිගට කෑගහනවා කියලයි. ඒත් ඇත්තටම ගෙඹි රංචුවක ඉන්න එක එක පිරිමි සතාව උගේ හඬින් වෙන වෙනම අඳුරගන්න පුළුවන්. මොකද එක පැත්තක ඉන්න ගෙම්බන් හඬ නඟන්නේ නිසි පිළිවෙළකට කියලා ගෙම්බන් ගැන ජපානයේ පරීක්ෂණ පවත්වපු අය කියනවා.

මේ ගැන හිතන්න: ගැහැනු සතුන්ව ආකර්ෂණය කරගන්න පිරිමි සතා හඬ නඟද්දී ඒ ශබ්දය ස්වර තන්ත්‍රවලින් පටන් අරන් උගේ බෙල්ලේ තියෙන පුම්බන්න පුළුවන් මල්ලට ඇතුල් වෙනවා. ඒ මල්ල ඇතුළේ ශබ්දය දෝංකාර දෙන නිසා ඌ නිකුත් කරන හඬ දෙගුණ තෙගුණ වෙනවා.

ගෙම්බන්ගේ හැම පිරිමි සතෙක්වම උගේ ශබ්දයට අනුව වෙන් කරලා අඳුරගන්න පුළුවන්. කොහොමද එහෙම අඳුරගන්නේ? පර්යේෂකයන් හොයාගෙන තියෙනවා එක ළඟ ඉන්න ජපන් ගස් ගෙම්බන් එක පාර ඔහේ කෑගහනවා වෙනුවට උන් ශබ්ද කරන්නේ පිළිවෙළකට, මාරුවෙන් මාරුවට කියලා. ඒ ක්‍රමය නිසා එකම වෙලාවේ උන් හැමෝම එකට කෑගහන්නේ නැහැ. ඒකෙන් එක එක ගෙම්බාගේ හඬ පැහැදිලිව අඳුරගන්න පුළුවන් වගේම කෑගහන්න වැය වෙන ශක්තිය අපතේ යන්නෙත් නැහැ. උන් මාරුවෙන් මාරුවට හඬ නඟන නිසා ඒ අතරමැද උන්ට පොඩි විවේකයකුත් ලැබෙනවා.

මේ ගෙම්බන් මාරුවෙන් මාරුවට හරිම පිළිවෙළකට හඬ නඟන විදිහ අනුකරණය කරලා දත්ත හුවමාරුව තව ඉහළ තැනකට ගේන්න පුළුවන්ද කියලා වයර්ලස් සන්නිවේදනය ගැන පර්යේෂණ කරන අය හොයලා බලනවා. එයාලා උත්සාහ කරන්නේ බාධාවක් නැතුව දත්ත හුවමාරු කරන්න පුළුවන් ක්‍රමයක් හදන්නයි. එතකොට ශක්තිය අඩුවෙන් පාවිච්චි කරලා බාධාවක් නැතුව දත්ත හුවමාරු කරගන්න පුළුවන් වෙයි.

ඔයාගේ නිගමනය මොකක්ද? ජපන් ගස් ගෙම්බන්ට මාරුවෙන් මාරුවට නිසි පිළිවෙළකට හඬ නඟන හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න