ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 95 ලිපිය
  • මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දරාගැනීමේ ශක්තිය කියන්නේ මොකක්ද?
  • ඔයාට දරාගැනීමේ ශක්තිය තියෙන්න ඕනෙ ඇයි?
  • දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
  • අභියෝගවලට මුහුණ දෙන්න
    2019 පිබිදෙව්!
  • පටුන
    2018 පිබිදෙව්!
  • වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
    2016 පිබිදෙව්!
  • වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 95 ලිපිය
ලොකු දුකකින් ඉන්න යෞවනයෙක් ටිකෙන් ටික ගොඩ එමින්.

යොවුන් සිතේ ගැටලු

මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?

ප්‍රශ්න අද්දකින්න වෙද්දී ඔයා ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? සමහරවිට ඔයාටත් මේ වගේ දේකට මුහුණ දෙන්න වෙලා ඇති.

  • ආදරය කරන කෙනෙක්ගේ මරණය

  • කාලයක් පුරා තියෙන අසනීපයක්

  • ස්වාභාවික විපතක්

අපි මුහුණ දෙන ලොකු ලොකු ප්‍රශ්නවලදී විතරක් නෙවෙයි හැම දවසකම මුහුණ දෙන පුංචි පුංචි දේවලදිත් දරාගැනීමේ ශක්තිය ඕන වෙනවා කියලා පර්යේෂකයන් කියනවා. මොකද එහෙම වුණේ නැත්නම් දැනෙන පීඩනය දරාගන්න බැරුව අසනීප වෙන්න වුණත් පුළුවන්. ඒ නිසා ඔයා දැන්මම දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න එක හරිම වැදගත්.

  • දරාගැනීමේ ශක්තිය කියන්නේ මොකක්ද?

  • ඔයාට දරාගැනීමේ ශක්තිය තියෙන්න ඕනෙ ඇයි?

  • දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

දරාගැනීමේ ශක්තිය කියන්නේ මොකක්ද?

දරාගැනීමේ ශක්තිය කියලා කියන්නේ ජීවිතේ එන ප්‍රශ්නවලට, අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න තියෙන හැකියාවට. ඒ හැකියාව තියෙන කෙනෙක්ට වුණත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න, ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ප්‍රශ්න නිසා හිතට යම් වේදනාවකුත් දැනෙයි. හැබැයි ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න දරාගැනීමේ ශක්තිය තියෙන කෙනෙක්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්සරහාට එන ප්‍රශ්නවලට තවත් හොඳින් මුහුණ දෙන්නත් එයා ඉගෙනගන්නවා.

1. කුණාටුවක් අතරතුරේදි පාම් ගහක් එක පැත්තකට නැමිලා තියෙන විදිහ. 2. කුණාටුවෙන් පස්සේ පාම් ගහ ආයෙත් කෙළින් වෙලා තියෙන විදිහ.

ලොකු කුණාටුවක් එද්දී ගස් නැමුණත් කුණාටුවෙන් පස්සේ ඒ ගස් ආයෙත් කෙළින් වෙනවා. ඒ වගේ ඔයාටත් පුළුවන් ඔයාට මුහුණ දෙන්න වෙන කටුක අද්දැකීම්වලින් ගොඩ එන්න

ඔයාට දරාගැනීමේ ශක්තිය තියෙන්න ඕනෙ ඇයි?

  • අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගැටලුවලට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. “වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. . . . මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.” (දේශනාකාරයා 9:11) ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? කිසි වරදක් කරලා නැති හොඳ අයට වුණත් වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා කියන එකයි.

  • ඒකෙන් ඔයාට ආරක්ෂාවක් ලැබෙනවා. පාසැල් උපදේශකයෙක් මෙහෙම කියනවා. “විභාගයකට ලකුණු ටිකක් අඩු වුණු නිසා, සමාජ ජාලා වෙබ් අඩවියක තමන් ගැන දාපු දෙයක් නිසා ගොඩක් දුකෙන් ඉන්න ළමයි නිතරම වගේ මගේ ඔෆිස් එකට එනවා.” ඒ දේවල් එච්චර ලොකු දේවල් නෙවෙයි. ඒත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න එයාලා දන්නේ නැත්නම් “මානසික ගැටලු ඇති වෙන්න වුණත් ඉඩ තියෙනවා” කියලා ඒ උපදේශකයා කියලා තියෙනවා.a

  • ඒක දැනුත් අනාගතයටත් ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. මනෝ වෛද්‍යවරයෙක් වන රිචඩ් ලර්නර් මෙහෙම කියලා තියෙනවා. “යෞවන කාලෙදී බලාපොරොත්තු නොවුණු දේවලට මුහුණ දෙන්න වෙද්දී ඒකෙන් යටපත් වෙන්නේ නැතුව ඉලක්ක ජය ගන්න පුළුවන් අලුත් විදි ගැන හිතන එක හරිම වැදගත්. මොකද ඒක උදව් වෙනවා වැඩිහිටියෙක් වුණාම ඊට වඩා ලොකු ප්‍රශ්නවලට වුණත් සාර්ථකව මුහුණ දෙන්න.”b

දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ප්‍රශ්නයක් ඕනෑවට වඩා ලොකු කරගන්න එපා. ප්‍රශ්නයක් ලොකු එකක්ද පොඩි එකක්ද කියලා හඳුනගන්න ඉගෙනගන්න. බයිබලයේ මෙහෙම කියනවා. “අඥානයා තමාට ගැටලුවක් සිදු වූ දවසේම කෝපය පිට කරයි. එහෙත් බුද්ධිමත්ව කටයුතු කරන තැනැත්තාට අගෞරව කළත් ඔහු නිහඬව සිටියි.” (හිතෝපදේශ 12:16) සිද්ධ වෙන හැම දෙයක්ම හිතට ගන්න තරම් ලොකු ප්‍රශ්න නෙවෙයි.

    “ඉස්කෝලේ ළමයි පුංචි පුංචි ප්‍රශ්න බොරුවට ලොකු කරගන්නවා. සමාජ ජාලා වෙබ් අඩවිවල යාළුවෝ ඒ ගැන දාන කමෙන්ට්ස් හින්දා එයාලා තවත් ඇවිස්සෙනවා. අන්තිමේදී වෙන්නේ කෙන්දක් වගේ තියෙන ප්‍රශ්නයක් කන්දක් වගේ වෙන එක විතරයි.”—ජොඈන්.

  • අනිත් අයගේ අද්දැකීම්වලින් ඉගෙනගන්න. බයිබලයේ මෙහෙම කියනවා. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.” (හිතෝපදේශ 27:17) ජීවිතේ හුඟක් කටුක අද්දැකීම්වලට සාර්ථකව මුහුණ දීලා තියෙන අයගෙන් ඔයාට හුඟක් වටින දේවල් ඉගෙනගන්න පුළුවන්.

    “ඔයා අනිත් අයත් එක්ක කතා කරද්දී ඔයාට තේරෙයි එයාලා ගොඩක් ප්‍රශ්න, අභියෝගවලට මුහුණ දීලා තිබුණත් දැන් සතුටින් ඉන්නවා කියලා. එයාලා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න කළේ මොනවාද, කළේ නැත්තේ මොනවාද කියලා එයාලගෙන් අහලා බලන්න.”—ජූලියා.

  • කාලයට ඉඩ දෙන්න. බයිබලයේ කියනවා “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියලා. (හිතෝපදේශ 24:16) බලාපොරොත්තු නොවුණු දේකට මුහුණ දෙන්න වුණාම ඒකෙන් ගොඩ එන්න කාලයක් යයි. සමහර වෙලාවට ඔයාට ලොකු දුකක් දැනෙයි. හැබැයි ඒ ගැනම හිතහිත ළත වෙන්නේ නැතුව ඒකෙන් ගොඩ එන්න බලන්න.

    “ජීවිතේ කටුක අද්දැකීමකට මුහුණ දුන්නාම ඒ දුක දවසින් දෙකින් නැති වෙලා යන්නේ නෑ. දුක තුනී වෙන්න කාලයක් යයි. කාලයත් එක්කම හිත හදාගෙන ආයෙත් සතුටින් ඉන්න පුළුවන් කියලා මං අද්දැකලා තියෙනවා.”—ඇන්ඩ්‍රියා.

  • තියෙන දේවල් ගැන අගයක් ඇති කරගන්න. බයිබලයේ කියනවා “ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි” කියලා. (කොලොස්සි 3:15) ඔයා කොච්චර ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙමින් හිටියත් අනිවාර්යයෙන්ම ඔයාට සතුටු වෙන්න හේතුත් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නෙකට මුහුණ දෙමින් ඉද්දීත් ඔයාට සතුටු වෙන්න තියෙන හේතු තුනක් ගැනවත් හිතන්න.

    “ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී ඔයාට හිතෙයි ‘ඇයි මටම මෙහෙම වෙන්නේ’ කියලා. හැබැයි දැනටමත් ඔයාට තියෙන දේවල් ගැන අගයක් ඇති කරගන්නවා නම්, කරන්න බැරි දේවල් ගැන හිතනවා වෙනුවට කරන්න පුළුවන් දේවල් ගැන හිතනවා නම් දේවල් හොඳින් දරාගන්න ඔයාට පුළුවන් වෙයි.”—සමන්තා.

  • සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න. බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් කිව්වා “මම කවර තත්වයක සිටියත් ඉන් සෑහීමට පත් වීමට ඉගෙනගෙන සිටිමි” කියලා. (ෆිලිප්පි 4:11) පාවුල් මුහුණ දුන්නු හැම කටුක දෙයක්ම වළක්වන්න එයාට පුළුවන් වුණේ නැහැ. හැබැයි ඒ දේවල් ගැන හිතන විදිහ පාලනය කරගන්න එයාට පුළුවන්කම තිබුණා. ඒ නිසා මොන තත්වෙක හිටියත් සෑහීමට පත් වෙලා ඉන්න පාවුල් අදිටන් කරගෙන හිටියා.

    “මං ප්‍රශ්න දිහා බලන විදිහේ අවුලක් තියෙනවා කියලා මට තේරුණා. ඒ නිසා මං හිතුවා මොන ප්‍රශ්නේ ආවත් හිතට ධෛර්යය අරන් සන්සුන්ව ඒකට මුහුණ දෙන්න ඕනෙ කියලා. ඒක මට විතරක් නෙවෙයි මාව ආශ්‍රය කරන අයටත් ලොකු සහනයක් වෙයි.”—මැතිව්.

  • යාච්ඤා කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.” (ගීතාවලිය 55:22) යාච්ඤාව කියන්නේ අපි ගැන ගොඩක් “සැලකිලිමත් වන” අපේ නිර්මාතෘ එක්ක කතා කරන එකටයි. (1 පේතෘස් 5:7) ඒක නිකම්ම හිත සැහැල්ලු කරගන්න කරන දෙයක් නෙවෙයි.

    “ප්‍රශ්න එද්දී මං තනි වෙලා කියලා මට හිතෙන්නේ නෑ. මොකද හිතේ තියෙන හැම දේම මං යෙහෝවා දෙවියන්ට කියනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් මට ආශීර්වාද කරලා තියෙන පැති ගැන හිතලා ඒ ගැනත් මං ඔහුට ස්තුති කරනවා. ඒ දේවල් ගැන හිතන එක මට උදව් වෙලා තියෙනවා අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ එන්න. මට නම් යාච්ඤාව කියන්නේ නැතුවම බැරි දෙයක්.”—කාලොස්.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

සෙරාහි.

“අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා හැම දවසකම අපි අතින් වැරදි වෙනවා. ඒක වළක්වන්න කාටත් බෑ. හැබැයි අපිට වැරදුණු තැන්වලින් පාඩමක් ඉගෙනගත්තොත් දරාගැනීමේ හැකියාව වැඩි කරගන්න අපිට පුළුවන්. ඒ විදිහෙම ප්‍රශ්නෙකට ආයෙත් මුහුණ දෙන්න වෙද්දී ‘කලින්ට වඩා හොඳින් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න නම් කරන්න ඕනෙ මොනවාද’ කියලා හිතලා බලන්න අපිට පුළුවන්.”—සෙරාහි.

ඉසබෙල්.

“‘කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද’ කියලා මතෙව් 6:27 යේසුස් කියලා තියෙනවා. ඒක මං ආසම බයිබල් පදයක්. සමහර වෙලාවට දැන් මුහුණ දෙන ප්‍රශ්නේ ගැන හිතනවා වෙනුවට ‘මෙහෙම වුණොත්, අරහෙම වුණොත්’ කියලා හිතලා තාමත් වෙලා නැති දේවල් ගැන මං කනස්සලු වෙනවා. ඒත් වළක්වන්න බැරි දේවල් ගැන ළත වෙන එකෙන් කිසිම හොඳක් වෙන්නේ නෑ. ඒ නිසා මං දැන් උත්සාහ කරන්නේ තියෙන ප්‍රශ්නේ ගැන විතරක් හිතන්න.”—ඉසබෙල්.

සාරාංශය: දරාගැනීමේ ශක්තිය වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

  1. 1. ප්‍රශ්නයක් ඕනෑවට වඩා ලොකු කරගන්න එපා. ප්‍රශ්නයක් ලොකු එකක්ද පොඩි එකක්ද කියලා හඳුනගන්න ඉගෙනගන්න.

  2. 2. අනිත් අයගේ අද්දැකීම්වලින් ඉගෙනගන්න. කටුක අද්දැකීම්වලට සාර්ථකව මුහුණ දීලා තියෙන ඔයාගේ දෙමාපියන් එක්ක හරි විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක හරි එයාලා මුහුණ දීපු දේවල් ගැන කතා කරන්න.

  3. 3. කාලයට ඉඩ දෙන්න. බලාපොරොත්තු නොවුණු දේකට මුහුණ දෙන්න වුණාම ඒකෙන් ගොඩ එන්න කාලයක් යයි. ඒ නිසා වුණු දේ ගැන විටින් විට ඔයාට දුකක් දැනුණත් ඒ ගැන කලකිරෙන්න එපා.

  4. 4. තියෙන දේවල් ගැන අගයක් ඇති කරගන්න. ඔයා කොච්චර ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙමින් හිටියත් අනිවාර්යයෙන්ම ඔයාට සතුටු වෙන්න හේතුත් තියෙනවා.

  5. 5. සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න. මුහුණ දෙන්න වෙන දේවල් වළක්වන්න අපිට බැහැ. හැබැයි ඒ දේවල් ගැන හිතන විදිහ පාලනය කරගන්න අපිට පුළුවන්.

  6. 6. යාච්ඤා කරන්න. අපි ගැන ගොඩක් “සැලකිලිමත් වන” අපේ නිර්මාතෘ එක්ක කතා කරන එකට තමයි යාච්ඤාව කියලා කියන්නේ.—1 පේතෘස් 5:7.

a තෝමස් කර්ස්ටිං විසින් ලියපු Disconnected කියන පොතෙන්.

b The Good Teen—Rescuing Adolescence From the Myths of the Storm and Stress Years කියන පොතෙන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න