ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 7 ලිපිය
  • ඔහු සිරකරුවන්ගෙන් ඉගෙනගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔහු සිරකරුවන්ගෙන් ඉගෙනගත්තා
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • සැම විටකදීම රාජ්‍යයේ බීජ වැපිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී
    2002 පිබිදෙව්!
  • ‘මේ ලෝකයේ කොටසක් නොවන’ රාජ්‍යයක් කෙරෙහි බලා සිටීම
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව
    විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි
තව තොරතුරු
අද්දැකීම්
ijwex 7 ලිපිය
සිරකරුවෙක් තවත් සිරකරුවෙක් එක්ක කෑම බෙදාගන්නවා

ඔහු සිරකරුවන්ගෙන් ඉගෙනගත්තා

මේ සිදුවීම වුණේ 2011දී. සරණාගතයෙක් විදිහට එරිත්‍රියාවේ ඉඳලා නෝර්වේවලට ආව කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ වෙලාවේ එයා සාක්ෂිකරුවන්ට කිව්වා එයාට එරිත්‍රියාවේදීත් සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තියෙනවා කියලා. එයා එරිත්‍රියානු හමුදාවේ සේවය කරපු කෙනෙක්. එයා සාක්ෂිකරුවන්ට කිව්වා කොයි තරම් බල කළත්, වධ හිංසා වින්දත් හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා සිරගත කෙරුණ සාක්ෂිකරුවන්ව එයා හමුදාවේ හිටපු කාලේ දැකලා තිබුණා කියලා.

ඒත් හදිසියේ එයාගේ ජීවිතෙත් ලොකු වෙනසක් වුණා. ඒ නිසා එයාටත් හිරේ යන්න සිද්ධ වුණා. පාවුලොස් එයාසු, නෙගේඩේ ටෙක්ලමාරියම් සහ ඉසාක් මොගොස් කියන සහෝදරයන් තුන්දෙනාව එයාට මුණගැහුණේ එහේදී. විශ්වාසය පාවා නොදුන් නිසා 1994 ඉඳන් එයාලා ඉන්නේ සිරභාරයේ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අනිත් අයට උගන්වනවා විතරක් නෙමේ එයාලත් ඒ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙනවා හිරේදී එයා ඇස් දෙකෙන්ම දැක්කා. එයා දැක්කා සාක්ෂිකරුවන් කොයි තරම් අවංකද තමන්ට ලැබෙන කෑම බීම අනිත් සිරකරුවන් එක්ක බෙදාගන්න තරම් කොච්චර කරුණාවන්තද කියලා. ඒ වගේම එයාලා සිරකරුවන් හැම දවසකම එකට එකතු වෙලා බයිබලයේ තියෙන දේවල් අධ්‍යයනය කරනවාත් එයාලත් එක්ක හවුල් වෙන්න කියලා අනිත් අයට ආරාධනා කරනවාත් එයා දැක්කා. ඒ විතරක් නෙවෙයි, තවදුරටත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ, සේවය කරන්නේ නැහැ කියලා ලියවිල්ලක අත්සන් කරලා හිරෙන් නිදහස් වෙන්න එයාලට අවස්ථාව තිබුණත් එයාලා එහෙම කළේ නැහැ කියලත් එයා දැක්කා.

හිරේදී දැක්ක මේ දේවල් එයාගේ හිතේ තදින්ම කෙටුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මේ තරම් විශ්වාසයක් තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න නෝර්වේවලට ගියාට පස්සේ එයාට ඕනෙ වුණා. සාක්ෂිකරුවන් එයාට මුණගැහුණ ගමන්ම එයා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නත් එයාලා පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්නත් පටන්ගත්තා.

2018 සැප්තැම්බර් මාසයේදී එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. දැන් එයා ලැබෙන හැම අවස්ථාවකම එරිත්‍රියාවෙන් සහ සුඩානයෙන් නෝර්වේවලට ඇවිත් ඉන්න අයව හම්බ වෙලා එයාලට බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න උනන්දු කරනවා. එයාට ඕනෙ ඒ අයත් යෙහෝවා දෙවියන් ගැන හොඳ විශ්වාසයක් ඇති කරගන්නවා දකින්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න