2026 මාර්තු මාසය වෙද්දී විශ්වාසය නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 275කට වඩා වැඩිදෙනෙක් සිරදඬුවම් විඳිනවා.
සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ 18වෙනි වගන්තියට අනුව කෙනෙක්ට තමන්ගේ හෘද සාක්ෂියට එකඟ දෙයක් විශ්වාස කරන්නත් කැමති ආගමක් අදහන්නත් ඊට එකඟව වැඩ කරන්නත් අයිතිය තියෙනවා කියන දේ තහවුරු වෙනවා. ඒත් සමහර රටවල්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන මේ අයිතිය උල්ලංගනය කරලා තියෙනවා. එයාලට අසාධාරණ සිරදඬුවම් නියම කරලා තියෙනවා. නමස්කාර කටයුතුවල හවුල් වෙන නිසාත් හමුදා සේවය ප්‍රතික්ෂේප කරන නිසාත් නරක විදිහට සලකලා තියෙනවා.
“හිරේ ඉන්න අයව අමතක කරන්න එපා. ඔයාලත් එයාලා එක්ක හිරේ ඉන්නවා කියලා හිතන්න.”—හෙබ්‍රෙව් 13:3.