ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwex 5 ලිපිය
  • වොෂිං මැෂින් එක යට සඟවපු සටහන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වොෂිං මැෂින් එක යට සඟවපු සටහන්
  • අද්දැකීම්
  • සමාන තොරතුරු
  • “මේ වගේ ආදරයක් මට කවදාවත් ලැබිලා නැහැ”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇදහිල්ලෙන් දුෂ්කරතා ජයගත් මවක්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න
    අද්දැකීම්
  • කඩිසර ලෙස වැඩ කළ ගෘහණියන්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
අද්දැකීම්
ijwex 5 ලිපිය
වොෂිං මැෂින් එක යට තියෙන පැන්සලක් සහ කොළ කෑලි කිහිපයක්

වොෂිං මැෂින් එක යට සඟවපු සටහන්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණාට පස්සේ සරීනා රුසියාවේ ඉඳන් එයා හැදුණු වැඩුණු මධ්‍යම ආසියාවට ආවා. එයාට ඕන වුණේ එයාගේ දුවලා දෙන්නාටත් යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්නයි. එයා ඒ තරම් පොහොසත් කෙනෙක් නොවුණු නිසා එයාගේ දෙමාපියනුයි, මල්ලියි, නෑනායි එක්ක එකම කාමර කෑල්ලක තමයි එයාට ජීවත් වෙන්න වුණේ. එයාගේ දෙමාපියන් තදින්ම එයාට කිව්වා දරුවන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි එයාගේ දුවලා දෙන්නාටත් කිව්වා අම්මාත් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන කතා කරන්න එපා කියලා.

ඒත් සරීනාට ඕන වුණා කොහොම හරි දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්න. ඒ නිසා ඒක කරන්න පුළුවන් කොහොමද කියලා එයා හුඟක් කල්පනා කළා. (හිතෝපදේශ 1:8) ඒ දේ කරන්න උදව් කරන්න කියලා එයා දිගින් දිගටම දෙවියන්ට යාච්ඤා කළා. ඊටපස්සේ එයාට කරන්න පුළුවන් දේ එයා කළා. එයා දුවලා දෙන්නාව ඇවිදින්න එක්කන් ගියා. එහෙම යන ගමන් එයා දෙවියන් නිර්මාණය කරලා තියෙන ලස්සන දේවල් ගැන දරුවන් එක්ක කතා කළා. දිගටම ඒක කරපු නිසා හැම දේම නිර්මාණය කරලා තියෙන දෙවියන් ගැන දැනගන්න දරුවන්ගේ හිත්වල ආසාවක් ඇති වුණා.

ඊටපස්සේ සරීනා ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’a කියන පොතේ තියෙන තොරතුරු දරුවන්ට උගන්වන්න ක්‍රමයක් හොයාගත්තා. එයා ඒ පොතේ තිබුණු ඡේදයි, ඒවාට අදාළ ප්‍රශ්නයි ඒ විදිහටම කොළේක ලිව්වා. ටිකක් පැහැදිලි කරන්න ඕනෙ කියලා හිතුණු දේවල් එයා වාක්‍යයකින් දෙකකින් වගේ විස්තර කළා. එයා ඒ කොළ කෑලියි, පැන්සලකුයි නානකාමරේ වොෂිං මැෂින් එක යටින් හැංගුවා. දුවලා දෙන්නා කාමරේ ඉන්න වෙලාවට එයාලා ඒ කොළ කෑලි අරන් ඒවා කියවලා ඒවාට උත්තරත් ලිව්වා.

වෙන ගෙදරක පදිංචියට යන කල් ඒ විදිහට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් පාඩම් දෙකක්ම සරීනා දුවලාට ඉගැන්නුවා. ඊටපස්සේ ඒ ගෙදරදී නිදහසේ දරුවන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න එයාට පුළුවන් වුණා. 2016 ඔක්තෝබර් මාසේ එයාගේ දුවලා දෙන්නාම බව්තීස්ම වුණා. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අම්මා දිගටම උදව් කරපු එක ගැන දුවලා දෙන්නා හුඟක් සතුටු වෙනවා.

a හුඟක් අය දැන් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත පාවිච්චි කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න