ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 159 ලිපිය
  • සතුන් ස්වර්ගයට යනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුන් ස්වර්ගයට යනවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සතුන් මැරුණාම මොකද වෙන්නේ?
  • පව් කරන්න සතුන්ට පුළුවන්ද?
  • සතුන්ට හිරිහැර කරන්න දෙවියන් අවසර දීලා තියෙනවාද?
  • සතුන්
    2015 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුන්ට හිංසා කිරීම—එය වැරදිද?
    1998 පිබිදෙව්!
  • දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?
    2011 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 159 ලිපිය
බල්ලෙක්

සතුන් ස්වර්ගයට යනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ පැහැදිලිව කියනවා පොළොවේ ඉන්න අයගෙන් ස්වර්ගයට යන්න අවස්ථාව ලැබෙන්නේ සීමිත සංඛ්‍යාවකට විතරයි කියලා. (එළිදරව් 14:1, 3) ඒ අය ස්වර්ගයට යන්නේ යේසුස් එක්ක රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න. (ලූක් 22:28-30; එළිදරව් 5:9, 10) ඒත් මිනිසුන්ගෙන් වැඩිදෙනෙක්ට අවස්ථාව ලැබෙන්නේ පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න.—ගීතාවලිය 37:11, 29.

බයිබලයේ සඳහන් වෙලා නැහැ බල්ලන් ඇතුළු සුරතල් සතුන්ට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. මොකද “ස්වර්ගයට යෑම සඳහා කැඳවීම” ලබන්න අවශ්‍ය දේවල් කරන්න සතුන්ට බැහැ. (හෙබ්‍රෙව් 3:1) ඒ දේවල් අතරට දෙවියන් ගැන දැනුම ලබාගන්න එක, දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක සහ දෙවියන් දීලා තියෙන අණපනත්වලට කීකරු වෙන එක ඇතුළත් වෙනවා. (මතෙව් 19:17; යොහන් 3:16; 17:3) සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් විදිහට දෙවියන් නිර්මාණය කළේ මිනිසුන්ව විතරයි.—උත්පත්ති 2:16, 17; 3:22, 23.

කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා මැරුණාට පස්සේ එයාට නැවත නැඟිටීමක් ලැබුණොත් විතරයි. (1 කොරින්ති 15:42) නැවත නැඟිටවීම් කිහිපයක් ගැනම බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. (1 රාජාවලිය 17:17-24; 2 රාජාවලිය 4:32-37; 13:20, 21; ලූක් 7:11-15; 8:41, 42, 49-56; යොහන් 11:38-44; ක්‍රියා 9:36-42; 20:7-12) හැබැයි කිසිම අවස්ථාවක මැරුණු සතෙකුව නැවත නැඟිටවලා තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

  • සතුන් මැරුණාම මොකද වෙන්නේ?

  • පව් කරන්න සතුන්ට පුළුවන්ද?

  • සතුන්ට හිරිහැර කරන්න දෙවියන් අවසර දීලා තියෙනවාද?

සතුන් මැරුණාම මොකද වෙන්නේ?

බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් මිනිසුන්ගේ ජීවිත වගේම සතුන්ගේ ජීවිතත් වටිනා දෙයක් විදිහට සලකනවා කියලා. (ගණන් කතාව 31:28) මිනිසුන්ව හදලා තියෙන්නෙත් සතුන්ව හදලා තියෙන්නෙත් “භූමියේ දූවිල්ලෙන්.” ඒ වගේම ඒ දෙගොල්ලන් තුළම “ජීවනයේ හුස්ම” තියෙනවා.—උත්පත්ති 2:7.

මිනිසුන් වගේම සතුනුත් මැරෙනවා කියලත් මැරුණාට පස්සේ ඒ දෙගොල්ලන්ම දූවිල්ලට හැරෙනවා කියලත් බයිබලයේ පැහැදිලිවම කියනවා. (දේශනාකාරයා 3:19, 20) ඒ කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනාගේ පැවැත්ම එතනින් අවසන් වෙනවා කියන එකයි.

පව් කරන්න සතුන්ට පුළුවන්ද?

බැහැ. මොකද පාපයක් කරනවා කියන්නේ දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නැති දෙයක් ගැන හිතන එකට නැත්නම් කරන එකට. පාපයක් කරන්න නම් කෙනෙක්ට තීරණ ගන්න හැකියාව තියෙන්න ඕනේ. හැබැයි සතුන්ට ඒ හැකියාව නැහැ. මොකද සතුන් ක්‍රියා කරන්නේ ඉවෙන්. උන්ට හිතලා බලලා නිවැරදි හරි වැරදි හරි තීරණයක් ගන්න බැහැ. (2 පේතෘස් 2:12, පැරණි අනුවාදය) උන් කිසි පාපයක් කළේ නැතත් ආයු කාලය සම්පූර්ණ වුණාම මැරිලා යනවා.

සතුන්ට හිරිහැර කරන්න දෙවියන් අවසර දීලා තියෙනවාද?

නැහැ. දෙවියන් සතුන්ව නිර්මාණය කළේ මිනිසුන්ගේ පාලනය යටතේ ජීවත් වෙන්න. හැබැයි සතුන්ට හිරිහැර කරන්න දෙවියන් මිනිසුන්ට අවසර දුන්නේ නැහැ. (උත්පත්ති 1:28; ගීතාවලිය 8:6-8) පුංචිම පුංචි කුරුල්ලන් ඇතුළු හැම සතෙක් ගැනම දෙවියන් සැලකිලිමත්. (යෝනා 4:11; මතෙව් 10:29) සතුන් ගැන සැලකිලිමත් වෙන්න කියලා දෙවියන් ඔහුගේ සේවකයන්ට අණ කරලත් තියෙනවා.—නික්මයාම 23:12; ද්විතීය කතාව 25:4; හිතෝපදේශ 12:10.

සතුන් ගැන සඳහන් වෙන බයිබල් පද

උත්පත්ති 1:28: “දෙවි ඔවුන්ට [මුල් මිනිස් යුවළට] ආශීර්වාද කර මෙසේ කීවේය. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.’”

තේරුම: සතුන්ව පාලනය කිරීමේ වගකීම දෙවියන් මිනිසුන්ට පැවරුවා.

හිතෝපදේශ 12:10: “ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි.”

තේරුම: යහපත් මිනිසුන් තමන්ගේ සුරතල් සතුන් ගැන විතරක් නෙවෙයි අනිත් සතුන් ගැනත් සැලකිලිමත් වෙනවා.

මතෙව් 10:29: “ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකටයි. උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා.”

තේරුම: පුංචිම පුංචි කුරුල්ලන් ඇතුළු හැම සතෙක් ගැනම දෙවියන් සැලකිලිමත්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න