ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 4 ලිපිය
  • මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • බීමත්කම හා සෞඛ්‍යය
    2005 පිබිදෙව්!
  • මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 4 ලිපිය
තම දෙමාපියන් මත්පැන් පානය කරනවා බලාගෙන ඉන්න දැරියක්

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න

“අපි දුවත් එක්ක පළවෙනි සැරේට මත්පැන් ගැන කතා කරද්දී එයාට අවුරුදු 6යි. ඒ ගැන එයා දන්න දේවල් ඇහුවාම අපි දෙන්නාට පුදුම හිතුණා.”—ඇලෙක්සැන්ඩර්.

  • දැනගන්න ඕන දේ

  • කරන්න පුළුවන් දේ

  • මත්පැන් ගැන බයිබලයේ කියන දේ

දැනගන්න ඕන දේ

කල් දාන්න එපා. මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න දරුවා තාම පුංචි වැඩියි කියලා හිතන්න එපා. රුසියාවේ ඉන්න හමිට් කියන දේ බලන්න. “අපේ පුතා මත්පැන්වලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තාම අපිට කරකියාගන්න දෙයක් නැති වුණා. එතකොට එයාට අවුරුදු 13යි. පුංචි කාලේදීම දරුවන් එක්ක මත්පැන් ගැන කතා කරන එක කොච්චර වැදගත්ද කියලා දැන් තමයි තේරෙන්නේ.”

මේ කාරණාත් සැලකිල්ලට ගන්න.

  • යාළුවන්ගෙන්, වෙළඳ දැන්වීම්වලින්, ටීවී එකෙන් දරුවා අහන දකින දේවල් මත්පැන් පානය කරන එක ගැන එයා හිතන විදිහට බලපාන්න පුළුවන්.

  • එක්සත් ජනපදයේ රෝග මර්ධන සහ වළක්වාගැනීමේ ආයතනවල දත්තවලට අනුව ඇමරිකාවේ මත්පැන් පානය කරන අයගෙන් 11%ක්ම බාල වයස්කාර දරුවන්.

ඒ නිසයි සෞඛ්‍ය නිලධාරීන් පවා කියන්නේ මත්පැන් පානය කරන එකේ තියෙන භයානක පැති ගැන පුංචි කාලේ ඉඳන්ම දරුවන්ව දැනුවත් කරන්න කියලා. ඒක කරන්න පුළුවන් කොහොමද?

කරන්න පුළුවන් දේ

කලින්ම හිතන්න. දරුවන්ට දේවල් ගැන දැනගන්න ලොකු කුතුහලයක් තියෙනවා. දරුවා ඉන්නේ යෞවන වයසේ නම් ඒ කුතුහලය තවත් වැඩියි. ඒ නිසා මත්පැන් ගැන එයා අහන්න ඉඩ තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ කලින්ම හිතන්න. උදාහරණෙකට . . .

  • දරුවා ඇහුවොත් මත්පැන් මොන රසද කියලා ඔයාට කියන්න පුළුවන් වයින් ඇඹුල් රසයි, බියර් නම් තිත්තයි කියලා.

  • දරුවාට මත්පැන්වල රස බලන්න ඕනෙ කියලා කිව්වොත්, මත්පැන් ගොඩක් සැර නිසා ඒක පොඩි අයගේ ශරීරයට හොඳ නැහැ කියලා එයාට කියන්න. මත්පැන් බිව්වාම වෙන දේ ගැන එයාට පැහැදිලි කරන්න. ඒකෙන් සතුටක් ලැබුණත් ඕනෑවට වඩා බිව්වොත් කරකැවිල්ලක් දැනෙනවා. සිහිකල්පනාව නැති වෙලා මෝඩ විදිහට හැසිරෙනවා. හීනෙකින්වත් කියන්න හිතපු නැති දේවල් පවා කටින් පිට වෙන්න ඉඩ තියෙනවා.—හිතෝපදේශ 23:29-35.

දැනුවත් වෙන්න. බයිබලයේ කියන්නේ “සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරයි” කියලා. (හිතෝපදේශ 13:16) මත්පැන් පානය කරන එක කෙනෙක්ගේ ශරීරයට බලපාන විදිහ ගැනත් ඔයා ඉන්න රටේ මත්පැන් ගැන තියෙන නීති මොනවාද කියලත් දැනුවත් වෙලා ඉන්න. එතකොට ඒ ගැන හරි අවබෝධයක් දරුවාට ලබා දෙන්න ඔයාට පුළුවන්.

කතා කරන්න මුලපුරන්න. බ්‍රිතාන්‍යයේ ජීවත් වන මාක් මෙහෙම කියනවා. “මගේ පුතාට අවුරුදු 8යි. මං එයාත් එක්ක වැඩක් කරකර ඉන්න ගමන් නිකං ඇහුවා මත්පැන් හොඳයිද නරකයිද කියලා. ඒ විදිහට බරපතළ දෙයක් ගැන කතා කරනවා කියන අදහස දෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට යාළුවෙක් වගේ එයාත් එක්ක කතා කරන්න. එතකොට දරුවන්ට විවෘතව අපිත් එක්ක කතා කරන්න ලේසියි.”

යම් කාරණයක් ගැන කීප සැරයක්ම කතා කරද්දී ඒකේ තියෙන බැරෑරුම්කම දරුවාගේ ඔළුවට යනවා. මාර්ග නීති ගැන, ලිංගික කාරණා ගැන දරුවාගේ වයසට අනුව ටිකෙන් ටික පැහැදිලි කරලා දෙනවා වගේ මේ කාරණය සම්බන්ධයෙනුත් දෙමාපියන් දරුවාව දැනුවත් කරන එක අත්‍යවශ්‍යයි.

අවවාදයට වඩා ආදර්ශය උතුම්. සාමාන්‍යයෙන් දරුවන් එයාලට කිට්ටු අය, විශේෂයෙන්ම දෙමාපියන් කරන කියන දේවල් දිහා බලලා ඒ විදිහට දේවල් කරන්න පෙලඹෙනවා. හිතන්න, ඔයා පීඩනයෙන්, කනස්සල්ලෙන් මිදෙන්න නැත්නම් මහන්සිය නැති කරගන්න මත්පැන් පානය කරනවා කියලා. ඒක ඔයාගේ දරුවා දැක්කොත් එයාත් හිතයි ඒ වගේ දේවලට විසඳුම මත්පැන් පානය කරන එක කියලා. ඔයා කරන කියන දේවල් දරුවාට බලපානවා කියලා අමතක කරන්න එපා.

තව මත්පැන් පිළිගන්වද්දී ඒක ප්‍රතික්ෂේප කරන මවක් දිහා බලාගෙන ඉන්න දැරියක්

ඔයා කරන කියන දේවල් දරුවාට බලපානවා කියලා අමතක කරන්න එපා

මත්පැන් ගැන බයිබලයේ කියන දේ

අපි ප්‍රීතියෙන් ඉන්නවාටයි දෙවියන් කැමති. ‘සිත් සතුටු කරන වයින් යෙහෝවා දෙවි සපයා දෙන්නෙහිය’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 104:14, 15) මත්පැන්වලින් යම් සතුටක් ලබන්න පුළුවන්.

ඒත් මත්පැන් පානය කරද්දී එහි සීමාව හඳුනාගන්න එක වැදගත්. මොකද “වයින් සමච්චල් කරන්නෙකි. මත්පැන් කෝලහල ඇති කරන්නෙකි. එයින් මුළාව යන්නෝ අඥානයෝය” කියලා බයිබලයේ කියනවා.—හිතෝපදේශ 20:1.

දෙවියන් හෙළා දකින්නේ බේබදුකම මිසක් මත්පැන් පානය කරන එක නෙමෙයි. බයිබලයේ කියන්නේ ‘බේබද්දන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ’ කියලයි.—1 කොරින්ති 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න