ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 109 ලිපිය
  • ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • මිනිසුන්ව බියගැන්වූ ලෝකාන්තිමය කෝ?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘අවසානය!’ - අදහස් කරන්නේ මොකක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මේ ලෝකය විනාශ වෙයිද?
    මේ ලෝකය විනාශ වෙයිද?
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 109 ලිපිය
වෙලාව දොළහට කිට්ටු වෙලා

ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ලෝක විනාශය වෙන්නේ කවදාද කියලා දැනගන්න නම් මුලින්ම ලෝකය කියන වචනය බයිබලයේ යොදාගෙන තියෙන විදිහ තේරුම්ගන්න ඕනේ. “ලෝකය” විදිහට පරිවර්තනය කරලා තියෙන “කොස්මොස්” කියන ග්‍රීක වචනය හුඟක් වෙලාවට යොදාගෙන තියෙන්නේ මිනිස් වර්ගයාව හඳුන්වන්න. විශේෂයෙන්ම දෙවිගෙන් ඈත් වුණු, දෙවිගේ කැමැත්ත කරන්නේ නැති මිනිසුන්ව විස්තර කරන්න ඒ වචනය යොදාගෙන තියෙනවා. (යොහන් 15:18, 19; 2 පේතෘස් 2:5) සමහර අවස්ථාවලදී මිනිස් සමාජය විස්තර කරන්නත් ඒ වචනය යොදාගෙන තියෙනවා.—1 කොරින්ති 7:31; 1 යොහන් 2:15, 16.a

‘ලෝක විනාශයේදී’ සිද්ධ වෙන්නේ මොනවද?

හුඟක් බයිබල්වල දකින්න තියෙන “ලෝක විනාශය” කියන යෙදුම “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” විදිහටත් යොදන්න පුළුවන්. (මතෙව් 24:3) ඒ යෙදුමෙන් අදහස් වෙන්නේ මිනිස් සමාජයට වෙන්න යන විනාශයක් ගැන මිසක් පොළොවටවත් මිනිස් වර්ගයාටවත් වෙන්න යන විනාශයක් ගැන නෙවෙයි.—1 යොහන් 2:17.

බයිබලයේ සඳහන් වෙන විදිහට ‘දුෂ්ටයන්ව විනාශ කරනු ලබන’ නිසා යහපත් මිනිසුන්ට පොළොවේ සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (ගීතාවලිය 37:9-11) ඒ විනාශය සිද්ධ වෙන්නේ ‘මහත් පීඩාවේ’ අවසන් අදියර වන “හර්–මගෙදොන්” යුද්ධයේදියි.—මතෙව් 24:21, 22; එළිදරව් 16:14, 16.

ලෝක විනාශය සිද්ධ වෙන්නේ කවදාද?

යේසුස් මෙහෙම කිව්වා. “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.” (මතෙව් 24:36, 42) ඒ වගේම ලෝක විනාශය සිද්ධ වෙන්නේ “ඔබ නොසිතන පැයකදීයි” කියලත් යේසුස් කිව්වා.—මතෙව් 24:44.

ඒක වෙන දවසවත් පැයවත් අපි හරියටම දන්නේ නැති වුණත් ලෝක විනාශය ළං වෙද්දී සිද්ධ වෙන දේවල් ගැන “ලකුණක්” යේසුස් දුන්නා. (මතෙව් 24:3, 7-14) ඒකට සිදුවීම් ගණනාවක්ම ඇතුළත් වෙනවා. ඒ දේවල් ඉටු වෙන කාලය බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “අවසාන කාලය” හැටියටයි.—දානියෙල් 12:4; 2 තිමෝති 3:1-5

ලෝක විනාශයේදී හැම දෙයක්ම විනාශ වෙයිද?

නැහැ. මේ පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ පොළොව “කිසිදා නොසෙල්වෙන අයුරින්” හදලා තියෙනවා කියලයි. (ගීතාවලිය 104:5) ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය, ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය’ කියලා බයිබලයේ සඳහන් අනාවැකිය ඇත්තක් කරවමින් එදාට මුළු පොළොවම මිනිසුන්ගෙන් පිරී ඉතිරී යනවා. (ගීතාවලිය 37:29) පොළොව නිර්මාණය කරද්දී දෙවියන් බලාපොරොත්තු වුණු මේ දේවල් එදාට අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.

  • මුළු පොළොවම පාරාදීසයක්.—යෙසායා 35:1; ලූක් 23:43.

  • කිසි දේකින් අඩුවක් නැති සුරක්ෂිත ජීවිතයක්.—මීකා 4:4.

  • තෘප්තියක් ලබන්න පුළුවන් අර්ථවත් වැඩ ඇති තරම්.—යෙසායා 65:21-23.

  • ලෙඩ රෝග, මහලු වයස තවත් නැහැ.—යෝබ් 33:25; යෙසායා 33:24.

පාරාදීස පොළොවේදී මුහුදු වෙරළක සතුටු වෙන පිරිසක්

a සමහර බයිබල්වල “අයි-ඔන්” කියන ග්‍රීක වචනයත් “ලෝකය” විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වචනයෙනුත් යොමු දැක්වෙන්නේ මිනිස් සමාජය කියන අදහසමයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න